(කාංචන කුමාර ආරියදාස)
නාවුල බෝවතැන්න ජලාශයේ වාන්දොරටු හයක් අඩි දෙක බැගින් විවෘත කිරීම හේතුවෙන් අඹන් ගඟ දෙපස ගම්මාන 09 ක ජනතාවට දින දෙකක සිට ගමනා ගමන කටයුතු සහ ගමෙන් පිටවීමට නොහැකිව කොටුවී ඇතැයි මහවැලි අධිකාරිය කියයි.
බෝතැන්න ජලාශ භාර ප්‍රධාන ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා 27 දින උදෑසන සඳහන් කළේ මේ වන විට බෝවතැන්න ජලාශයේ වාන් දොරටු 06යක් අඩි දෙක බැගින් විවෘත කිරීමත් සමඟ බෝතැන්න ජලාශයෙන් අඹන් ගඟට තප්පරයකට ඝණ අඩි දහ අටදහසකට අධික ජල ප්‍රමාණයක් මුදා හැරෙන බවය.
බෝවතැන්න ජලාශයේ අනෙක් සොරොව් දෙකකින් කන්දලම සහ ඉබ්බන්කටුව ජලාශයට ද ජලය ලබාදීම සිදුවන බැවින් ඉබ්බන්කටුව ජලාශයේ වාන්දොරටු විවෘත කර තැබීම හේතුවෙන් තප්පරයකට ඝන අඩි පන්දහසක ප්‍රමාණයක් දඹුලු ඔයට මුදා හරින බවද දඹුලු ඔය හරහා එම ජලය කලා වැවට ගලා යෑම හේතුවෙන් කලා වැවේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ එහි තත්පරයකට ගණ අඩි 18000ක් පමණ කලාඔයට මුදා හරින බැවින් කලාඔය දෙපස ජනතාව මෙන්ම අඹන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිල්ලෙන් සිටින්නැයි ඉල්ලීමක් කළේය.



2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බෝවතැන්න ගලයි:ගම් 09ක් තනිවෙයි