IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


බැඳුම්කර කොමිසමේ වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි

(ඩයනා උදයංගනී)

මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ වාර්තාවෙහි සහ බරපතල වංචා දූෂණ රාජ්‍ය සම්පත් අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් පත්කරන ලද ජනාධිපති කොමිසමේ වාර්තාවෙහි ඇතුළත් කරුණු පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉල්ලීමක් කර ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ඇමති මහින්ද අමරවීර මහතා පැවසීය.

පාර්ලිමේන්තුව වෙනම කැඳවා හෝ මෙම විවාදය පවත්වන ලෙස නිදහස් පක්‍ෂය ඉල්ලීමක් කර ඇතැයිද මහ ලේකම්වරයා සඳහන් කළේය.

අමරවීර මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (4) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (13)

බැඳුම්කර කොමිසමේ වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි

Nimal Thursday, 04 January 2018 08:48 AM

දැන් ජනතාව බලාඉන්නේ මේ හොරුන්ට දඬුවම් කරඉඳියි කියලා.

:       0       0

යහපාලනය යනු Thursday, 04 January 2018 08:55 AM

පාර්ලිමේන්තුවේ දිනකට වියදම කීයද? යහපාලනය යනු එජාපයේ අය කල වැරදි සොයා දඬුවම් දීම වේ. අනෙක් අය කල වැරදි සෙවීම තහනම්...

:       0       0

daham Thursday, 04 January 2018 09:03 AM

අනිත් මොන කොමිසම් එක්කර ගත්තත් වැඩක් නැහැ ළමයෝ, මේ මහා බැංකු මහා මන්කොල්ලෙට රනිල් සහ සිරිසේන යන දෙන්නම වගකියන්න ඕනේ බව මුළු රටම පිළිගෙන ඉවරයි. මහින්දලට මඩ ගහන්න හැදුවට වැඩක් වෙන්නේ නැහැ. මහින්දට තියෙන ජනප්‍රසාදය එන්න එන්නම වැඩි වෙනවා ඔහේලා කරන මෝඩ වැඩ නිසා.

:       0       0

Garaa yakaa Thursday, 04 January 2018 09:24 AM

තොවිලය පටන් අරන් කඩුවෙන් අළු පුහුල් ගෙඩිය කැපුවා විතරමයි. එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් කිව්වලු.

:       0       0

Perakum Thursday, 04 January 2018 09:54 AM

ඔය හදන්නේ වැඩේ තව කල්මරන්නනේ.

:       0       0

de silva Thursday, 04 January 2018 10:13 AM

ඕක ගැන වාද විවාද පවත්වමින් කාලය කන එක බොරු වැඩක්. කරුණාකරලා මේකට අවශ්‍ය සැකකාරයෝ අත්අඩංගුවට අරන් නඩු පවරන්න. ඔවුන්ගේ දේපල තහනම් කරන්න. වංචා කල මුදල් ආපසු ලබාගන්න කටයුතු කරන්න. කරන විවාදයක් හොරු අත්අඩංගුවට අරගත්තට පස්සේ කරන්න. නැත්නම් වාද විවාද කරකර ඉන්න අතරේ සල්ලිත් රටින් පිට කරලා හොරු පැනල යාවි .

:       0       0

Bamunuarachchi Thursday, 04 January 2018 10:13 AM

මොන විවාදේ කලත් අපි තීරණය කරලා ඉවරයි කව්ද වැරදිකාරයො කියලා

:       0       0

sam Thursday, 04 January 2018 10:40 AM

විවාද කරන්න තවත් මොනවද තියෙන්නේ? ඔය හදන්නේ ඡන්දෙ ඉවර වෙනකන් කාලය කා දමන්න. ඒ වෙනකොට මිනිසුන්ගේ අවධානය වෙන අතකට යොමු වෙලා මේ ගැන අමතක වෙලා තියේවි. කරුණාකර මෝරු ටික කූඩු කරලා නඩු දාන්න. අශ්වයා පැනල ගියාට පස්සේ ඉස්තාලය වහලා වැඩක් නැහැ.

:       0       0

Muhan Thursday, 04 January 2018 11:28 AM

මෙම වාර්තාව පාර්ලිමේන්තුවට දැම්මම සුපුරුදු විදිහට මීහරක් වගේ කෑ ගහගෙන කුණුහරුප කියාගෙන දවස් දෙක තුනක් කලාදමවී. එමනිසා මෙම වාර්තාව අපට බලා ගැනීමට ප්‍රසිද්ධ කරන්න . 2008 සිට මෙවැනි වංචා සිදුවී ඇති බව වාර්තාවේ තිබෙන බව ජන්ධිපතිතුමා සදහන් කලා . එම නිසා එම වංචා සෙවීමට කොමිසමක් කඩිනමින් පත් කල යුතුය .

:       0       0

nissanka karunadhipathi Thursday, 04 January 2018 11:45 AM

1) වහාම පාර්ලිමේන්තු පනතක් මගින් මෙම මුදල් අය කර ගැනීමට කටයුතු කළ යුතුයි. 2) රවී කරුණානායකට විරුද්ධව නඩු පැවරිය යුතුයි. 3) 2008 වර්ෂයේ සිට 2015 දක්වා කාලය තුළ මූල්‍ය අක්‍රමිකතා සිදුවී ඇත්ද යන්න සොයා බැලිය යුතුයි. 4) රටේ මූල්‍ය අක්‍රමිකතා සහ අල්ලස් ගැනීම පිළිබඳ සොයා බැලීමට දිගුකාලීන වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයි.

:       0       0

Ranjith Silva Thursday, 04 January 2018 01:33 PM

ඔන්න ඡන්ද රැස්වීම් පාර්ලිමේන්තුවේ තියන්න හොඳ අවස්ථාවක්. පොහොට්ටුව ඉවරයි තමා.

:       0       0

Chandra Thursday, 04 January 2018 03:27 PM

ඇයි පරණ බැදුම්කර ගනුදෙනු ගැන හොයන්නේ නැත්තේ ? නීතිය කාටත් එකයි නම් වහාම හොයල බලන්න. ඊට අමතරව පසුගිය රජයේ සිටි මැතිඇමතිවරුන් මෙපමණ දේපලක් උපාය ගත්තේ කෙසේද යන්න ඉතා වැදගත් ,යහපත් සමාජයක් ගොඩනගන්න. දැන් ඉන්න අයටත් පාඩමක් .

:       0       0

siri Friday, 05 January 2018 10:59 AM

අර කුරුණෑගල මන්ත්‍රීතුමා ඒකටවත් සහභාගී වෙයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2033 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site