IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


බීමතින් සිටි මිතුරා වැවට දැමීමෙන් මරුට

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)


කණ්ඩලම වැවේ දියනෑමට ගිය තරුණයකු අද (28) පස්වරුවේ  දියේ ගිලී මිය යෑමත් සමග   තරුණයා සමග වැවේ මත්පැන් පානය කරමින් සිටි හා බීමතින් සිටි මිතුරා වැවට දැමු කීපදෙනකු ඇතුළු තරුණයන්  16 දෙනෙකු සැක පිට දඹුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ .


 මෙම සිද්ධිය වාර්තා නොකරන්නැයි මාධ්‍යවේදීන්ට ඔවුහු පහර දෙන්නටද වුහ. ඊට අමතරව තරුණයන් පිරිස රෝහලේ සේවකයන් සමගද ගැටුමකට යන්නට ගොස් පොලිසිය මැදිහත්වී සමතයකට පත්කර ඇත .
මෙසේ මියගොස් ඇත්තේ මහරඹ  ගොඩේවත්ත උණවටුන ප්‍රදේශයේ පදිංචි කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන බව කියන වේරගොඩ කපුගේ ඉසුරු රන්දික නමැති 21 හැවිරිදි තරුණයෙකි.


කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන මෙම සේවකයන් දාහත් දෙනෙකු බස්රථයකින් කණ්ඩලම ප්‍රදේශයේ  විනෝද චාරිකාවක් සඳහා පැමිණ කණ්ඩලම වැවේ මත්පැන් පානය කිරීමට තහනම් සහ දියනෑමට තහනම් බව අනතුරු ඇඟවීම් සවිකොට ඇති ස්ථානයක අධික ලෙස මත්පැන් පානය කරමින් දිය නෑමට ගොස්  ඇතිබව පොලිසිය කියයි .


එම ස්ථානයේ මිතුරන් කිහිප දෙනෙකු සමඟ පැමිණ සිටී දඹුල්ල  ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු වන  ප්‍රිය රංජන කුමාර  මහතා සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ තමන් ඇතුළු මිතුරන් පිරිසක් මෙම ස්ථානයේ රැඳී සිටියදී මියගිය තරුණයා සමග පැමිණ  සිටි තරුණයන් පිරිස අධික ලෙස මත්පැන් පානය කරමින් වතුරට බැස දිය නෑ බවත් මත්පැන් පානය කොට අධික බීමතින් සිටි වැතිරී සිටි තරුණයකු තවත් තරුණයන් කිහිපදෙනෙකු ඔසවාගෙන ගොස් වතුරට දැමූ බවත්ය. පසුව ටික වේලාවක් ගතවෙද්දී එම ස්ථානයේ දිය නාමින් සිටි කුඩා දරුවන්   තිදෙනෙකුට පුද්ගලයාගේ සිරුර කකුලේ පැටලී පසුව ගොඩට පැමිණ මත්පැන් පානය කරමින් සිටි අනිත් මිතුරන් පිරිසට  දැනුම්දුන් බවද  පසුව ඔවුන් පැමිණ දිය යට තිබී මියගිය අයගේ   සිරුර   ගොඩට  ගෙන ආ බවද පැවසීය.


මියගිය පුද්ගලයා සමග පැමිණි අනෙක් තරුණයන් 16 දෙනාද  අසීමිත ලෙස මත්පැන් පානය  කොට ඉතා  අශෝභන ලෙස හැසිරී  දඹුල්ල රෝහලේ වෛද්‍යවරුන් සමග ද කෑකෝ ගසමින් සිටි  බව පොලිසිය කියයි. පසුව දඹුල්ල රෝහල ඉදිරිපිට දී  මෙම සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට මෙම පිරිස පහර දෙන්නට උත්සාහ කළේ  මෙම සිද්ධිය මාධ්‍ය මඟින් හෙළි නොකරන්නැයි ඔවුන් බලපෑම්කරමිනි .

 

පසුව එම ස්ථානයට පැමිණි දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා මෙම පිරිස බස් රථය ද සමඟ සැකපිට අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කළේය.


 මේ සිද්ධිය පිළිබඳව දඹුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබයි .



අදහස් (21)

බීමතින් සිටි මිතුරා වැවට දැමීමෙන් මරුට

Raveendra Saturday, 28 July 2018 03:29 PM

මේ අපේ තරුණ පරපුරයි කියා ගන්න ගොන් රැල... මොහුගේ දෙමව්පියන් මොනතරම් දුක් විඳින්න ඇද්ද තම දරුවන් හදා වඩාගන්න. කෙනෙකුගේ කරදරයකදී අප සතුටුවනවා නොවේ. ඉතිරිවුණු16 ටත් මෙයම සිදු වුණා නම් තමයි හොඳ මොකද තැන නොතැන ගැන නොසිතන මෙවැනි කාලකන්නි අප සමාජයට පිළිලයක් නොවේද? අප රටේ විනෝද චාරිකාවක්ද, මලගෙයක්ද පින්කමක්ද? මේ එකී මෙකී නොකී හැම අවස්ථාවකදීම සමහරු මත්පැන් පානය කරන්නේ බොහොම ආඩම්බරයෙන් මෙන්ම උජාරුවෙන්ය. එසේම අනිකාට ද කරදරයක් ලෙසද හැසිරෙන්නේ වීරයන් ලෙසය.

