IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බෙල්ලනට එරෙහිව විනය පරීක්ෂණයක්

(ෂේන් සෙනෙවිරත්න)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට පත්ව ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුගේ රෝගී තත්වය සම්බන්ධයෙන් ජනමාධ්‍යයට ප්‍රකාශ නිකුත් කළ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයකු වන වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන බව වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.

රජයේ නිලධාරියකු වශයෙන් සහ වෛද්‍ය ආචාරධර්මවලට අනුකූලව එසේ කළ නොහැකි බවත් විශේෂයෙන් රෝගියකුගේ රෝගී තත්වයන් සම්බන්ධයෙන් වෙනත් පාර්ශවලට කරුණු හෙළි කළ නොහැකි බවත් අමාත්‍යවරයා කීය.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා ඊයේ (27) එසේ පැවසීය.

එම නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට එවැනි නිවේදන නිකුත් කිරීමට කිසිදු අයිතියක් නොමැති බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රතිකාර ලබමින් සිටියේ ඔහුගේ අංශයක නොවන බවත් අමාත්‍යවරයා පැවසීය.

ජාතික රෝහලට ප්‍රතිකාර ගැනීමට පැමිණෙන සෑම රෝගියෙකුම රෝගියකු පමණක් බවත් එම රෝගියා සම්බන්ධයෙන් නිවේදන නිකුත් කරමින් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ඔහුට අදාළ නොවන කටයුත්තක් කර ඇති බවත් ඔහු පැවසීය.

 



අදහස් (6)

බෙල්ලනට එරෙහිව විනය පරීක්ෂණයක්

ravin Wednesday, 27 August 2025 06:40 PM

දන්නා තරමින් නම් රෝගියකු පිළිබදව විස්තර ලබාදිය හැක්කේ රෝගියාගේ ළගම ඥාතායෙකුට හෝ බාරකරුවකුට පමණි. මතකයේ හැටියට මෙම වෛද්‍යවරයා එක්තරා දේශපාලන පක්ෂයක සංවිධායකවරයෙකි. රාජ්‍ය සේවකයකුට තම තනතුරු දරමින් සිටියදී දේශපාලනය කළ හැකිද?

:       19       63

රිස්වාන් Wednesday, 27 August 2025 06:54 PM

රනිල්ගෙන් පළිගන්න ගිහිල්ලා පස්ස බිම ඇණුන එකට ආණ්ඩුවටයි ඩෝබිලාටයි මෙච්චරම රිදිලාද? පවුනේ?...

:       76       46

Rata PerataThursday, 28 August 2025 11:48 AM

මුදල් අවභාවිතාවකට රනිල් රීමෑන්ඩ් කළේ කියලා ඕනා පොඩි එකෙක් උනත් දන්නවා . එත් තවම මේ වගේ මරි මෝඩ මිනිසුන් ඉන්න එක පුදුමයි

:       0       0

Dasa P Wednesday, 27 August 2025 07:49 PM

බෙල්ල නැහැ...

:       8       25

කෝරලගේ Wednesday, 27 August 2025 08:19 PM

දේශපාලනඥයින්ගේ රූකඩ වන මේ වගේ මෝඩ වෛද්‍යවරු අපිට ඉන්නවා. කියන්න ලැජ්ජයි.

:       12       55

රනේ Thursday, 28 August 2025 06:18 AM

මෙයත් ඉතින් පලපුරුදු එක්කෙනෙක්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site