(යොහාන් භාසුර)
කොල්ලුපිටිය උත්තරානන්ද දුම්රිය හරස් මාර්ග දුම්රිය ගේට්ටූවේ ක්‍රියාකරු ලෙස කටයුතු කරමින් සිටි වෘත්තීය සමිති නායකයෙක් මත්පැන් පානය කර රාජකාරි කරමින් සිටියදී ඊයේ (13) රාත්‍රියේ බාරයට ගත් බවත් ඔහු මත්පැන් පානය කර සිටි බවට තහවුරු වී ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ මහතා පැවසීය.
කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයට අනුයුක්තව සේවය කරන දුම්රිය කාර්ය සහයකයෙක් මෙසේ බාරයට ගත් අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ වැඩ තහනම් කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඔහු දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිතියක ඉහළ තනතුරක් දරන පුද්ගලයෙක් බවත් සමරසිංහ මහතා කීය.
අදාළ සේවකයා සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු මට්ටමෙන් කටයුතු කරන බවත් ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව ඔහුට එරෙහිව කටයුතු කරන බවත් සමරසිංහ මහතා සඳහන් කළේය.
උත්තරානන්ද මාවත දුම්රිය හරස් මාර්ගය අරලියගහ මන්දිරයට ආසන්නව පිහිටා ඇති අතර ශ්‍රී ලංකාවේ වෙසෙන බොහෝ තානාපතිවරු සහ ඉහළ පෙලේ රාජ්‍ය නිලධාරීන් මෙන්ම රටේ ඉහළ පෙලේ ප්‍රභූන් ගමන් කරන දුම්රිය හරස් මාර්ගයක්වීම නිසා මෙම සිද්ධිය බරපතල එකක් බව ද දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෝ පවසති.
2025 දෙසැම්බර් මස 04
623
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
526
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බීමත්ව රාජකාරි කළ දුම්රිය වෘත්තීය සමිති නායකයා මාට්ටු
Bunny Preena Friday, 14 November 2025 03:47 PM
මේ වගේ අයව ලංකාවේ කොහේවත් දුම්රිය මුරකරන්න දාන්න හොද නෑ. බීමත්ව ඉන්නා මුරකරුවන් ඕනතරම් ලංකාවේ ඉන්නවා. ඔවුන්ටත් එම ස්ථානවලින් ඉවත් කළ යුතුයි. අහිංසක ජීවිත විනාශ කරන්න දෙන්න බැහැ.
de silva Saturday, 15 November 2025 12:59 AM
රජයේ සේවකයෝ බීලා ඉන්නවද බැලුන් පුම්බලා බලන්න. කාර්යාල රෙඩ් කරන්න යුනිට් එකක් අවශ්‍ය වෙනවා. රාජකාරි කාලේ තුල අල්ලස් ලෙස ලැබෙන අරක්කු බීලා සොමියේ ඉන්න විශාල පිරිසක් ඉන්නවා...
Lalla Saturday, 15 November 2025 08:26 AM
දුම්රිය රියැදුරන්ට ඔය පරීක්ෂණ අහඹු ලෙස කලොත්... විශේෂයෙන්ම දුර ධාවන දුම්රියවල...