
(බී.ජි. චතුරංග )
යම් රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිටි බිරිඳ පොරෝ පහරින් බරපතල කැපුම් තුවාල ලැබූ සැමියා මියගොස් ඇතැයි ඉපලෝගම පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ඉපලෝගම, ගන්තිරියාගම ප්‍රදේශයේ පදිංචිව සිටි පුංචි බණ්ඩාගේ උක්කු බණ්ඩා නැමැති 74 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධියට සම්බන්ධ මරණකරුගේ බිරිඳ වන අවුරුදු 59ක කාන්තාව අත්අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කළේය.
මරණකරු සිය නිවසේ සාලයේ විවෘත කොටසේ බිම නිදා සිටියදී, ඔහුගේ බිරිඳ වන සැකකාරිය මරණකරුගේ හිසට පොරවකින් පහර දී තිබේ.
COMMENTS
ඔය ගැනිට තව උදව් ඇති