
(ජේ.ඒ.එල්.ජයසිංහ සහ ෂේන් සෙනෙවිරත්න)
විවිධ වැරදි සඳහා බන්ධනාගාර ගත වන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් බන්ධනාගාර තුළ රඳවා තැබීම සඳහා වෙනම සිරමැදිරි ස්ථාපිත කළ යුතු යැයි තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක හිමිපාණන් වහන්සේ බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් අධ්යක්ෂ) සේනක පල්ලේතැන්න මහතා හමුවේ පැවැසීය
බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් අධ්යක්ෂ) සේනක පල්ලේතැන්න මහතා ඇතුලු බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරින් පිරිසක් මහනාහිමියන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේ ඒ බව පැවැසීය.
එහිදී, වැඩි දුරටත් බන්ධනාගාර ප්‍රධානීන් හමුමේ අදහස් දැක්වූ මල්වතු මහා නාහිමියෝ ,නව බන්ධනාගාර ආරම්භ කිරීම නොව කළ යුත්තේ ,පුද්ගලයන් විවිධ වැරදි සඳහා බන්ධනාගාර ගතවීම වළක්වාලීම සඳහා කිසියම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමයි.
භික්ෂූන් වහන්සේලා බන්ධනාගාර ගතවූවාම වෙනම ස්ථානයක රඳවා තබන යෝජනාවක් මීට කලින් පැවති රජයවල් යටතේ පැවතියා, එම යෝජනාව ඉතා සුදුසුයි ,එය ක්‍රියාත්මක කරනවා නම් යෝග්‍යයි,
මහනුවර නගරය මැද තිබුණු බෝගම්බර බන්ධනාගාරය වෙනත් වැඩකට යොදවා ගනිවී කියල අපි හිතුවා ඒත් ඒක යළිත් සිරකරුවන් රඳවා තබන ස්ථානයක් බවට පත් කරල.
එය සුදුසු නැහැ,මේ ගොඩනැගිල්ල කිසියම් ප්‍රයෝජනවත් කටයුත්තකට යොදවා ගත යුතු බවටයි මම යෝජනා කරනවා. මෙම පැරණි බන්ධනාගාර ගොඩනැගිල්ලෙන් සිරකරුවන් ඉවත් කර ,දේශීය අත්කම් භාණ්ඩ ප්‍රදර්ශණ මධ්‍යස්ථානයක් සඳහා යොදවා ගත්තා නම් වඩාත් හොඳයි,.
මල්වතු මහා නාහිමියන් හමුවේ කරුණු පැහැදිලි කළ ,බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් අධ්‍යක්ෂක) සේනක පල්ලේතැන්න මහතා ,
මහනුවර නගරයේ බෝගම්බර බන්ධනාගාරය තාවකාලිකවයි රැඳවියන් රඳවා තැබීමට යොදවා ගත්තේ, බන්ධනාගාර වල රැඳවියන්ගේ තදබදය අඩුකිරීම සඳහා එය යළි යොදවා ගත්තත් ,එය වෙනස් කිරීමට පියවර ගන්නවා , දැනට රැඳවියන් 130 ක් පමණයි මෙහි රඳවා ඉන්නේ.
පුද්ගලයන් විවිධ වැරදි සඳහා බන්ධනාගාර ගතවීම වැඩිවීමෙන් බන්ධනාගාර වල තදබදය වැඩි වෙනවා ,ඒ සඳහා තාක්ෂණික ක්‍රමවේදයක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා,
මත් ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ වූවන් බන්ධනාගාර වල වැඩි සංඛ්‍යාවක් සිටිනවා ,මේ අය සම්බන්ධව අවදානය යොමු කර ,බන්ධනාගාර තදබදයට විසඳුමක් ලෙස,වැරදි කරුවන් ඔවුන්ගේ නිවාස වලම රඳවා තැබීමේ (house prison) වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබෙනවා.
