
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හමුදා ප්‍රධානීන් තිදෙනකුට සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව එක්සත් රාජධානිය පැනවූ සම්බාධක පිළිබඳ රජයේ ස්ථාවරය අද (26) සවස දැනුම්දෙන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් අදාළ ස්ථාවරය දැනුම්දෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
යුද සමයේ මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ චෝදනා එල්ල කරමින් මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනකුට සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුට සම්බාධක පනවන බව එක්සත් රාජධානිය නිවේදනය කළේය.
හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය සහ කලක් කොටි සංවිධානයේ නැගෙනහිර නායකයාව සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ට මෙලෙස සම්බාධක පනවන බව දැනුම් දී තිබිණි.
COMMENTS
නුඹලා මොනවා කියන්නද? හොඳ නැකතක් එනකල් හිටපල්ලා...
කොටි හිතවාදී මාලිමා සපෝටර්ලා සනසන්නත් ඕනා. කොටින්ටම කඩේ යන බටහිර රටවල් සතුටු කරන්නත් ඕන. ආණ්ඩුවේ උපදේශිකා ජුලි එක්කෙනාට කන් දෙන්නත් ඕන. මාලිමාව වටා ගොනු උණු ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න කතා කල බොරු රණවිරුවෝ සනසන්නත් ඕන. හපොයි මාලිමාවට වෙච්ච දෙයක්! එකම සැනසිල්ල තියෙන්නේ අරවින්ද මොනරේ, භද්‍රානි, රට පෙරට, ගමේ ඒකාල වැනි නොයෙක් නම්වලින් සමාජ මාධ්‍ය තුළ පහරන එහෙයියෝ ටික විතරයි. ආණ්ඩුව කරන ඕනෑම මෝඩ වැඩක් හේදීමනේ උන්දලාගේ කාරිය නිසා.
ආන්ඩුවේ පමාවෙන්ම පේනවා ඔවුන්ගෙ ආකල්පය මේ ගැන. දුකයි.
Ranfer and Max, මඩ නැතුව ඉන්නම බෑනේ.... ආණ්ඩුව රාජතාන්ත්‍රික ප්‍රතිචාර දක්වයි ...කලබල වන්න එපා.
මැක්ස් කියන හාදයා මොලේ උඩ වෙන්ඩැ ඉන්නේ.කාටවත් කඩේ නොයා, හරිදේ හරි විදියට ත් වැරදි දේ වැරදි යයි පිළිගැනීමත් තමා විය යුත්තේ?