සේවකයන් 36,000 කගේ සේවය අත්හිටුවීමට බ්‍රිතාන්‍ය ගුවන් සේවය (බ්‍රිටිෂ් එයාර්වේස්) සූදානම් වෙයි. මේ සඳහා බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ පරිපාලනයත් සේවක සංගමයත් අතර සති ගණනක් තිස්සේ සාකච්ඡා කරමින් සිටී.
මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ගුවන් සේවය සහ සේවක සංගමය එකඟතාවකට පිවිස ඇතත් තවමත් ගිවිසුම අත්සන් කර නැත.
කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ ගුවන් යානා සියල්ලම පාහේ මේ වන විට ගුවන් ගමන් වලින් ඉවත් කර තිබේ.
එකඟතාවට අනුව බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ ගුවන් යානා සේවක කාර්ය මණ්ඩලය, භූමි මෙහෙයුම් කාර්යමණ්ඩලය, ඉංජිනේරුවන්, ප්‍රධාන කාර්යාලයේ සේවකයන් යනාදී අයගෙන් 80% කගේ සේවය අත්හිටු වනු ඇත. කෙසේ නමුත් සේවක පිරිස අඩු නොකරන බව ද බ්‍රිතාන්‍ය ගුවන් සමාගම ප්‍රකාශ කළේය.
බ්‍රිතාන්‍ය රජය රැකියා සුරක්ෂිත කිරීමේ යෝජනා ක්‍රමයක් ස්ථාපිත කර ඇති අතර සේවය අත්හිටුවන පිරිසගේ වැටුප් එම ක්‍රමය ඔස්සේ ආවරණය වේ. මසකට ස්ටාර්ලිං පවුම් 2,500ක් උපයන ඕනෑම අයකුට රජයේ යෝජනා ක්‍රමය යටතේ ඔවුන්ගේ වැටුපෙන් 80% ක මුදලක් හිමි වේ.
ගුවන් සමාගමේ වියදමෙන් 40% ක් සේවක කාර්යමණ්ඩලයේ වැටුප් සඳහා වැය වේ. කොරෝනා වයිරසයෙන් බලපෑමට පත්වූ සමාගම්වලට උපකාර කිරීමට ද බ්‍රිතාන්‍ය රජය යෝජනා ක්‍රමයක් ස්ථාපිත කර ඇති අතර ඒ අනුව සමාගමේ වැටුප්වලින් 80% ක් පමණ ආවරණය කරගැනීමට බ්‍රිතාන්‍ය ගුවන් සමාගමට අවස්ථාව ලැබෙනු ඇතැයි පැවසේ.
කොරෝනා වයිරසය හේතුවෙන් ලොව පුරා ගුවන් සමාගම් සිය ගුවන් වාර සීමා කිරීමට පියවර ගත්තේය. බ්‍රිතාන්‍ය තුළ කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගෙන මේ වනවිට සතියකට වැඩි කාලයක් ගතව ගොස් තිබේ. මේ තත්ත්වය හේතුවෙන් බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් ගුවන් යානා රැසක් ගුවන් තොටුපොළවල නවතා ඇත.
බී.බී.සී. ඇසුරිනි
055
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බ්‍රිතාන්‍ය ගුවන් සේවය රැකියා 36,000 ක් අත්හිටුවීමට යයි