බ‍්‍රසීලයේදී දැන් පැවැත්වෙන 27 වැනි බ‍්‍රසීල අන්තර්ජාතික බැඞ්මින්ටන් ශූරතාවලියේ (2012) පිරිමි කේවළ ඉසව්වේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න සුදුසුකම් ලැබීය.
තරගාවලියේ ක‍්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේ සිටින ගවුතම්මාලා’හි කෙවින් කෝඞ්න් සමග නිලූක අවසන් මහා තරගයේදී තරග වැදීමට නියමිතය. කෙවින් ලෝක බැඞ්මින්ටන් සම්මේලන ක‍්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ 45 වැනි ස්ථානයේ සිටින ක‍්‍රීඩකයාය.
ලන්ඩන් ඔලිම්පික් උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේ අවසන් ක‍්‍රීඩකයන් 16 දෙනාට පැමිණි නිලූක, ලෝක ශ්‍රේණිගත කිරීමේ (ක‍්‍රීඩක) සිටින්නේ 37 වැනි ස්ථානයේය.
නිලූක, සිය සොහොයුරු දිනුක කරුණාරත්න සමග පිරිමි යුගල ඉසව්වට සහභාගි වු අතර එහි අවසන් පුර්ව තරගයේදී මැලේසියානු ක‍්‍රීඩකයන් හමුවේ ඔවුහු පරාජයට පත්වුහ.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බ‍්‍රසීල බැඞ්මින්ටන් තරගාවලියේ නිලූක අවසන් මහා තරගයට
වරුණ Monday, 01 October 2012 07:59 AM
අර ඔලිම්පික් වලදී ඔයාට මඩ ගහපු අයට දැන් ඇඩෙනවා ඇති නේද නිලූක? සුභ පැතුම්! (නි)
නුවන් Monday, 01 October 2012 08:08 AM
නියමයි නිලූක. දිනලාම එන්න. (නි)
චාමර Monday, 01 October 2012 08:45 AM
කමෝන් නිලූක ජය ඔබටයි .(ස)
නිශාන්ත Monday, 01 October 2012 09:24 AM
නියමයි අපේ කොල්ලා .(ස)
ධර්මපාල Monday, 01 October 2012 10:21 AM
ජය වේවා ඔබ අපිට , රටට ආඩම්බරයක්..(ස)
ඉරේෂ් කුවේට් Sunday, 30 September 2012 05:09 PM
නියමයි පුතා, ඔබට ජයවේවා. (ස)
ක්‍රිෂාන් Sunday, 30 September 2012 05:58 PM
නියමයි. කොහොමහරි දිනපන් කොල්ලෝ. (ස)
චන්ද්‍රසිරි Sunday, 30 September 2012 06:11 PM
කමෝන් නිලූක ජය ඔබටයි. (ස)
යොහාන් Sunday, 30 September 2012 06:42 PM
ඔලිම්පික් වලදී ගන්න බැරිව ගිය පදක්කම මේකෙදිවත් ඔබට ලැබේවි. (ස)
ඉන්ද්‍රක Monday, 01 October 2012 11:47 AM
ඔබ ලක් මවට අාඩම්බරයකි, ජයෙව්වා නිලුක, ජයෙව්වා..! (නි)