(  සිතුම් චතුරංග)

වෙනත් පුද්ගලයකු සමඟ සමීප සබඳතාවක් පවත්වන බව පවසමින් සිය බිරිඳගේ අත වෙන්වන ලෙස කපා දැමූ සැමියකු යාපනය , අලවෙඩ්ඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව තෙලිප්පලෙයි පොලිසිය පවසයි.

සැකකාර සැමියාගේ එක් අතක් පසුගිය යුද සමයේ ශේල් වෙඩිල්ලක් වැදී ශෛල්‍යකර්මයකින් ඉවත්කොට සිටි ආබාධිත පුද්ගලයකු බවත් පොලිසිය සඳහන් කළේය.

එම සබඳතාව නතරකරන ලෙස සැමියා කළ  ඉල්ලීම නොතකා ඔවුන් නිරන්තරයෙන් හොර රහසේ කාමරයේ දොරවසා වීඩියෝ කොල් තාක්ෂණය ඔස්සේ කතාබහ කිරීම් සිදුකරන බවත් එය ඉවසාදාරා ගැනීමට නොහැකිව බිරිඳගේ අත කපාදැමූ බවට සැකකරු පාපොච්චාරණය කොට ඇති බවත් පොලිසිය පැවසීය.

එලෙස බරපතල කැපුම් තුවාල ලබා රෝහල් ගතකොට ඇති 41 හැවිරිදි දෙදෙරු මව තෙලිප්පලෙයි රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා  යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කරනු ලැබීය‍.