
(අජන්ත කුමාර අගලකඩ සහ යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සිය ධුරවලින් ඉල්ලා අස්වි ඇත.
සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති කාර්යාලය වෙත ඊයේ (2) යවා ඇතැයි වාර්තා වෙයි.
සභාපති සංජය මොහොට්ටාල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන හර්ෂ සුබසිංහ, ආචාර්ය හර්ෂ කබ්රාල් සංජය කුලතුංග සහ ජෙයමින් පැල්පොළ යන මහත්වරුන් මෙසේ සිය ධුරවලින් ඉල්ලා අස් වී ඇත.
මේ අතර ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පසන් වනිගසේකර මහතා ද ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වෙයි.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ඉතා ඉහළ වැටුප් තල යටතේ නිලධාරීන් රැසක් බඳවා ගෙන ඇති බවට සහ අමාත්‍ය මණ්ඩලය නොමඟ යවමින් එම බඳවා ගැනීම් කර ඇති බවට ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී ද පසුගියදා චෝදනා එල්ල විය .
මෙ අතර, ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයට විරෝධය පළ කරමින් එහි සේවකයන් අතිබහුතරයක් ජනාධිපතිවරයාට බාරදිම සඳහා පෙත්සමක්ද අත්සන් කළ අතර, ආයෝජන මණ්ඩලයේ සේවකයන් 1100ක පමණ පිරිසෙන් අටසිය පනස් දෙනකු පමණ ඊයේ (2) වන විට ඊට අත්සන් තබා ඇතැයිද වාර්තා වේ .
COMMENTS
තවත් නාට්‍ය සංදර්ශනයක් වත්ද?
අස්වෙනකොට පඩි අරගෙන ඉවරයි. කෝ නීතිය? අස්වුණාම ඔක්කොම නිදහස්... මේ කාලකණ්ණි හිරේට දානකම් ජනතාව බලන් ඉන්නේ..
ගොඩක් හොඳයි.. රජයට ඕනෑ මේවා නිවැරැදි කරන්නයි.
ලංකාවේ තිබෙන හොඳම හොරගුහාවේ හොර එළි කළාම මේ අය බලය පෙන්නන එකට ඉල්ලා අස්වෙනවා. හම ගහන්න ඕනෑ මේ වගේ උගත් හොරු... චීනේ වුණා නම් මෙලහට පෝලිම් ගස්සලා වෙඩි තියලා..
මේ අය සමීප හිතවතුන් නිසා මොනවත් වෙන්නේ නැ