IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බරපතල වංචා පිරික්සුමට විශේෂ කණ්ඩායමක්

බරපතල වංචා දුෂණ රාජ්‍ය  සම්පත් වරප්‍රසාද බලය  සහ අධිකරණය අනිසි ලෙස භාවිතා  කිරිම සම්බන්ධව විමර්ශණය කිරිම සඳහා වු  ජනාධිපති  කොමිෂන්  සභාව සඳහා  සහකාර  පොලිස් අධිකාරිවරයකුගෙන් සමන්විත එකොළොස් දෙනෙකුගෙන් යුතු පොලිස් කණ්ඩායමක්  පත්කර  තිබෙන බව කොමිෂන් සභාවේ  ලේකම් ලැසිල් ද සිල්වා  මහතා  පැවසීය.

සහකාර  පොලිස්  අධිකාරි ඩබ්.එල්.පි.එම්.අබේසේකර  ප්‍රධාන පොලිස්  පරීක්ෂකවරුන් වන ජි.පී.බෝධිපක්ෂ, ආර්.ලී.ආර්.රාජපක්ෂ, ඊ.ඒ.එල්.එම්.එගොඩවත්ත, උප පොලිස් පරික්ෂක පී.පී. ගුණරත්න යන මහත්වරුන් සහ පොලිස් සැරයන්වරු සහ පොලිස් කොස්තාපල්වරුන් හයදෙනෙකු එම කණ්ඩායමට අයත් වෙති.

තවත්  පොලිස් නිලධාරින් අට දෙනෙකු මෙම කණ්ඩායමට  අනුයුක්ත කීරිමට  නියමිතය. ඒ අනුව විසි දෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් මෙම කොමිෂන් සභාවට  අනුයුක්ත කරනු ලැබේ.



අදහස් (0)

බරපතල වංචා පිරික්සුමට විශේෂ කණ්ඩායමක්

නිමලරත්න Monday, 01 June 2015 09:46 AM

අද පවතින දේශපාලනය අනුව මහජන මතය වැඩියෙන්ම ප්‍රකාශ වන්නේ දේසපාලන ගති බව අනුව බැවින් ,එදා මෙන් නොව චුදිතයාටද නිදහස කරුණු කියන්නට ඉඩ ලබාදී සැබෑ වැරදි කරුවන්ට දඬුවම් ලබා දිය යුතුයි.(ම)

:       0       0

පිවිතුරු යහපාල Monday, 01 June 2015 09:50 AM

කට උත්තර ගන්නවා විතරයි. කවදද හොරු අල්ලලා මහා උළු ගෙදරට දක්කන්නේ. අවේ නම් හොරු සේරම මහා උළු ගෙදර යවනවා කියල. යහපාලන ආණ්ඩුවත් හොරුන්ට මුකුත් කරන්නේ නැහැ වගේ .(ම)

:       0       0

චමිල-පානදුර Monday, 01 June 2015 09:56 AM

මේ වැඩ කොමිසමට පත් කර ගත යුත්තේ උගත් අවංක රාජ්‍යය සේවයකයෝ..ඔවුන් තුල අවංක හැගීමක් තියෙන්න ඕනේ රට වෙනුවෙන් සේවය කරන්න...මේ පත් කර ඇති අය පිලිබදව විවේචනයක් නොව මගේ පොදු මතය ඉදිරිපත් කළෙමි. (බ)

:       0       0

රුවන් Monday, 01 June 2015 11:22 AM

මහජන මතය තියෙන්නෙ හොරු අල්ලන්න කියල තමා..හොරු අල්ලන්න ප්‍රමාදවෙන්නෙ, නීතියට අනුව ස්වාධීනව කරණ නිසා.,පිවිතුරුලත් දැන් බලන් ඉන්නෙ හොරු අල්ලනකන් නේද.? පලි ගන්නවා කියල කෑ ගහන්න එපා. (ස)

:       0       0

පිටබැද්දර ජයා Monday, 01 June 2015 12:44 PM

පිවිතුරු උන්නැහේ , කට උත්තර අරගෙන නිකන් ඉන්නේ නැහැ. ළඟදි ලොකු වෙනසක් බලාගන්න පුළුවන්! (නි)

:       0       0

කල්හාරී Monday, 01 June 2015 07:25 AM

බරපතල වංචා දුෂණ රාජ්‍ය සම්පත් අනිසි ලෙස භාවිතා කල රාජපක්ෂ පවුලට එරෙහිව විමර්ශණය ඉක්මනින් ක්‍රියාත්මකවී ඉක්මනින්ම දඩුවම් ලබාදේවි යයි මහජනතාව බලාපොරොත්තුවෙන් සිටී. කතානායකට ඔවුන්ව ඔහුගේ නිවසට රැගෙනගොස් බේරාගැනීමට ඉඩනොදෙනු . (ස)

:       0       0

දුමින්ද Monday, 01 June 2015 07:55 AM

මේක ඡන්ද දායකයන්ට දෙන මානසික අල්ලසක් පමණක්ද?

:       0       0

ශාන - සෞදි Monday, 01 June 2015 07:56 AM

රජයේ සේවකයෙක් ලෙස වැඩ කරමින් හෝ දේශපාලකයෙක් ලෙස කටයුතු කරමින් මහජන දේපල හා මහජන මුදක් වංචා හා දුෂණ සිදුකර ඇති සියලු දෙනාට තරාතිරම නොබලා දැඩි දඩුවම් පැමිණ වීමට ජනාධිපති හා අගමැති තුමන්ලා විසින් වහාම කටයුතු කළ යුතුයි. (ම)

:       0       0

ගාමිණී Monday, 01 June 2015 08:21 AM

කල්හාරි, යමක් ලියද්දි ඔබේ මතය පමණක් ලියන්න. ඔයා කොහොමද මහජන මතය කියලා ලියන්නේ? (නි)

:       0       0

ලාල් Monday, 01 June 2015 08:53 AM

ගාමිණී, මහජන මතය නෙමේද ජනවාරි අටවෙනිදා වෙනස්වීම ? රටේ ජනතාව තවම බලාගෙන ඉන්නේ මේ කම්බ හොරුන් අල්ලලා නිසි දඬුවම් දෙනකන් තමා. (ස)

:       0       0

ශාමන්ත වෙල්ගම Monday, 01 June 2015 09:20 AM

ගාමිණී, මහජන මතය තමයි මහජන මුදල් හොරා කාපු අය අත් අඩංගුවට ගැනීම සහ එම මුදල් ජනතාවට නැවත ලබාදීම. මෙච්චර උගත් පරපුරක් ඉන්න රටේ තාමත් මෙය තේරුම් ගන්නැති එක ගැන බොහොම කනගාටු වෙනවා. (ර)

:       0       0

ගමයා Monday, 01 June 2015 09:24 AM

මහජන මතය කියන්නේ යුඑන්පි මතයට පමණද? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 802 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 589 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site