IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බස්-කෝච්චි-ටැක්සි එක තැනකින් ගන්න කොළඹට තැන් 15ක්

(අංජුල මහික වීරරත්න)

කොළඹ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන පහළොවක් ගොඩ නැගීම සඳහා ලබන අයවැයෙන් මුදල් වෙන් කරන බව ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (15)පැවැසීය.

කෝච්චි, බස් හා ටැක්සි එකම ස්ථානයෙන් ලබාගත හැකි පරිදි එම මධ්‍යස්ථාන ඉදි කරන බවද අමාත්‍යවරයා කීය.

2029 වසර විට ලංකාවේ වැනි බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන පනහක්වත් ඇරැඹීම රජයේ අරමුණ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව කීවේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ සංවර්ධනය කිරීමේ සමාරම්භක උත්සවය අමතමිනි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ කෙරිණි.

"රටේ ප්‍රවාහනය  ශක්තිමත් කිරීම අපගේ මූලික අරමුණක්. කොච්චර පාරවල් හැදුවත්, කොච්චර ට්‍රැපික් ලයිට් දැම්මත්,පොදු ප්‍රවාහනය දියුණු කළේ නැතිනම් රටක ආර්ථිකය දියුණු කරන්න බෑ.රටක ආර්ථික ක්‍රියාවලියේ ලොකු කොටසක් ලෙස ප්‍රවාහනය හඳුන්වන්න පුළුවන්.පසුගිය අවුරුදු තිහ හතළිහ තිස්සේ පොදු ප්‍රවානයට නොසලකා හැරීම නිසා මෙන්ම වංචා දූෂණ නිසා පොදු ප්‍රවාහන පද්ධතිය විශාල  වශයෙන් බිඳ වැටී තිබුණා.

මේ රටේ මිනිස්සු මේ ප්‍රධාන බස් නැවතුම්පොළ පාවිච්චි කළේ කොහොමද කියා අවබෝධයක් ගැනීම සඳහා ජනාධිපතිතුමාට වෙලාවක් තිබේ නම් විනාඩි පහක් මේ අවට ඇවිදින්නැයි අප ඉල්ලා සිටිනවා.

බස් නැවතුම්පොළ කියන්නේ මිනිස්සුන් හම්බවෙන යාළුවෙන තැනක් විය යුතුයි,  යනුවෙන්ද අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙහිදී කීය.

 



අදහස් (6)

බස්-කෝච්චි-ටැක්සි එක තැනකින් ගන්න කොළඹට තැන් 15ක්

අරවින්ද මොණරවිල Monday, 15 September 2025 11:54 AM

සූපිරි වැඩ්ඩෙක්ට රටේ පොදු ප්‍රවාහන ලැබුණේ, ඒක හදයි ලොවෙත් නැති වෙන්න ! බයවෙන්න එපා බිමල් සහෝදරයා රටේ ජනතාවගෙන් බහුතරයක් ඔබලා සමගයි.

:       11       48

NipunaMonday, 15 September 2025 02:23 PM

ලොවෙත් නැති වෙන්න පසුගිය ආන්ඩු වලටත් හදන්න තිබුණා. කොහේද jvp කියලා පක්ෂයක් තිබුණානේ...

:       18       8

Perera Monday, 15 September 2025 12:14 PM

ඉතාමත් සතුටුයි. රට නිවැරැදි මගකට යොමුකරලා, සද්භාවයෙන් දියුණු කරන්න හදන බව මනාවට අවබෝධ වෙනවා.

:       8       48

රනේ Monday, 15 September 2025 12:42 PM

අපි දීපු ඡන්දේ ගැන අපිට ආඩම්බරයි! ඔබටත් එහෙම නේද?

:       11       47

sene Monday, 15 September 2025 01:49 PM

පරණ ලඩ බසයෙන් යන්නත් අමාරු වෙලාවේ මොන නැවතුම්පොළද? පළමුව බස් දෙවනුව නැවතුම...? අපේ ඔක්කොම කනපිට නේ ? ඔය කෝටිගණන් වලින් ඩීසල් මිල අඩු කොට සහනයක් දුන්නා නම් මොකෝ? බෑ නේ ආධාර සල්ලි නේ?

:       16       3

idr tharanga Monday, 15 September 2025 03:08 PM

ළගදී මම මුහුණු පොතේ මෙහෙම දෙයක් දැක්කා. "හවස් වරුව. නුවර පාර ප්‍රයිවට් බස් එකක් ඇතුලේ හිටගෙන කට කපලා සෙනග පට්ට ට්‍රැෆික් එක මොරසුරන වැස්ස, ජනෙල් වහලා පුදුම දාඩියක් කන පැලෙන්න සංගීතයක් - සතර අපාය" අපේ රටේ පොදු ප්‍රවාහනය භාවිතා කරන කෙනෙක් ට්‍රයි කරන්නේ කොහොම හරි වාහනයක් අරන් බස්වලින් ඈත් වෙන්න. මම නගින්නේ උදේට රත්මලානෙන්. මොරටුව පිටකොටුව බස්වල උදේට සීට් ගානටවත් මිනිස්සු නෑ. හැම මිනිහට ට්‍රයි කරන්නේ සෙනග පිරිලා හරි එන දුර පළාත් බස් එක්ක නගින්න. මොකද මිනිස්සුන්ට ඕන කාලය ඉතිරි කර ගන්න...

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 804 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 590 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site