බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවරදී ආරම්භ වූ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයේ දී බෙලරූස් කණ්ඩායමේ නිලධාරියකු විසින් එම තරගාවලිය තහනම් කර තිබෙන රුසියාවේ ධජය ඔසවා විරෝධය පෑමක් සිදු කරනු ලැබ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
තහනම් උත්තේජක චෝදනා යටතේ ජාත්‍යන්තර පැරාලිම්පික් කමිටුව රුසියා කණ්ඩායමට මෙවර පැරාලිම්පික් තරගාවලිය තහනම් කැර තිබිණි.
සමාරම්භක උත්සවය පැවැති මරකානා ක්‍රීඩාංගණයේ ආචාර පෙළපාළියේ ගමන් ගත් බෙලරූස් කණ්ඩායමේ නිලධරයකු එසේ රුසියා ධජය ඔසවා ඇතැයි ද කියති. මේ අතර රුසියාව කියනුයේ තහනමට ලක්වූ තම ක්‍රීඩකයන් වෙනුවෙන් සහෝදරත්වය ප්‍රකාශ කිරීමක් ලෙස එය දකින බවයි.
පැරාලිම්පික් බලධාරීන් අදාළ නිලධරයා ක්‍රීඩාංගණයෙන් පිටුවහල් කිරීමට ද කටයුතු යොදා ඇත.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
බෙලරූස් නිලධාරියෙක් රුසියා ධජය ඔසවලා
ඩෙන්සිල් Saturday, 17 September 2016 01:15 PM
නියම කොන්ද පණ ඇති මිනිසෙක් (නි)
ජූඩ් Saturday, 17 September 2016 01:15 PM
රට ගැන කැක්කුමක් ඇති පුරවැසියෙක් කිවුවට රුසියාව සහ බෙලරූස් කියන්නේ රටවල් දෙකක් නේද? (නි)
අනුර කොලොන්නාව Saturday, 17 September 2016 06:19 PM
මට නම් වැටහෙන්නේ නැහැ. මේකට කොමිසමක් පත්කර විසඳුමක් හොයන්න ඕනෑ (නි)
ටෙනිසන් Sunday, 11 September 2016 05:08 PM
රට ගැන කැක්කුමක් ඇති පුරවැසියෙක් (නි)
අල්විස් Monday, 19 September 2016 08:49 AM
ඉල්ලගෙන කාලා තියෙන්නේ.(හේ)
සරත් Thursday, 15 September 2016 07:57 PM
අපේ සමහරු නම් අමෙරිකාවෙන් තහනම් කිවුවා නම් ඉස්මුදුනින් පිළිගනීවි. (නි)