IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


බයිඩන්ට එරෙහි දෝෂාභියෝගයක් ?

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඒමට එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සූදානම් වෙයි. ඒ, දූෂිත විදෙස් ගනුදෙනු සම්බන්ධයෙන්, බයිඩන්ට චෝදනා වීමත් සමඟය.

ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සහ සෙනට් මණ්ඩලයකින් සමන්විතය.
නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ බයිඩන්ගේ ඩිමොක්‍රටික් පක්ෂය සතුව නොව, ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂය සතුවය. දූෂිත විදෙස් ගනුදෙනු සම්බන්ධයෙන්, බයිඩන්ට චෝදනා නගා ඇත්තේ ද රිපබ්ලිකන්වරුන්ය.

දෝෂාභියෝගයකට අදාල විමර්ශනයක් පැවැත්වීමේ අරමුණින්, ඒ සම්බන්ධයෙන් යෝජනාවක් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කෙරුණි. එම යෝජනාවට පක්ෂව, 221 දෙනකු ඡන්දය ලබා දුන් අතර විරෝධය පළ කළේ 212 ක් පමණි. ඒ අනුව, දෝෂාභියෝගයකට අදාල විමර්ශනයක් පැවැත්වෙයි.

තමන්ට එල්ල වන මෙම දූෂණ චෝදනා ඇමෙරිකන් ජනාධිපති බයිඩන් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. ඇමෙරිකන් ජනාධිපතිවරණය 2024 දී පැවැත්වෙයි. බයිඩන් ද ඊට ඉදිරිපත් වීමට නියමිතය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

බයිඩන්ට එරෙහි දෝෂාභියෝගයක් ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 92 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1564 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site