IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


බිඳ වැටුණු කෘෂිකර්මය ගොඩගන්න ජනපති සාකච්ඡාවක් කැඳවයි

(අංජුල මහික වීරරත්න)

කෘෂිකර්ම, පශු සම්පත් සහ වාරිමාර්ග ක්ෂේත්‍රයට සිදුව ඇති හානිය සහ ඒ හමුවේ ගත යුතු කඩිනම් පියවර පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් වී, බඩඉරිඟු, ධාන්‍ය සහ එළවළු වගාවන්ට සිදුව ඇති හානිය සම්බන්ධව පවතින සංඛ්‍යා දත්ත සහ අදාළ ගොවීන්ට වන්දි ලබා දීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

පශු සම්පත් සහ වාරිමාර්ග ක්ෂේත්‍රයට සිදුව ඇති බලපෑම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර වාරිමාර්ග පද්ධතියට සිදුව තිබෙන හානිය ගණනය කොට එය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඊට අදාළ සැලසුම් සකස් කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත, කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. ඒ. ආර්. ටී. වික්‍රමආරච්චි, වාර්මාරිග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි වැලිගෙපොල, සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කේ. කේ. සරත් යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහූ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (3)

බිඳ වැටුණු කෘෂිකර්මය ගොඩගන්න ජනපති සාකච්ඡාවක් කැඳවයි

Toni Friday, 05 December 2025 12:33 PM

සාකච්ඡා කරනවා. බලාපොරොත්තු වෙනවා. සිතමින් ඉන්නවා. අපේක්ෂා කරනවා. සැලසුම් කරනවා.

:       2       2

Susantha Friday, 05 December 2025 12:41 PM

මෙච්චර කාලයකට හැදුවේ කක්කුස්සියකුයි, පයිප්පයකුයි. දෙවන මහලට මුල්ගලකුයි. විනාශ වුණු මුළු රටම හදන්න කොච්චර කාලයක් යයිද මේ සනුහරේටම...

:       3       2

මාලිමා හිඟන්නා Friday, 05 December 2025 01:19 PM

කතා පවත්වන්න සූරයා. කට උල් කර කර අත ගුළි කරකර වෛරය , මාන්නය , අපහාසය වපුනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 74 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 355 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 367 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site