:       0       343

maheshika Saturday, 28 July 2018 04:15 PM

පොඩි ළමයි ඇවිත් කියන්න කලින් රන්ජන්ලාට ක්‍රියාත්මක වෙන්න තිබුණා නේද? කාගේ හෝ ජීවිතයක්නේ. එම පුද්ගලයා වතුරෙන් නැගිටිනවා දැක්කේ නැත්නම් වැඩිහිටියෝ විදියට බලගන ඉන්න පුළුවන්ද? ක්ෂණික නුවණ පහළ වුනේ නැද්ද?

:       21       15

Lashan Saturday, 28 July 2018 04:52 PM

රස කැවිලි, කැවුම් ටිකක් තිබ්බා නම් කාගෙන කාගෙන යයි. එච්චරටම කුහක මෝඩයින් නැහැ.

:       0       0

Tikka Saturday, 28 July 2018 04:58 PM

මෙතන පොඩ්ඩක් හරි මොලේ තියෙන කෙනෙක්වත් ඉඳලා නෑ වගේ... මේ තරම් අවවාද සහිත දැන්වීම් පුවරු තියෙද්දී...

:       0       4

රජින්ද Saturday, 28 July 2018 05:07 PM

ඉල්ලගෙන කෑවානම් මොනවා කරන්නද..? දානයක් දීලා ආයෙත් මෙහෙම දේවල් නොවේවා කියන්නයි ඉතුරුවෙලා තියෙන්නේ...

:       0       3

Chanak Los angeles Saturday, 28 July 2018 05:47 PM

එකට විනෝද සවාරියට ගිය මිතුරන් තම සගයකු මරුමුවට පත්කිරීමට තරම් සාහසිකයෝද? අපි දැකලා තිබෙනවා සතුන් පවා අන් සතෙකුට අනතුරක් වූ විට ඇවිත් බේරා ගන්නා අන්දම.. එහෙම බලනකොට මිනිසා කොතරම් පහත් තත්වයකද ඉන්නේ? ඉතාම අශිෂ්ට සමාජයක් වෙලා...

:       0       60

gihan Saturday, 28 July 2018 06:48 PM

කාලකන්නි, දැන් ඉන්නකෝ හිර ගෙදර...

:       0       21

nihal Saturday, 28 July 2018 07:56 PM

මෙතැනදී මන්ත්‍රී වරදක් කර ඇත. තමුන් කවුද කියා හඳුන්වා දී දැන්වීම් පුවරු ප්‍රකාර නීතිමය පැත්ත ඔවුන්ට කිව යුතුය. වතුරට වැටුණු පුද්ගලයා තමුන් හෝ තම සහායකයින් විසින් බේරා ගත යුතුය. පොලිසියට දැනුම් දිය යුතුය. මන්ත්‍රී යනු මහජන නියෝජිතයෙක් බව ඔහු නොදනී. මේ මන්ත්‍රීවරයා බාල වයස් කාරයෙක්ද? රාජකාරිය ඉටු නොකිරීම සම්බන්ධව උත්තර දිය යුතුය...

:       33       3

ranjith Saturday, 28 July 2018 09:16 PM

පොදු ස්ථාන වල මත්පැන් බොන්න එපා කියලා තියෙන නීතියටවත් අවනත නැති මෝඩයින් නිසා වන විපත් මේ කාලකන්නි රැළට උපරිම දඬුවම් දියයුතුය.

:       0       5

ගොඩබණ්ඩා Saturday, 28 July 2018 10:33 PM

මේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ගැන මට නම් බරපතල සැකයක් තිබෙනවා. මේ පුද්ගලයා මිය ගියේ ඔවුන් සමග ඇතිවූ ගැටුමකින් පසුද කියා හිතනවා. මන්ත්‍රීවරයා පවතින රජයේ සහ ඒ ප්‍රදේශයේම අයෙකු නිසාත් ඔහුත් මිතුරන් කිහිපදෙනෙකු සමග මෙතන සිටියදී මේ සියල්ල නිහඬව බලා සිටියා.. කියන දේ විශ්වාස කල නොහැක. පිටතින් පැමිණි පිරිස සමග ඇතිවූ ගැටුමකින් පසු මේ තරුණයා මන්ත්‍රීවරයාගේ සහචරයින් විසින් උස්සා ගඟට දැමීමෙන් මිය ගිය බව මා තරයේ විශ්වාස කරමි. වැරැදි තැනක මත්පැන් බීම කියන කාරණය මතුකර දක්වන්නට මෙතරම් ඡායාරූප රැසක් මේ පුවත සමග පල කිරීම ඒ සැකය තවත් ඉහළ නංවයි.

:       7       258

Hafeel Saturday, 28 July 2018 10:52 PM

මෙම දඹුල්ල පූජා නගරයේදී, අනික උතුම් පෝය දවසක මෙහෙම මත්වතුර බොනවිට.., අර බල සේනාවල් කොහේද හිටියේ? ඔවුන්ට මේවා පේන්නේ නැද්ද?

