IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


බ්‍රිතාන්‍යයේ සෙබළුන් දඹදිව වන්දනාවේ

බ්‍රිතාන්‍ය යුද හමුදාවේ බෞද්ධ සෙබල සෙබළිය 4000 දෙනකුට දඹදිව සිද්ධස්ථාන වැඳපුදා ගැනීමේ අවස්ථාවක් ලබාදීමට බ්‍ර්තාන්‍ය රජය වැඩපිළිවෙලක් සුදානම්කර ඇත.

මෙම සෙබළුන් දීර්ඝකාලයක් ඇෆ්ගනිස්තානයේ සහ ඉරාකයේ ඉතා අභියෝගාත්මක පරිසරයක සේවය කළ අය වෙති. මෙම වන්දනා ගමන සඳහා එකවරකට සෙබල සෙබලියන් 100 ත් 150 ත් අතර කණ්ඩායමක් යොදවා ගැනේ. මුල්ම කණ්ඩායම මේ සතියේ බුද්ධගයාවට ළඟාවන්නට නියමිතයි.

යුදබිමේ අප්‍රසන්න අත්දැකීම් නිසා හෙම්බත්වී ඉන්නා මොවුනට බුදුරජානන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වී වදාළ බුද්ධගයා පින්බිමේදී මානසික සුවය ලබාදීමේ අරමුණෙන් භාවනාමය වැඩ සටහන් සංවිධානය කර ඇත. 

බුද්ධ ගයා විහාරය අයත් බිහාර් ප්‍රාන්ත රජයේ සහ මහා බෝධි විහාර පාලක මණ්ඩලයේ පුර්ණ සහය මෙම වැඩසටහනට ලබාදෙන බව බිහාර් රජයේ සංචාරක ඇමති සුනිල් කුමාර් පින්තූ කියයි. ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ අභියස භාවනා යෝගීව කාලය ගතකිරීම සඳහා අවශ්‍ය සියලුම පහසුකම් ලබාදීමට බිහාර් රජය කටයුතුකරන බවද ඔහු කීවේය.



අදහස් (0)

බ්‍රිතාන්‍යයේ සෙබළුන් දඹදිව වන්දනාවේ

ඉන්ද්‍රජිත් Wednesday, 09 January 2013 12:22 PM

දීර්ඝකාලීන යුද්ධයක නිරත වූවන් කෙරෙහි ඇතිවන පශ්චාත් යුධ ආතතිය නිසා හටගන්නා දුර්විපාක අපේ රටේ සෙබළුන් කෙරෙහිත් දක්නට ලැබෙන බව හිතන්න පුළුවන්. රටේ සිදුවන බොහොමයක් දුර්දාන්ත වැඩ පිටුපස එවැන්නෙක් සිටීමට හේතුව මෙය වෙන්න බැරි නැහැ. බටහිර ජාතීන් මෙය වටහාගෙන බුදු දහම පිළිපැද විමුක්තිය වෙත පියවර කිහිපයක් ලඟා වෙද්දී අපි මොනවද කරන්නේ? විලාසිතාවක් ලෙස බටහිරට බනිමින් අර සත්‍යා කියන්නා වගේ දඩමස් හා අරක්කු රැගෙන "මේ බුදුන්ගේ දේශයයි" කියා ලියූ බස්වල නැගී වන්දනාවේ යාම හා මුසල්මානුවන්ට ගරහමින් සිටීම පමණයි. බුදු දහම ගැන ලොකුවට කතාකරන බහුතරය අරක්කු දැක්කම පන්සිල් පවාරණය කරනවා. (නි)

:       0       0

සංජීව Wednesday, 09 January 2013 12:22 PM

සත්‍යා හරියටම හරි , (ස)

:       0       0

බණ්ඩාර Wednesday, 09 January 2013 12:25 PM

සෑම්, බෞද්ධ කට්ට්ය බොදු පිළිවෙත රකින්න සැරසෙන හැටි වෙන්න ඇති කියන්න හදන්නේ. ඔට්ටුයි ඔය ඉන්ටනෙට් දේශප්‍රේමියෝ නම් එක්කෙනෙක්වත් ආගම වෙනුවෙන් අවදානම් වැඩකට නම් යන්නේ නැහැ. ඕනෑ නම් ෆේස්බුක් එකෙන් සද්දයක් දමාවි. (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 09 January 2013 12:47 PM

මමනම් ඉත සිතින් කැමතියි (දී)

:       0       0

අජිත් Sunday, 13 January 2013 02:10 PM

ශා...... නියමයි (දී)

:       0       0

ලාල් Wednesday, 09 January 2013 01:19 PM

තෙරුවන් සරණයි මේ සියලු දෙනාට (දී)

:       0       0

අමිල Wednesday, 09 January 2013 01:53 PM

ඔව් දැන් වත් පිලිවෙත් ඉගෙන ගන්න වෙන්නෙ සුද්දන්ගෙන්. ලංකාවෙත් මේ වගේ අනුග්‍රහයක් තිබුණනම් ..... (ස)

