IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


භික්ෂූන් වහන්සේලා 16 නමක් ස්වයං නිරෝධායනයේ

 

(සුමතිපාල දීයගහගේ)


අහංගම ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂූන්වහන්සේ නමක් මිනුවන්ගොඩ ඥාති නිවසකට ගොස් ආපසු විහාරස්ථානයට වැඩම කිරිම නිසා එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා 16 නමක් අද (6) සිට විහාරස්ථානයේම ස්වයං නිරෝධායනයට යොමු කළ බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි පමෝද සිරිවර්ධන මහතා පැවසීය. 

මෙම විහාරස්ථානයේ වැඩ සිටින එක් භික්ෂූන් වහන්සේ නමක් පසුගිය 29 වන දින දිවුලපිටියේ පදිංචි තම පුංචි අම්මාගේ නිවසට ගොස් එහි එක් දිනක් ගත කර පසු දින නැවත අහංගම විහාරස්ථානය වෙත වැඩම කර ඇත. මේ අතර ඊට පෙර මිනුවන්ගොඩ ඇගලුම් කම්හලක සේවය කරන සේවිකාවක් මිනුවන්ගොඩ පිහිටි එම නිවසට පැමිණි බව හිමියන්ගේ ඥාතින් විසින් අහංගම විහාරස්ථානයේ හිමියන්ට දැනුම්දී තිබේ.

එම සේවිකාව කොරෝනා ආසාදිතයකු යයි තහවුරුවී නැති බවද වාර්තාවේ. ඒ අනුව මෙම විහාරස්ථානයේ විහාරධිපති හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා 16 නමක් ස්වයං නිරෝධායනයට  යොමු කර තිබේ.

නිරෝධායනය වෙමින් සිටින අතරේ මෙම භික්ෂුන් වහන්සේලා පි සී ආර් පරීක්ෂණයකට යොමු කරන බවද වෛද්‍ය පමෝද සිරිවර්ධන මහතා පැවසීය.



අදහස් (0)

භික්ෂූන් වහන්සේලා 16 නමක් ස්වයං නිරෝධායනයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31674 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14138 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11117 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 190 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site