:       142       187

සුරංග Sunday, 29 July 2018 12:10 AM

බේරුණු අයටත් ආපහු බොන්න දී, වැටුණට පස්සේ උස්සං ගිහින් වැවට දැම්මා නම් වැඩේ ලේසියි.

:       0       123

haja sahabdeen Sunday, 29 July 2018 02:40 AM

අද බොහෝ දෙනාගේ මෝස්තරයක් වෙලා තියෙන්නේ තහනම් දේ කරන එක...

:       0       83

සතයපාල Sunday, 29 July 2018 03:31 AM

නරක මිතුරන්ගේ ආශ්‍රය නිසා තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදුවෙලා තියෙන්නේ. මේ අයට කිසිම බුරුලක් නොදිය යුතුයි. ඉතිරි දහසය දෙනාටම මෙම මිනීමැරුමට සම්බන්ධව නඩු පැවැරීමට පොලීසිය කටයුතු කළ යුතුයි. සිද්ධිය ඇසින් දුටුව හා සාක්ෂි දීමට ඉදිරිපත් වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා තම වගකීම ඉටු කිරීම සම්බන්ධයෙන් අගය කළ යුතුය.

:       340       451

Nihal Melbourne Sunday, 29 July 2018 03:51 AM

බීම හා අනෙකුත් දුසිරිත් තරුණ සමාජය වැළඳගෙන හමාරයි. පුජ්‍ය පක්ෂයත්, මහනාහිමිවරුත් දේශපාලනයට කඩේයමින් සිටිති. මේ රට ගොඩ යෑමේ කිසිම සලකුණක් නෑ.

:       6       32

kumar (Gulf) Sunday, 29 July 2018 06:22 AM

මේ රටේ කොහොමද මත්පැන් තහනම් නියෝග දාන්නේ නාන තැන්වල... එ්ක ලංකාවේ සිංහල බෞද්ධයාගේ මූලික අයතිවාසිකම් කඩා බිඳ දැමීමක්... එයාලාට මත්පැන් නැතිව කිසිම දෙයක් කරන්න බෑ. මරණෙට මගුලට විනෝද ගන්නට සාදයට මත්පැන් අනිවාර්යයි.

:       102       338

Sakwithi Sunday, 29 July 2018 08:32 AM

මේ මිනීමරුවන්ව රටටම පෙන්වීම මාධ්‍යවල වගකීමකි. වැරැදි කරන්න පුළුවන්.. කියන්න බැහැ..

:       0       105

saama Sunday, 29 July 2018 08:37 AM

මාර යාලුවෝ කියන්නේ මෙයාලට තමයි. උපරිම දඬුවම් දිය යුතුයි..

:       0       23

ලුම්බිණි Sunday, 29 July 2018 09:09 AM

දියනෑමට තහනම් බව අනතුරු ඇඟවීම් සවිකොට ඇති ස්ථානයක කුඩා දරුවන් දිය නාමින් සිටියේ කොහොමද? මම හිතන්නේ මේ අනතුරු ඇඟවීම මේ පිරිස නොව කිසි කෙනෙක් පිළිපදින්නේ නැති බවකුයි. අනික මේ පිරිස වැඩකරන ආයතනය මේ ගොල්ලන්ට දඬුවම් දිය යුතුයි.

:       0       34

kumar (Gulf) Sunday, 29 July 2018 09:41 AM

සුනිල් ශාන්ත සූරීන්ගේ පුතා මැරුණෙත් ඔයවිදිහටයි... බීපු කාණ්ඩය එයාව ස්විමින් පූල් එකට විසිකරලා දියේ ගිලීමෙන්...

:       1       2

naradha Sunday, 29 July 2018 10:39 AM

දැන්වීම් පුවරුවක සිංහලෙන් ලියා ඇති දේ තේරුම් ගත නොහැකි මෝඩයෙකු සිටීද? මෙවැනි සිදුවීම් වලට ප්‍රධාන හේතුව නම් මෝඩකම සහ නූගත්කමයි. මේවට වගකිව යුත්තේ මේ අනුවණ ක්‍රියාවල යෙදෙන්නන් මිස, පොලිසිය හෝ දේශපාලකයින් නොවේ.

:       3       4

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 161 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


ගල්ගමුවේ වැවක දැරියන් දෙදෙනකු ගිලි මරුට
2025 මැයි මස 13 406 0

ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.


ත්‍රිරෝද රථ ගැටී හයක් රෝහලට
2025 මැයි මස 13 347 1

පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්


ජපානය කනස්සල්ලෙන්
2025 මැයි මස 13 1904 3

ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ


වෙසක් නරඹා එද්දී ලොරිය හැපිලා 10ක් රෝහලේ
2025 මැයි මස 13 516 1

කොළඹ වෙසක් සිරි නරඹා ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරීන් තුවාල ලැබු දස දෙනකු මාරවිල මූලික


නීති විරෝධී යතුරු පැදි 16ක් අල්ලයි
2025 මැයි මස 13 1479 6

නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1268 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1533 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site