
ඊශ්‍රායල හමාස් ගැටුම අවසන් වීමෙන් පසු, පලස්තීනුවන් වෙනුවෙන් වෙනම රාජ්‍යයක් පිහිටුවීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඉදිරිපත් කළ යෝජනාව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහගේ විරෝධයට හේතුවක් වී ඇත.
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා, බයිඩන්ගේ එම යෝජනාවට විරෝධය පළ කළේ ගාසා තීරයේ ඊශ්‍රායල හමාස් ගැටුම් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වූ අවස්ථාවේදීය. ඊශ්‍රායලය, ගාසා තීරයට පහර දෙන්නේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමේ අරමුණින්ය.
ඊශ්‍රායලය හමාස් සටන්කාමීන්ට පහර දීම ආරම්භ කළේ, පසුගිය ඔක්තෝබර් 7 වැනිදා, හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට කඩා වැදී එල්ල කළ ප්‍රහාරයෙන් පසුවය. ගාසා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ඊශ්‍රායල ප්‍රහාරලින් මේ වනවිට පලස්තීනුවන් 25,00 ක් මියගොස් ඇතැයි ද වාර්තා වේ. හමාස් සංවිධානය සන්නද්ධ අංශයකින් සහ දේශපාලන අංශයකින් සමන්විතය. හමාස් සංවිධානය ජනවරමකින්, ගාසා තීරයේ බලයට පත්වූයේ 2007 දීය.
හමාස් සංවිධානය අඩපණ කිරීමෙන් පසු, ගාසා තීරයෙන් ඊශ්‍රායල හමුදා ඉවත් කර ගන්නා බවත්, ගාසා තීරයේ බලය, ඊශ්‍රායල හිතවාදී පාර්ශ්වයකට ලබා දීමට පියවර ගන්නා බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු සහ එරට ආරක්ෂක කවුන්සිලය අවධාරණය කර තිබේ.
ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී, කොන්දේසි විරහිතව ඊශ්‍රායලට සහාය දක්වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පෙන්වා දී ඇත්තේ, ගාසා තීරයේ සටන් අවසන් වූ පසු, පලස්තීනුවන් වෙනුවෙන් ද්වී රාජ්‍ය විසඳුමක් යටතේ වෙනම පාලන ප්‍රදේශයක් වෙන් කර දීමට තමන් යෝජනා කරන බවය. නෙදන්යාහුගේ දැඩි විරෝධය ඊට ප්‍රසිද්ධියේම එල්ල විය.
ලොව එකම යුදෙව් රාජ්‍යය ඊශ්‍රායලයයි. ඊශ්‍රායලය බිහිවූයේ, පලස්තීන මුස්ලිම් වැසියන්ගේ පාලන ප්‍රදේශය දෙකඩ කරමිනි. අද පලස්තීනය යනුවෙන් රටක් නැත. පලස්තීනුවන් ජීවත් වන්නේ ගාසා තීරයේත් බටහිර ඉවුර නමින් හැඳින්වෙන ප්‍රදේශයේය.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 04
736
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බයිඩන්ගේ යෝජනාවට ඊශ්‍රායල අගමැති විරුද්ධයි