IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


බස් ගාස්තුව සියයට 6.5 කින් නගී - අවම ගාස්තුව එහෙමමයි

අජන්ත කුමාර අගලකඩ

බස් ගාස්තු සියයට 6.5 කින් වැඩි කිරිමට කැබිනට් මණ්ඩලය අද (15) දහවල් අනුමැතිය ලබා දුන්නේය.

දැනට පවතින රුපියල් 10 අවම බස් ගාස්තුව වැඩි නොකිරිමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බස් ගාස්තු  ද සියයට 6.5 කින්  වැඩි කළ යුතු බවට වන යෝජනාව ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද දහවල් ජනාධිපති කාර්යාලයේ දී රැස් වු අතර එහිදී මෙම අනුමැතිය ලබාදී ඇත.

 



අදහස් (17)

බස් ගාස්තුව සියයට 6.5 කින් නගී - අවම ගාස්තුව එහෙමමයි

de silva Tuesday, 15 May 2018 08:06 AM

දෙපැත්තටම සාධාරණ තීරණයක් , ඔය බස් ගාස්තුවත් අර ඉන්දන මිල සුත්‍රය සමඟ සම්බන්ධ කරන්න , අඩු වෙනකොට අඩු කරන්න වැඩි වෙනකොට වැඩි කරන්න..............

:       254       221

සතයපාල Tuesday, 15 May 2018 08:51 AM

ලෝක වෙළද පොලේ තෙල් මිල අඩුවන විටද වැඩිවන විටද වැඩිවන ලංකාවේ බස් ගාස්තුව පාලනය කරන්න ශක්‍රරයගේ පුතා වෛමටවත් බැහැ.

:       0       0

THILINA Tuesday, 15 May 2018 08:51 AM

මේ වෙලාවේ බස් ගාස්තු වැඩි කරනවා ඇරෙන්න වෙන සාධාරණ විකල්පයක් නෑනේ. ඒක‍ට කමක් නෑ. සෑම බස් රථයකටම නියමිත ගාස්තුව ඇතුලත් වන විදියට ටිකට් පත් නිකුත් කිරීමේ නීතිය තදින්ම බලාත්මක කරවන්න.

:       0       0

Samathasena A . Aluthgama Tuesday, 15 May 2018 08:52 AM

මගීන්ගේ පහසුකම් ගැනද නීති ක්‍රියාත්මක වීම වැදගත්. පොල් පටවන්නාසේ සෙනග පැටවීම, අධික ශබ්දය ඇතිකරන කැසට් භාවිතය ආදී දේ ගැනද අවධානය යොමුවිය යුතුය.

:       0       0

rama Tuesday, 15 May 2018 08:56 AM

අම්මෝ.... ඇති ඔතනින් බේරුනා.... ඇමති මණ්ඩලයට ඕව තේරෙන්නේ නෑ..... එයාලට මහා ජනයාගේ දුක දැනෙන්නේ නේ ඔක්කොම වාහන එයාලට ලැබෙනවා නේ.....

:       0       0

Gamage Tuesday, 15 May 2018 09:07 AM

2015 තෙල් අඩුවෙනකොට අඩු නොවුන බස් ගාස්තුව දැන් තෙල් වැඩි උනාම වැඩි කරන එක කිසිම සාධාරණයක් නැහැ. හැමදාම අසරණ වෙන්නේ දුප්පත් ජනතාව.

:       0       0

Bamunuarachchi Tuesday, 15 May 2018 09:38 AM

අඩුවෙනකොට මොනවා උනත් වැඩිවන විටනම් බස්ගාස්තු වැඩිවේවි. මේ හැම වැඩිවීමක්ම වෙන්නේ පාලකයින්ගේ නොහැකියාව නිසා

:       3       115

Sugandhi Tuesday, 15 May 2018 10:11 AM

හොඳටම මදි

:       2       25

වීර Tuesday, 15 May 2018 10:24 AM

අපිට ඔය බස් ගාස්තුව ගැන නොවෙයි ප්‍රශනය තියෙන්නේ. බස් සේවාව ගැන. කවදද මේ රටේ මිනිස්සුන්ට සුවපහසුව ගමන්කරන්න බස් සේවාවක් ආරම්භ කරන්නේ.අපි ඩබල් ගෙවල AC බස්වල හිටගෙන යනවා.ලොරි චැසි වලට සීට් සවිකර බස් කියා ශ්‍රිලංකාවේ ධාවනය කරන රථවාහන පිටරටකට යවන්න. සැබෑ බස්රථ ලංකාවට ගෙන්වන්න.

:       25       600

Chanak los angeles Tuesday, 15 May 2018 10:26 AM

බස් ගාස්තුව අඩුම ගානේ 25% කින් වත් පඉහළ දමන්න ඕනා!!!!! මිනිස්සු අනවශ්‍ය ගමන් බිමන් යන එක නවතීනේ

:       129       160

ramaTuesday, 15 May 2018 11:49 AM

තමුන් හිතන්නේ මිනිස්සු ආසාවට බුස්වල යනවා කියලද සල්ලි දීල අමාරුවෙන්...... තමුන් ලංකාව ගැන දන්නේ නැත්නම් අදහස් නොදා ඉන්නවා ලංකාවේ මිනිස්සුන්ට අපහස කරන්නේ නැතිව....

:       0       0

BamunuarachchiTuesday, 15 May 2018 04:31 PM

මේ අය හිතාගෙන ඉන්නේ මිනිස්සු වියදම් කරගෙන කාලය කාදමමින් ජොලියට බස් වල යනවයි කියලා.

:       0       0

Harshan Tuesday, 15 May 2018 11:20 AM

බස් රථ වල තදබදය අඩු කිරීමට නම් බස් ගාස්තු ඉහල දැමිය යුතුයි. පරිසරය ආරක්ෂා කිරීමට තෙල් මිල ඉහළ දැම්ම වගේ

:       2       113

Sisira Tuesday, 15 May 2018 11:25 AM

ගන්නන් ගන්න එපා 225 ක් අමාරුවන් ජීවත් වෙන්නේ. ඒ හින්ද කමක් නෑ.

:       0       0

Ruwan Tuesday, 15 May 2018 12:41 PM

ඔව් ඔව් තව වැඩි කරන්න......එතකොට මිනිස්සු බස් වල යන එක අඩුවෙයි

:       0       0

Ruwan Tuesday, 15 May 2018 12:41 PM

ඔව් ඔව්තව වැඩි කළයුතුයි අනවශ්‍ය මිනිස්සු බස්වල යන එක අඩු වෙයි එතකොට

:       0       0

de silva Tuesday, 15 May 2018 06:02 PM

ලෝකයේ අනෙක් රටවල පරිසර හිතකාමී ඉන්ධන පිරිමසින හයිබ්‍රිඩ් මෝටර් රථවලට බදු සහන දෙනකොට අපේ අර මුකුත්ම නොදන්නා ඇමතිතුමා ලක්ෂ 10 ක අමතර බද්ධක් ගැහුවා , එතුමාගේ තර්කය වුනේ මාර්ග තදබදය අඩු වෙනවා කියලා, එතුමා සිටියානම් බස් ගාස්තුව අනිවාර්යයෙන්ම 50% බස් තුල තිබෙන තදබදය අඩු කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 300 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2122 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1614 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site