සිය සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද සමරන ශ්‍රී ලාංකිකයන් ඇතුළු දකුණු ආසියාතිකයන්ට සහ ඇමෙරිකාවේ වෙසෙන දකුණු ආසියානු ප්‍රජාවට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සුබ පැතුම් එක් කර ඇත.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙලෙස දකුණු ආසියාතිකයන්ට සුබ පැතුම් එක් කර ඇති සිංහල ඇතුළු ආසියානු භාෂා කිහිපයකින්ම ඇමෙරිකානු ජනාධිපතිවරයා සුබ පැතුම් එක් කර තිබිණි.
ධුරයේ සිටින ජනාධිපතිවරයකු සිංහල බසින් ශ්‍රී ලංකාකියන්ට සුබ පැතුම් එක් කළ පළමු අවස්ථාව මෙය විය හැකි යැයි ‘ඉකොනොමි නෙක්ස්ට්’ වෙබ් අඩවිය වාර්තා කර තිබිණි.
හින්දු ජාතිකයන් ඊයේ සහ අද නවරාත්‍රී සහ වයිසාකී වැනි උත්සව ද තායි වැසියෝ සොංක්‍රන් උත්සවය ද සමරති. මෙම උත්සව බෙහෙවින් සාම්ප්‍රදායික අලුත් අවුරුදු උත්සව වේ.
මේ අතර ඇමෙරිකානු ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ද සුබ පැතුම් එක් කර තිබිණි.
“මේ සතියේ දී අලුත් අවුරුද්ද සහ වයිසාකි, නවරාත්‍රී, සොංක්‍රන් උත්සව සමරන දකුණු ආසියාතිකයන්ට සහ අග්නිදිග ආසියාතිකයන්ට මම සහ ජිල් (ජනාධිපතිවරයාගේ බිරිඳ) උණුසුම් සුබ පැතුම් එක් කරනවා. බෙංගාල, කාම්බෝජ, ලාඕස, මියන්මාර, නේපාල, සිංහල, දෙමළ, තායි සහ විෂු සුබ අලුත් අවුරුද්දක්!.” යනුවෙන් එහි දැක්විණි.
2025 දෙසැම්බර් මස 16
17
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
818
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
600
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බයිඩන්ගෙන් සුබ පැතුම්
Amara Wednesday, 14 April 2021 11:33 AM
අපි එහෙම එකක් දැක්කේ නෑනේ... ට්විටර් එම්බෙඩ් කරන්ඩ පුලුවන්... වෙබ් පේජ් වල හරියටම දාන්න නිකං බොරු නොදා ...
බද්රානි Wednesday, 14 April 2021 08:17 PM
මේ රටේ අමනයින්ට ඕනා කරන්නේ, ඇමරිකාවේ සුබ පැතුම් නොවේ, චීනයේ ගිනි පොළී ණය විතරයි. සුබ පැතුමෙන් හරි කමක් නැහැ, කොමිස් එකක් ලැබෙනවා නම් අපේ අයට ඒ හොඳටම ඇති??
siri Thursday, 15 April 2021 08:15 AM
ඇති යාන්තන්. එයාගේ සුභ පැතුමේ ආනිසංශයෙන් අපේ ප්‍රශ්න සේරම විසඳෙයි එහෙනං. චීනයේ බලපෑම් දුරුවේවා කියල ලියල නැද්ද?