IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


බැඳුම්කර කොමිසමේ කාලය දිර්ඝ කරන්නයි ඉල්ලයි

මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ

බැඳුම්කර කොමිසමේ නිල කාලය තවත් මාස තුනකින් දීර්ඝ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කොට ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

බැඳුම්කර කොමිසමේ සාක්කි විමසීමේදී නොසිතූ අන්දමින් හෙළි වු විවිධ තොරතුරු සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට හා සාක්කි විමසීමට සිදුවීම නිසා කොමිසමේ කටයුතු බලාපොරොත්තු වු කාලයේදී අවසන් කිරීමට නොහැකි වීම හේතුවෙන්  මෙම ඉල්ලීම කර ඇතැයි  එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

2015 පෙබරවාරී මස පළමු වැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා මෙම ජනාධිපති පරීක්ෂණ කොමිසම පත් කෙරිණි.

එහි නිල කාලය පසුගිය අප්‍රේල් 27 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබු අතර නියමිත කාලයේදී කොමිසමේ කටයුතු අවසන් කරගැනීමට නොහැකි වීම හේතුවෙන් කොමිසමේ නිල කාලය මාස තුනකින් දීර්ඝ කරන්නැයි කළ ඉල්ලීමකට ජනාධිපතිවරයා අවසර දීම හේතුවෙන් එහි කාලය ලබන 27 වැනිදා තෙක් දීර්ඝ කරන ලදී.



අදහස් (2)

බැඳුම්කර කොමිසමේ කාලය දිර්ඝ කරන්නයි ඉල්ලයි

පිටිගල මිලානෝ Wednesday, 19 July 2017 02:56 AM

බැඳුම්කර හොරාව ඉක්මනින් වැලිකඩ යවමු!

:       0       27

Lapaya Wednesday, 19 July 2017 04:24 AM

2020 වෙනකල් ඇදගෙන යමු.

:       22       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1978 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1549 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site