
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
අඟුරුවාතොට බටගොඩ හන්දියේ දී ඊයේ රාත්‍රී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් බරපතළ තුවාල ලද පුද්ගලයෙකුගේ මළ සිරුරක් බටගොඩ වෙල්යායක තිබී අද අලුයම සොයාගත් බව අතට පොලිසිය කියයි
සිද්ධියෙන් මියගොස් ඇත්තේ බටගොඩ යටවර ප්‍රදේශයේ පදිංචිව සිටී මංගල ප්‍රේමවර්ධන නැමැති 36 හැවිරිදි පුද්ගලයෙකි
සිද්ධියෙන් තුවාල ලැබූ දෙපිරිසේම පුද්ගලයන් පස්දෙනෙකු කොළඹ, නාගොඩ හා හොරණ රෝහල් වල ප්‍රතිකාර ලබයි
බටගොඩ ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකදී ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් බටගොඩ හන්දියේ දී මෙම ගැටුම හටගෙන තිබූ බව පොලිසිය කියයි
සැකකරුවන් කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත
අඟුරුවාතොට පොලිසිය පරීක්ෂණ පවත්වයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd