IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


බස් රියදුරුට පහර දුන් දකුණු පළාත් සභා මන්ත්‍රී සහ බිරිය 13 දක්වා රිමාන්ඩ්


(නිමන්ති රණසිංහ)

තලංගම කොස්වත්ත මංසන්ධියේදී පෞද්ගලික බස් රථ රියැදුරෙකුට පිස්තෝලයකින් පහරදී තුවාල සිදුකර සාපරාධී බියගැන්වීමක් සිදුකළැයි කියන සිද්ධියට අදාළ දකුණු පළාත් සභා මන්තී‍්‍ර එම්. කේ. කසුන් සහ ඔහුගේ බිරිද තාරකා පෙරේරා ලබන (13)  දක්වා රක්ෂිත බන්ධනගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත‍්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා නියෝග කළේය.

තලංගම පොලීසිය විසින් මෙම සැකකරුවන්, තුවක්කු ආඥාපනතේ 44 (අ) සහ 44 (ආ)  සහ ලංකා දණ්ඩ නිති සංග‍්‍රහයේ 314 හෝ 316 වගන්ති යටතට ගැනෙන වැරදි  සිදුකර ඇතැයි සදහන් කරමින් අධිකරණය වෙත බී වාර්තාවක් සමඟ  ඉදිරිපත් කර තිබිණි.

එසේම, මෙම සිද්ධියට අදාළ පැමිණීලිකාර පුද්ගලික බස් රථ රියැදුරා තමන්ට පහර දුන් බවට දකුණු පළාත් සභා මන්තී‍්‍ර එම්. කේ. කසුන් මහතා විසින් පැමිණීල්ලක් ඉදිරිපත් කරනු ලැබූ අතර, එම සිද්ධියද අධිකරණය හමුවේ කැදවනු ලැබීය. 

ඒ අනුව දණ්ඩ නිති සංග‍්‍රහයේ 314 හෝ 316 වගන්ති සමග කියැවෙන වරදක් මෙම සැකකරු සිදුකර ඇතැයි කියමින් පොලීසිය අදාළ බස් රථයේ රියැදුරු වූ කොළොන්නේ පදිංචි මිලින්ද සනත් සුගතපාල යන අය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළේය. 

එහිදී රුපියල් ලක්ෂ දෙකබැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරීමට  මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ අතර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද සැකකරුට නියෝග කළේය.



අදහස් (11)

බස් රියදුරුට පහර දුන් දකුණු පළාත් සභා මන්ත්‍රී සහ බිරිය 13 දක්වා රිමාන්ඩ්

V.warnakulasuriya Sunday, 11 March 2018 08:42 AM

නැවතත් රාජපක්ෂ යුගයකට අපි යමින් සිටිමු. මන්ත්‍රීවරයෙකුට තබා ජනාධිපතිවරයාටවත් අයිති නොවන ක්‍රියාවක මෙම ගරු මන්ත්‍රීතුමා යෙදීම පිළිකුල් සහගතය.

:       0       0

ajith Sunday, 11 March 2018 09:18 AM

දැන් කවද්ද මේ අය ලෙඩ වෙන්නේ?

:       0       0

ඩෙන්සිල් Sunday, 11 March 2018 11:07 AM

මෙම පලාත් සභා මංත්‍රීවරයාගේ පියාද ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා නමි දැරැ පුද්ගලයෙක්.එසේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික හිතවෙතෙක්.මොවුන්ගේ හැසිරීම ඉතාම නින්දා සහගතයි. බලය නොමැතිව හැසිරීම මෙලෙසනමි මොවුනට බලය ලැබුනු පසු රටකට දෙවියත් ගේම පිහිටයි.

:       0       0

athula bandara Sunday, 11 March 2018 12:09 PM

අනේ මට නීතිය හා සාමය ඇමති කම ලැබුන නම්.

:       0       0

erdi Sunday, 11 March 2018 12:34 PM

තාත්ත කල දේ පුතා නොකොළොත් නොට්ටිගේ පුතාලු.දැන් ඇපත් ලේස්ති ඇති අර ලංකාවේ ඉන්න හරක් රවට්ටන ඕන නිසා සඳුදා එලියට දායි.

:       0       0

rocky Sunday, 11 March 2018 01:01 PM

මොනවා? බස් ඩයිවර උන්නැහේ ඔය වගේ පරුවත සයිස් ලොක්කෙකුට පහර දෙන්න තරම් මෝඩ කමක් කරාවි කියල හිතන්න අමාරුයි.

:       0       0

Chanak Los angeles Sunday, 11 March 2018 05:07 PM

කොහොමද පැමිණිලිකරු විත්තිකරු කරවන්න දේසපාලන බලවතා නීතිය නවන්න හදන හැටි... ඔවුන් දන්නවා ලංකාවේ නීතිය ඔවුන්ට නිකන් හිල් කුඩයක් කියා.

:       0       0

sanath Sunday, 11 March 2018 05:51 PM

CCTV තිබුනේ නැත්නම් මන්ත්‍රියි බිරිඳයි ඇපපිට එලියට රියැදුරා කූඩුවේ.

:       0       0

hewawitharana ny Sunday, 11 March 2018 08:26 PM

යුරෝපය හෝ ඇමෙරිකාවේ සෙල්ලම් පිස්තෝලයක් හෝ පෙන්වා තර්ජනය හෝ පහර දුන්න නම් අඩුම වශයෙන් අවුරුදු දහයක සිර දඬුවමකි

:       0       0

Perakum Monday, 12 March 2018 01:06 AM

දැන් මෙහෙම නම් පොහොට්ටු කාරයෝ බලයට ආවම කොහොම හිටීද...! දන්නව නේ මෙයා කාගේ කව්ද කියල.

:       0       0

aravinda Monday, 12 March 2018 07:25 AM

රන්ජි මල්ලි යනු දරුණු ගණයේ රාජපක්ෂ හිතවාදියෙක්.. ඒ අයගේ පුතාලට, ලේලිලාට එම මග ගමනක යනු පෙනේ. තුවක්කු දේශපාලනය... විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් දෙදෙනෙක්ද මට්ටු කර ඇති බව සඳහන්ව ඇත. පොහොට්ටුව දින්න ගමන් පිළිවෙත එළියට එන හැටි අපූරුයි. මහ මැතිවරණය දින්නා නම් බස් ඩ්‍රයිවර් මහමගම තමයි. අනේ අපොයි!!! දේශේ හැටියට බාසේ.. පුරුද්ද ජන්මෙට වැඩිය ලොකුයිලු නේද?

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31519 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13851 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11068 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 153 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1071 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 300 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site