IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


බැඳුම්කර කොමිසමේ වාර්තාව දෙන්න 31 දක්වා කල් ඉල්ලයි

(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කෙරුණු ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කාලය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ලබන 31 වැනිදා දක්වා දීර්ඝ කර ඇත.

කොමිසමේ අවසන් වාර්තාව සකස් කිරීමට වැඩිපුර කාලයක් අවශ්‍ය වන නිසා ලබාදී ඇති කාලය දීර්ඝ කරන ලෙස කොමිසම කළ ඉල්ලීමක් අනුව ජනාධිපතිවරයා විසින් කොමිසමේ කාලය මෙලෙස දීර්ඝ කොට ඇතැයි වාර්තා වේ.

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබ`දව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම කොමිසම පත් කරන ලද්දේ පසුගිය පෙබරවාරි මාසයේදීය. ඉන් අනතුරුව අවස්ථා දෙකකදී මාස තුන බැගින්ද එක් අවස්ථාවකදී මාස 1 1/2ක් වශයෙන්ද කොමිසමේ කාලය දීර්ඝ කළ අතර එහි කාලය අදින් (8) අවසන්වීමට නියමිතව තිබිණි.

විශාල සාක්කි ප‍්‍රමාණයක් හා ලේඛන විශාල ප‍්‍රමාණයක් කොමිසමට ඉදිරිපත් වූ අතර මෙහි වාර්තාව සැකසීමේදී ඒ සියලූ කරුණු සලකා බැලීමට අවශ්‍යවීම හේතුවෙන් අපේක්ෂිත දිනවලදී එම කටයුතු සම්පූර්ණ කරගැනීමට නොහැකිවීම නිසා එහි කාලය දීර්ඝ කරන්නැයි ද කොමිසම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබූ බවද කියති.



අදහස් (6)

බැඳුම්කර කොමිසමේ වාර්තාව දෙන්න 31 දක්වා කල් ඉල්ලයි

Raveendra Friday, 08 December 2017 06:29 AM

හොරකම් කලේ මහජන මුදල් බව දන්න නිසා........ දැම්ම කොමිසමක් හොරුටික කපටි නිසා ....... ඉල්ලුව දිගුව හොරු ටික " මහ ගොඩක් " නිසා..... ලැබුන දිගුව 31 වසරත් ඉවර නිසා........

:       4       217

සන්ජේ ද සිල්වා. Friday, 08 December 2017 06:33 AM

මෙම කොමිසමට මුලින්ම කියන්න බරිවුනාද ලබාදුන් දින ප්‍රමාණවත් නොවන බව. ඒ මොනවත් නෙමේ, මේ වාර්තාවෙන් ජනාධිපති දේශපාලන වාසියක් ගන්නයි බලන්නේ. ඇලෝෂියස්ට දුරකථන ඇමතුම් දුන්නේ එජාප අය විතරද, නම් එළියට ආවේ ඔවුන්ගේ විතරයි. හරිම විදිහ සියලුම දෙනාගේ තොරතුරු මාධ්‍යට දීමයි. නැත්නම් ඡන්දය ඉලක්ක කරගෙන වාසි ලබාගන්න මේක උපයෝගී කර ගන්නවා නියතයි.

:       18       237

dahamFriday, 08 December 2017 07:56 AM

යූ.එන්.පී. හොරු ගැන හිතට අමාරුයි වගේ. මොනවා කරන්නද? පනින්නට පෙරයි, හිතා බලන්නට තිබුනේ.

:       32       55

HafeelFriday, 08 December 2017 08:40 AM

පාට පක්ෂ මොනවා වුණත්, ටයි කොට් ඇන්දත් හොරු හොරුමයි. මෙච්චර කල් මිස්ටර් ක්ලීන් කියලා කියාගත්ත උදවියට අද මොකද්ද වෙලා තියෙන්නේ? කෝටි ගණන් වටිනා නිවසක් තෑගි ගත්ත මිනිහට එ්කත් අමතක වෙලා. කොහොමද ගැහිල්ල සර්?

:       0       168

Muhan Friday, 08 December 2017 08:00 AM

බැඳුම්කර ගනුදෙනු 2008- 2015 සඳහා කෝ කොමිසමක්?

:       1       22

sena Friday, 08 December 2017 08:32 AM

ඔව් ඉතින් ඡන්දේදි කියන්න දෙයක් ඕනෑ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 92 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1564 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site