රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිට ඇප ලැබීමෙන් පසු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අද එම රෝහලෙන් පිටව ගියේය.
මීට ටික වේලාවකට පෙර ඔහු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හමුවූ බවත්, ඉදිරි වැඩකටයුතු ගැන සාකච්ඡා කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට යෑමට බොහෝ දුරට ඉඩ ඇති බවත් දේශපාලන ආරංචි කියයි.
ජනාධිපතිවරණය අවසන් වීමත් සමග රටින් පිටවූ බැසිල් රාජපක්ෂ මහතා පසුගිය අප්‍රේල් මාසයේ ලංකාවට ආවේය.
දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මුදල් අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ඔහු මාස එක හමාරකට ආසන්න කාලයක් රිමාන්ඩ් බාරයේ පසු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩුබායි තිලක් ලංකාවේ මිනිසුන්ට පාට් එක දැම්මට ඔය වහලුන්ගෙන් වැඩගන්න රටේ පරිස්සමින් ඉන්න. පොඩ්ඩ වැරදුන ගමන් ජීවිතයට දෙවි පිහිටයි! (නි)
ඇප නොලැබුණා නම් මෙයා තවමත් උසාවියට එන්නේ ගිලන් රථයෙන් "අනේ අපි කවදාක පිහිනුමද ඒ සදේ" නන්දා මලානියන් ගැයූ ගීතය මතක් වඅණා (ම)
අත්අඩංගුවට ගත්තාම හැදෙන නමුත් ඇප ලැබුණු විගස හොඳවෙන සොයා නොගත් ලෙඩක් එහෙම තියෙනවද දන්නේ නැහැ (නි)
මේක උසාවිය රැවටීමක් නේද? ඇප දෙනකොටම ලෙඩ හොඳවෙනවා. උසාවියට බොරුකිවුවාට මෙයාව ආපහු රිමාන්ඩ් කරන්න බැරිද? මේක උසාවියට අපහායක් නෙමෙයිද? අපිට පුද්ගලික තරහක් ්‍නැහැ. නැත්නම් හැමෝටම මේ සහනය දෙන්න ඕනෑ. නීතිය හැමෝටම එකයි කියලා පොතේ තියනවනේ. (නි)
මම හිතන්නේ ඇමරිකාවෙත් මෙහෙම වෙන්න ඇති නේද? මේ ලෙඩේට කියන නම මොකක්ද? අනේ මෙහෙම ලෝකයක්! (නි)
ඇප නැත්නම් තාමත් රෝහලේ. (නි)
අයියලා,මල්ලිලාටම ගිය රට! (නි)
ඉක්මනටම ඡන්ද කටයුතු ආරම්භ කරන්න. ගම්පහ ලක්ෂ ගණන් අය ඔබ එනතුරු මග බලාගෙන ඉන්නවා.(නදී)
මිනීමරුවන් කෙසෙල් කැන් හොරුන් මංකොල්ල කාරයන්ගැන මා කරන ඉල්ලීම නම් ඔබ රිමාන්ඩ් හෝ බන්ධනාගාර ගත කළ සැනින් රෝගී වන ලෙස හා පසුව රෝහල් ගතවිමට අවසර ඉල්ලන ලෙසයි. නඩුකාරයන් අවසර නුදුනහොත් මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරනු. (නදී)
තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා ඇති තමන් වරදක් කළාද කියලා (නි)
ඇත්තම ලිවුවාට සුනිල් මහතාට මල් මිටක්! (නි)
බොහොම නරක පුර්වාදර්සයක් මේ දෙන්නේ. (නදී)
සුනිල්ගේ කතාව නම් මසුරන්. ශ්‍රීලාල්, කොහෙන් ඉල්ලුවත් මේ වගේ අය මෙදා පාරත් කන කෑම නම් ස්ථීරයි. (නි)
විජේසුන්දර,හෘද සාක්ෂිය පමණක් නොව ඇත්ත රටම දන්නවා (නි)
චතුරි මගේ එක්ක පැටළෙන්න එන්නේ ඇයි? මම කිව්වේ ඔයා කියපුදේම තමයි. (නි)
