
රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවෙන් සහ ඉන්පසු හටගත් අතුරු භූමි කම්පාවලින් පසු ජපානයේ පිහිටීම වෙනස් වී ඇතැයි එරට භූ විද්‍යාඥයෝ පවසති.
භූ විද්‍යාඥයන්ට අනුව, ජපාන භූමියේ පිහිටීම මීටර් 4 කින් ඉහළට එසවී ඇති බවත්, මීටරයකින් බටහිර දෙසට තල්ලු වී ඇති බවත් පැවැසෙයි. ජපානය ප්‍රධාන දූපත්වලින් සහ කුඩා දූපත්වලින් සැදුම්ලත් දූපත් රාජ්‍යයකි.
භූ විද්‍යාඥයන් මේ බව පැවැසුවේ, ඔවුන් ලබා ගත් දත්ත සහ චන්ද්‍රිකා ඡායාරූප පාදක කර ගනිමිණි. රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවෙන් පසු අතුරු භූමි කම්පා 155 ක් ජපානය කැලැඹූ බව එරට භූ විද්‍යාඥයෝ පවසති.
ප්‍රබල භූමි කම්පාවෙන් සහ අතුරු භූමි කම්පාවලින් ජපානය කැලැඹුණේ පසුගිය පළමු වැනිදා සවසය. භූමි කම්පාවෙන් මියගිය ගණන 78 කි. නිවාස සහ ගොඩනැගිලි බිමට සමතලා වී අතුරුදන් වූ ගණන 50 කි. මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව පැවැසෙයි. භූමි කම්පාවෙන් තුවාල ලැබූ ගණන 330 දක්වා ඉහළ ගොස් ඇතැයි ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
69
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2016
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
භූමි කම්පාව ජපානයේ පිහිටීම වෙනස් කරලා