විදුලි බිල නොගෙවීම හේතුවෙන්, ඝානා පාර්ලිමේන්තුවේ විදුලිය විසන්ධි කිරීමට එරට විදුලිබල සමාගම පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

විදුලිය බලය විසන්ධි කර ඇත්තේ, ඩොලර් මිලියන 1.8ක් නොගෙවීම හේතුවෙන් යැයි ද පැවැසෙයි.

මෙසේ විදුලිය බලය විසන්ධි කර ඇත්තේ එරට ජනාධිපති නානා අඩ්ඩෝ පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් විවාදය පැවැත්වෙන අතරතුර වීම ද විශේෂත්වයකි.