
(අංජුල මහික වීරරත්න)
බොරැල්ල ආයුර්වේද ජාතික රෝහල් පරිශ්‍රයේ අට මහල් ගොඩනැගිල්ලේ වැඩ මේ වසරේ අවසන් කොට එහි ප්‍රතිකාර සේවා අරඹන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.
දැනට වසර දහයකට පමණ පෙර මෙහි ඉදිකිරීම් ආරම්භ විය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම නව ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් නිරීක්ෂණය කළ අතර අදාල ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා රජය රුපියල් මිලියන 450 ක මුදලක් වෙන් කර තිබූ අතර මෙවර අයවැයෙන් ද රුපියල් මිලියන 300 ක මුදලක් වෙන් කෙරිණි.
මෙම නව ගොඩනැගිලි සංකීර්ණයේ ඇඳන් ධාරිතාවය 340 කි. මුදල් ගෙවා ප්‍රතිකාර ලබා ගැනීමේ ඉහළ පහසුකම්වලින් සමන්විතව ස්ථාපිත කර ඇති කාමර ගණන 82 ක් වන අතර ශල්‍යාගාර, ඖෂධ නිෂ්පාදනාගාර, පංචකර්ම ඒකක, යෝග අභ්‍යාස ඒකක ද මෙයට ඇතුළත් ය.
යාපනය, නැගෙනහිර, කොළඹ සහ යක්කල යන විශ්වවිද්‍යාල වලින් ආයුර්වේද, සිද්ධ, යුනානි යන වෛද්‍ය කර්මයන් සදහා අධ්‍යන වල නිරත වන උපාධි හා පශ්චාත් උපාධි අපේක්ෂකයන් 600 ක් වෙනුවෙන් සායනික පුහුණු වීම් සදහා පසුකම් ද මෙම නව ගොඩනැගිලි සංකීර්ණයේ සැලසෙනු ඇත.
1929 වර්ෂයේ දී ආරම්භ කරන ලද බොරැල්ල ආයුර්වේද ජාතික රෝහලේ මේ වනවිට ඇඳන් ධාරිතාවය 216 කි. එහි වාට්ටු සංඛ්‍යාව 11 ක් වන අතර ගෙවන කාමරවලින් ද යුක්ත වේ.
2025 දෙසැම්බර් මස 04
147
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
363
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බොරැල්ල ආයුර්වේදයේ අටමහල් ගොඩනැගිල්ලේ වැඩ මේ වසරේ අවසන්
Anura Monday, 24 March 2025 01:16 PM
අටමහල් ගොඩනැගිල්ලට අපේ සුබ පැතුම්
විමල් Monday, 24 March 2025 07:32 PM
මෙහි දිනකට නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව හොයලා කියන්න පුළුවන්ද? මගේ යාලුවෙක් නැවතිලා හිටියා. ඇඳන් බාගෙට බාගයක් හිස්ලු. මහ බොරුවක් කෙරෙන්නේ කියලා කිව්වා. මම දන්නේ නෑ. මට කිව්ව දෙයක්...!
රෙක්ස් Tuesday, 25 March 2025 08:46 AM
ඇත්ත කතාවනම් ආයුර්වේද දොස්තරලා 99% ක්ම තමන්ගෙ පුද්ගලික ඩිස්පෙන්සරිවල දෙන්නෙ ඉංග්‍රීසි බේත්.