
(යොහාන් භාසුර)
පාරිභෝගිකයාට වඩාත් ලාභදායි වෙළෙන්දාගෙන් භාණ්ඩ මිලදී ගැනීමට මඟ පෙන්වීමක් ලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හයක මීට පෙර නිකුත් කර තිබූ උපරිම තොග සහ සිල්ලර මිල පරාස සංශෝධනය කළ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා අද (12) නිවේදනය කළේය.
ඒ අනුව වියළි මිරිස්, සුදු සීනි, ආනයනික හාල්මැස්සන්, ආනයනික ලොකු ලූණු, ආනයනික අර්තාපල් සහ මයිසූර් පරිප්පු යන භාණ්ඩලවල උපරිම තොග සහ සිල්ලර මිල අඩු කර තිබේ.
වියළි මිරිස් කිලෝවකට රුපියල් 840 ක, සුදු සීනි කිලෝවකට රුපියල් 262 ක, ආනයනික හාල්මැස්සන් කිලෝවකට රුපියල් 850 ක, ලොකු ලූණු කිලෝවකට රුපියල් 310 ක, අර්තාපල් කිලෝවකට රුපියල් 110 ක සහ පරිප්පු කිලෝවකට රුපියල් 290 ක දකවා තොග මිල අඩු කර තිබේ.
වියළි මිරිස් කිලෝවක් රුපියල් 970 ත් 1100 ත් අතර, සුදු සීනි කිලෝවක් රුපියල් 275 ත් 310 ත් අතර, හාල්මැස්සන් කිලෝවක් රුපියල් 1050 ත් 1250 ත් අතර, ලොකු ලූණු කිලෝවක් රුපියල් 330ත් 400ත් අතර, අර්තාපල් කිලෝවක් රුපියල් 150ත් 200ත් අතර සහ පරිප්පු කිලෝවක් රුපියල් 310 ත් 380 ත් අතර සිල්ලර මිලක් ප්‍රසිද්ධ කර තිබේ.
2025 දෙසැම්බර් මස 16
61
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
855
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
613
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
භාණ්ඩ වර්ග හයේ මිල නැවත සංශෝධනය කරයි