අලුතෙන් බන්ධනාගාර ඉදිකිරීමක් සිදු කරන්නේ නැහැ ,ඒත් වෙනත් බන්ධනාගාර වල පහසුකම් වැඩි දියුණු කරල ,තදබදය වැඩි බන්ධනාගාර වල රඳවා සිටින රැඳවියන් වෙනත් බන්ධනාගාර වලට යොමු කිරීමට පියවර ගන්නවා ,

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිර ගෙදරට නොයන විදිහට කටයුතු කරන්නයි, ධර්මයේ හැසිරෙන්නයි කියලා අවවාද අනුශාසනා කළොත් නරකද මහ නායක හාමුදුරුවනේ?
මේ හාමුදුරුවන්ට මේක බෝදි පුජාවක් තියලා. ගිය නඩෙත් එක්ක බුදු හිමියන්ගෙන් ඉල්ලුවානම් නරකද. වැරදි වැඩ නෙමේ කරන්නෙ. දුශිත වැඩ. අසරන දරුවන් කෙලසනවා. අබුවන් තියා ගන. මත් පැන් බොනවා ඒ වේලාවට චීවරය බිම වෙන්න ඇති නේද. සිර කුටි අවශ්‍ය නැහැ පන්සලෙන් නෙරපන්න ඕන. ඉන්න්ව්ත් පිනට හිරගෙදරට ගිහින් කන්නෙත් පිනට. රටට ජනතාවට සේවයක් නැහැ දුප්පත් ජනතාව බඩට නොකා දානය දෙනවා. ඒ නිසා තමයි මේ වගෙ දේවල් වෙන්නෙ. පොඩි හිමි නමකටවත් ඉන්න දෙනවද සේරම බලු වැඩ කරන්නෙ හැට පැනපු. නායකයින්. සිර ගෙවල් අව්ශ්ය නැහැ. නාකි මයිනා කාලේ ඉල්ලන්න තිබුනා මාලිගාවක් හදලා දෙනවා. හාමුදුරුවන් තමන් ගෙ ඉත්තන්ට තියාගන නෙ හිටියේ. නාකිමයිනගෙ පරම්පරාව දාන්න වැලිකඩ හිස් කරන්න වෙනවා
ඉතින් ඇයි වැරදි කරන්නේ.
හාමුදුරුවන්ට පන්සලක් හදන්න. හිරගෙවල් හාමූදුරුවන්ට කැප නෑ.ඔල්මොරොන්දන් කතා නොකියා හිටිය නම්...
බුදුන් වහන්සේ හිටියනං මේක අහල කලන්තෙ දාල වැටෙනවා.
ඒ මැදිරියේ ආවතේව සදහා පිං පිණිස මගේ ස්පා එකේ වැඩකරන උපාසිකාවන් පූජා කරන්න මම ඉදිරිපත් වෙනවා.
මගුලක් කියනවා. බුද්ධ චීවරයෙ ඉදං නීති විරෝ්ධී වැඩ කලා නං බෙල්ලට දංවැල් දාලා එලියෙ තියෙන ගස්වල ගැටගහල තියන්න ඕන.
ඊට නරකද හැම පංසලේම සිර කුටිය බැගිං හදන්න යෝජනා කලානං.
ඒකට දාතුකරඩුවකුත් වඩම්මනවැයි?
භික්ෂූන්ට වෙනම සිර මැදිරි නොව විසඳුම විය යුතු සිර දඬුවමට ලක්වූ චීවරධාරීන් සසුනින් නෙරපීම නේද?
ඊට වඩා හොඳ නැද්ද හාමුදුරුවනේ වැරදි කරන භික්ෂුන් සාසනයෙන් එලවා දමන එක .
සිර ගේ හොස්ටල් එකක් නෙමේ . ..වෙනම සිරමැදිරි හදල කන්න බොන්න දීල තියාගන්න .....පිනට කාලා ඔක්කොම වැරදි ටික කරලා ශෝක් එකට හිරේ යයි .සැපට ඉන්න බලාගෙන