:       0       0

අචිනි Wednesday, 09 January 2013 02:31 PM

මට විශ්වාස කරන්නත් බැහැ (දී)

:       0       0

පද්මි Wednesday, 09 January 2013 02:32 PM

සත්‍යා ඔබ තමයි සත්‍ය පැවසූවේ. ස්තූතියි (ස)

:       0       0

මධූ Wednesday, 09 January 2013 02:55 PM

ඔබ සියලු දෙනාටම මානසික සුවය ලැබේවා (ස)

:       0       0

සුදේශ් Wednesday, 09 January 2013 03:11 PM

නියම දහම කුමක්ද කියලා බුද්ධිමතුන් දන්නවා (ස)

:       0       0

ජනක Wednesday, 09 January 2013 10:14 AM

සාදු ! සාදු !සාදු !! නිර්මල බුදුදහම මුළු ලෝකයම පිළිගන්නා දහමකි..අපේ සම්බුදු හිමිගේ සෙවන හැමට සෙතක් අත්කර දෙන බව මුළු ලොවටම වැටහෙනවා (ස)

:       0       0

ගාමිණී Wednesday, 09 January 2013 03:29 PM

මේ එක්කෙනෙක්වත් නියම සුද්දෝ නෙමෙයි මෙවන් (ස)

:       0       0

දුමින්ද Wednesday, 09 January 2013 10:17 AM

බොහොම හොඳ වැඩක් (ස)

:       0       0

අමිල Thursday, 10 January 2013 02:02 PM

අනේ ගාමිණී නොදිටි මොක්පුර. ඇදම හොයන්න, අඩුපාඩුම දකින්න... ගාමිණීට වඩා ඒ රටේ හැම සුද්දම බුදුදහමට කිට්ටුයි. මම එහෙම කිවුවෙ ඔයාලා වගේ අය බුදුදහම කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති නිසයි. (නි)

:       0       0

චමිලා Wednesday, 09 January 2013 10:28 AM

ඉතා ආදර්ශමත් වැඩක් (දී)

:       0       0

කැලුම් Wednesday, 09 January 2013 10:31 AM

මේ නිසා බුද්ධගයාවට තලෙයිබාන් තර්ජන වැඩි වනු ඇත (ස)

:       0       0

සම්පත් Wednesday, 09 January 2013 10:49 AM

මේ වැඩ වලින් බටහිර ජාතීන් කරන වැරදි වහන්න බෑ.. නමුත් ඔවුන් මේ ලබා දුන්නු අවස්ථාව වටිනවා (ස)

:       0       0

ජනක Wednesday, 09 January 2013 10:59 AM

මේ පුවත දැක මම ඉතාමත් සතුටු උනා (දී)

:       0       0

සෑම් Wednesday, 09 January 2013 10:57 AM

කැලුම්, තලීබාන්ලා දන්නවා එයාලා බුද්ධගයාවට එහෙම කළොත් මුස්ලිම් පල්ලිවලට හා මුස්ලිම් මිනිසුන්ගේ ජීවිතවලට අත්වන අත්වන ඉරණම.... ඒ නිසා තලීබාන්ලා එහෙම දෙයක් කරන්නේ නෑ....(ස)

:       0       0

සෑම් Wednesday, 09 January 2013 11:01 AM

බුද්ධාගම තව තවත් ලොව පැතිරේවා! (ස)

:       0       0

රොහාන් Wednesday, 09 January 2013 11:01 AM

ඉතා හොද වැඩක්

:       0       0

මංගල Wednesday, 09 January 2013 11:06 AM

බුදු බණ ලොව සනහාලන දිය දහරාවකි (ස)

:       0       0

සත්‍යා Wednesday, 09 January 2013 11:14 AM

සම්පත් මහත්මය, නැගෙනහිර ජාතින් සෝවාන් වෙලා කියලද ඔය කියන්නේ, අපේ අය පිටිසර වන්දනාවක ගියොත් මුලින්ම හොයන්නේ දඩ මස්, තියෙන්නේ හොර හිත, පෝලිම් පනිනවා, පගාව දෙනවා, පාරේ කෙල ගහනවා, බටහිරින් අපට දෙන ආධාර සහ ණය නැත්නම් අපි අද බඩගින්නේ (ස)

:       0       0

චානක Wednesday, 09 January 2013 11:39 AM

අනේ සාධු....සාධු....සාධු.... (දී)

:       0       0

සමන් Wednesday, 09 January 2013 11:43 AM

බුදු දහම මිනිසුන් විසින් වැළදගන්නේ අවබෝධය තුළිනුයි. (නි)

:       0       0

දිනේෂ් Wednesday, 09 January 2013 12:00 PM

බුදු සසුන බැබලේවා !!!!!!!(ස)

:       0       0

හංසිකා Wednesday, 09 January 2013 04:16 PM

සාධු....සාධු....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site