IMG-LOGO

බ්‍රිතාන්‍යයේ මහ කොමසාරිස්වරිය ඉල්ලා අස්වෙයි

( තිළිණි ද සිල්වා )
 
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස කටයුතු කරන අමරි විජයවර්ධන මහත්මිය එම තනතුරෙන් ඉල්ලා අස්වන බව දන්වා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් මඟින් නිල වශයෙන් දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
 
අමරි විජයවර්ධන මහත්මිය විසින් ඉදිරිපත් කරනු ලැබූ මෙම ලිපිය මේවන විටත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පිළිගෙන ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.
 
ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇති  ඉල්ලා අස්වීමේ ලිපියෙන් ඇය දන්වා ඇත්තේ පවතින අසනීප තත්ත්වය හේතුවෙන් තමන් මෙම ධූරයෙන් ඉල්ලා අස්වන බවය.



අදහස් (9)

බ්‍රිතාන්‍යයේ මහ කොමසාරිස්වරිය ඉල්ලා අස්වෙයි

සතයපාල Thursday, 22 February 2018 07:35 AM

ඇත්තටම හේතුව ඒකද ?

:       1       242

sarath perth Thursday, 22 February 2018 07:44 AM

අසනීපය ගැන කනගාටුයි ඉල්ලා අස්වීම ගැන සතුටුයි.............

:       269       257

hira Thursday, 22 February 2018 07:57 AM

අපි දන්නවා අසනීපෙ, දේශපාලන බලපෑම් නේද???අපේ පලවෙනි පුරවැසියා ඡන්දෙට කලින් තීරණ ගන්නේ සුපර් මෑන් වගේ, මිනිස්සුන්ගේ ආකර්ෂණය දිනා ගන්න. නමුත් අපි දැනගෙන හිටිය ගන්න තීරණ වල ඉකමනටම සැර බාලවෙන බව.

:       127       1467

පිලි පැනීම නිවැරදි Thursday, 22 February 2018 09:31 AM

යහපාලනයේ පිලි පැනීම නිවැරදි කර ඇත. 1. යුකේ (UK ) ප්‍රශ්නය 2. චීන පෙට්ටි වල බ්‍ර්කේ නැති බවට බොරු කියමින් පරණ කැනඩා පෙට්ටි සමග සෙල්ලම් කරමින් සිටි දුම්රිය රියදුරන් මගීන්ට දුන් වද ද අවසන් කර ඇත. 3. සයිටම් නිසා ,පාරවල්වල රස්තියාදුවන පෙරට්ටුගාමින් ට කොතලාවල වෛද්‍ය පීඨය හරහා පිළිතුරු දී ඇත.

:       413       377

Raveendra Thursday, 22 February 2018 10:27 AM

ඔබ නිවැරදි........මේ උන්දැ කටින් ඇපල් හිටවන්න ඔස්තාර්.

:       0       3

sirimal Thursday, 22 February 2018 12:56 PM

බ්‍රිතාන්‍යයේ මහකොමසාරිස්වරයා ලෙස සේවය කළ ක්‍රිස් නෝනිස් මහතාට විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ ඇමතිවරයෙකු ලෙස සේවය කල කෙනෙක් පහරදීමක් කල බවට ප්‍රවෘත්තියක් ප්‍රසිද්ධ වීමෙන් පසු සේවයෙන් ඉවත්වීම නිසා පුරප්පාඩු වූ මහකොමසාරිස් තනතුරට විජේවර්ධන මැතිණිය පත්කළේ වර්තමාන රජය විසිනි. එය දේශපාලන පත්වීමක් බව සැබෑ වුවත් එතුමියගේ ඉල්ලා අස්වීම දේශපාලන වාසි සඳහා යොදාගැනීමේ අමන උත්සාහයක් ඒකාබද්ධ විපක්ෂයට පක්ෂ සමහරු ආරම්භ කර ඇති බව පෙනෙන්නට තිබීම කණගාටුදායක කරුණකි. මීට පෙර ලන්ඩන් මහකොමසාරිස් කාර්යාලයේ ඉහළ සිට පහළ දක්වා පත්කර සිටියේ හිටපු රජයේ ලොක්කන්ගේ හිතමිත්‍රාදීන් බව කවුරුත් දන්නා කරුණකි. වසර දෙකක් වන විජේවර්ධන මහත්මියගේ සේවා කාලය දිගු කිරීමට නොඉල්ලා තනතුරෙන් ඉවත්වීමට ඇය ගත් තීරණය ප්‍රශංසනීය වෙයි. මෙවැනි තනතුරුවලට පත්වෙන බොහෝ දෙනා කරන්නේ එලවන තුරු තනතුරේ රැඳී සිටින්නට උත්සාහ කිරීමයි. මේ පුරප්පාඩුව පිරවීමේදී විදේශ අමාත්‍යංශයේ පළපුරුදු දක්ෂ නිලධාරියෙකු පත්කිරීම අත්‍යාවශ්‍ය වෙයි. දැනට ලන්ඩන් මහකොමසාරිස් කාර්යාලයේ සහකාර මහකොමසාරිස් වරයා ලෙස කටයුතු කරන සුගීශ්වර ගුණරත්න මේ සඳහා සුදුසුම නිලධාරියා බව අපගේ අදහසයි.

:       0       0

Asoka Thursday, 22 February 2018 02:26 PM

දික්කසාද වෙලා හොඳට කාලා බීලා ඉන්න රනිල්ගේ ලගම නැදායෙක්. දැන් ඉතින් හම්බකරගත්තා ඇති කියලා හිතෙන්න ඇති

:       0       0

Senarath Friday, 23 February 2018 06:10 AM

එතුමිය මේ ප්‍රතිචාර දැක්වුයේ, බ්‍රිගදියර් ප්‍රියංක ප්‍රනාන්දු ට විරුද්ධව ගනිපු ක්‍රියාමාර්ගයට විරෝධතාවක් වන්න ඕනේ. ඒ තමයි නියම නායකයන්ගේ ගතිගුණ. ඒකට දැන් අපිට ඉන්න දේශපාලු නායකයෝ

:       0       17

janahitha Friday, 23 February 2018 07:22 AM

ලංකාවේ තානාපතිවරු පත්කරන්නේ , අස්කරන්නේ ද්‍රවිඩ ඩයස්පෝරාවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 373 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site