තිලක්, ඔබ එහෙම කිව්වට ගම්පහ මිනිස්සු හරක් නොවෙයි. කල්පනාවෙන් තමයි ඡන්දෙ දෙන්නේ. ඉස්සර පක්ෂ බදාගෙන හිටියා, දැන් එහෙම නැහැ. උදාහරණ විදියට ගත්තොත් මහර, බියගම, දොම්පේ වත්තල හිටපු මන්ත්‍රීවරු පක්ෂ දෙකේම ඇමතිකම් තිබිලත් පරාද වුණා. මොකද දන්නවද? දිනුවට පස්සේ ජනතාව අමතක කරලා සුළු පිරිසක් වටකරගෙන කරපු වැඩ නිසා. මේ විදියටම ඉදිරි මැතිවරණයෙන් ඇමතිලා කීප දෙනෙක් ගෙදර යවන්න ගම්පහ ඡන්දදායකයින් සුදානමින් තමයි ඉන්නේ. රැස්වීම්වල ඔලු ගෙඩි පිරෙව්වට ඡන්ද පෙට්ටිය පිරෙන්නේ නැහැ. (නි)
අනේ මහත්තයෝ, රට හිනස්සන වැඩ කරන්නේ නැතුව ඉන්න.ගම්පහ ජනතාවට මෝඩයෝ කියන්න අපිට බැහැ.ඒත් ඔබගේ බුද්ධිමත් බව මෙවර ඡන්දයෙන් පෙන්වන්න. (නි)
ඔව් සුනිල් ඒක පමණක් නොවේ එම පුද්ගලයන් යම් රැකියාවක නියුක්තව සිටියානම් මේ බැසිල්ටත් පාර්ලිමේන්තු යන්න පුළුවන් වගේ එම පුද්ගලයන්ටත් නැවත රක්ෂාව කිරීමට පුළුවන් කමක් තිබිය යුතුයි.(අ)
ගම්පහ ලක්ෂ ගානක් ඉන්නේ මෝඩයෝ වගේ (අ)
ඇමෙරිකාවේ මෙහෙම වංචාවකට අහුවුනානම් දෙයියන්ගේම පිහිටයි .(අ)
ඇප ලෙබෙන තුරු මෙයා හිටියේ බන්ධනාගාරයේ ද පුද්ගලික රෝහලකද ?(අ)
සුනිල්.ඔබගේ කතාව සහතික ඇත්ත. (අ)
වැඩිම "බත් කන හරක්" ඉන්නේ ගම්පහ.(අ)
චතුරි.වහල්ලු වහල් භාවයෙන් මුදවා ගන්න හරිම අමාරුයි.(අ)
ඕවා හදන්න නම් ජෙනරාල්ම බලයට එන්න ඕනේ.(හේ)
කාට අයිති රටකද? අපිට සහ අපේ දරුවන්ට ජිවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ කියලා මේකම ඇති මොලේ කළදක් තියෙන කෙනෙකුට තේරුම් ගන්න.(හේ)
ලංකාව කියන්නේ අඳ,ගොළු, බිහිරෝ ඉන්න රටක් කියලා හිතලා වෙන්න ඇති මේ කට්ටිය හිතන්නේ. කිඹුලා කනවා ඉවසිය හැකියි, කොහිල කටු ඇනෙනකොට තමා ඉවසන්න බැරි. (නි)
අනේ මන්දා තිලක්, මාත් හිතන්නේ ජෙනරාල්තුමා බලයට ආවොත් හොඳයි කියලා. (නි)
ඇප ලැබුනහම ලෙඩ හොඳයි නේද? (නි)
නීතියක් රීතියක් තිබෙන රටක නම් මේ වෙනකොටත් යකඩ කූරු ගණන් කර කරයි ඉන්න වෙන්නේ.රටක් වශයෙන් ගත්තහම ලැජ්ජයි. (නි)
හොරකමත් හැමෝටම කරන්න පුළුවන් දෙයකුත් නෙමෙයි. (නි)
ජෙනරල්තුමා පමණයි දැන් අපිට විශ්වාස (නි)
ඩුබායි තිලක්, වහල්ලු වගේ වැඩ කරන්නේ කවුද කියලා දන්නවා. දැන් තියෙන්නේ යහපාලනය! අපේ රණවිරුවන් බේරා දුන් රට. එය එක පවුලකට අයිති නැහැ (නි)
බැසිල් හොරකම් කරලා නම් ඇයි එයාට දඬුවම් කළේ නැත්තේ? ඒකෙන් පෙනෙන්නේ එයා වරදක් කරලා නැහැ කියො. හරි නම් නඩු අහලා තමා දඬුවම් කරන්න ඕනෑ. නැතුව දඬුවම් කරලා නඩු අහන සිරිතක් නැහැ. (නි)
සාමාන්‍ය මනුස්සයෙකුටත් මේ වගේ පහසුකම් අරගන්න පුලුවන්ද බන්ධනාගාර ගත කර සිටියදී ගිලන් වුනොත්. (බ)