IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


බැඳුම්කර වංචාකරුවන්ට දඬුවම් දෙන්න

(විනීතා එම් ගමගේ)

බැඳුම්කර ගනුදෙනුවේදී සේවක අර්ථසාධක අරමුදලට සිදුකර ඇති හානිය වෘත්තීය සමිති  ලෙස හෙලා දැකිය යුතු බවට යෝජනාවක් ශ‍්‍රී ලංකා නාවික සේවකයන්ගේ වෘත්තීය සමිතියේ නායක පාලිත අතුකෝරල මහතා විසින් ජාතික කම්කරු උපදේශන සභාව වෙත ඉදිරිපත්  කරනු ලැබ ඇතැයි කම්කරු අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
 
කම්කරු ,වෘත්තීය සමිති සහ සබරගමු සංවර්ධන අමාත්‍ය ඩබ්ලිවි.ඞී .ජේ සෙනෙවිරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජාතික කම්කරු උපදේශන සභාව ඉකුත් 13 දා රැස්වූ අවස්ථාවේ මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබී යැයි කම්කරු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට අද (15) පෙරවරුවේ පැවැසීය.

එම යෝජනාවට සියලූම වෘත්තීය සමිති නායකයින් පක්ෂව අදහස් දක්වමින් මෙම බරපතල වංචාව සිදු කළ අයට වහාම දඩුවම් ලබා දිය යුතු බව ප‍්‍රකාශ කළේ යැයි ද එම නිලධාරියා කීය.

එසේම සේවක අර්ථ සාධක අරමුදලේ ආයෝජන සිදුකිරීමේදී කම්කරු අමාත්‍යංශයේ, දෙපාර්තමේන්තුවේ හෝ වෘත්තීය සමිති නියෝජිතයන්ගේ පාර්ශවයේ නියෝජනයක් නොමැති වීම මෙවැනි වංචාවන්ට බලපා ඇති ප‍්‍රධාන ප‍්‍රශ්නයක් බවත් වෘත්තීය සමිති නියෝජිතයෝ මෙහිදී අවධාරණය කළහ.

මහ බැංකු බැඳුම්කර කොමිසමේ දී මේ වනවිට හෙළිවන කරුණු අනුව අර්ථසාධක අරමුදල යොදාගනිමින් සිදුකර ඇති මහා පරිමාණ සැලසුම් සහගත දූෂණ වංචා පිළිකුල් සහගත බව කම්කරු අමාත්‍යවරයා එහි දී පැවැසී යැයි ද හෙතෙම කීය.

බැඳුම්කර ගනුදෙනුවේ දී අදාළ සමාගමට විශාල ලාභයක් සහ අර්ථ සාධක අරමුදලට පාඩුවක් සිදුව ඇති බව දැන් මුළු රටම දන්නා කරුණක් බවත්, අර්ථ සාධක අරමුදල් කළමනාකරණය කරනු ලබන රජයේ ඇතැම් නිලධාරීන්ට මහා පරිමාණයෙන් අල්ලස් සහ සංතෝෂම් ලබා දීම ඉතාමත් හිරිකිත පිළිකුල් සහගත ක‍්‍රියාවක් බවත් අමාත්‍යවරයා එහි දී පැවැසූ බව ඔහු පැවසීය.
වැඩකරන ජනතාව සතු අර්ථ සාධක අරමුදලට පාඩුවන අයුරින්, දූෂිතව කටයුතු කළ සියලූ දෙනාට විරුද්ධව කඩිනමින් නීතිය ක‍්‍රියාත්මක කළ යුතු බවට ජාතික කම්කරු උපදේශන සභාවේ කෙරුණු යෝජනාව කඩිනමින් ජනාධිපතිතුමා වෙත ලබා දෙන බවට එහි දී පොරොන්දුවී යැයි ද කීය.

එසේම නව දේශීය අදායම් පනතින් සේවක අර්ථ සාධක අරමුදලේ ආයෝජනයන්හී ලාභයෙන් රජයට ලබා ගන්නා සියයට 10 ක බද්ද සියයට 14 දක්වා වැඩි කර ඇති බවත් එය විසිහය ලක්ෂයක් පමණ වන අර්ථ සාධක හිමිකරුවන්ට බලපාන බවත් වෘත්තීය සමිති නියෝජිතයන් මෙහිදී අදහස් දක්වමින් ප‍්‍රකාශ කළ අවස්ථාවේ ඒ සම්බන්ධව වත්මන් මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කර ඇති බව අමාත්‍යවරයා පැවැසූ බව ද හෙතෙම ප්‍රකාශ කළේය.



අදහස් (2)

බැඳුම්කර වංචාකරුවන්ට දඬුවම් දෙන්න

Rohana Sunday, 15 October 2017 06:40 AM

අපි අගමැතිතුමා ගැන ලොකු විශ්වාසයක් තැබුවා. නමුත් තනතුරට ගැලපෙන පුද්ගලයෙක් පත්කිරීමට ඔහු අසමත් වුණා. එපමණක් නොව බැඳුම්කර වංචාවෙන් පසු ඔහු ආරක්ෂාකරන තැනට පත් වුණා. සිදුවූ අලාබය බිලියන 59 යි. බැඳුම්කර වංචාකරුවන්ට දඬුවම් දීම ප්‍රමාණවත් නොවේ. සිදුවූ අලාබය බිලියන 59 යි. අයකරගත යුතුයි. සියලු දේපොළ රාජසන්තක කල යුතුයි. මෙම වගකීමෙන් අගමැතිතුමාට බේරිය හැකිද? ජනතාව බලාගෙන සිටියි.

:       68       343

Sarojini Sunday, 15 October 2017 12:23 PM

තවම කොමිසම අවසන් කර තීන්දුව දීලත් නැතිව මේ දෙන ලද සාක්ෂි මත පමණක් පදනම් කරගෙන අපි ඉක්මන් වෙලා තීන්දු ගැනීම කොමිසමේ කටයුතු වලට කරන ලොකු අසාධාරණයකි.

:       173       65

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 59 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2014 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site