IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


බැඳුම්කරය ගැන තීරණය 22 දා

(විනීතා එම් ගමගේ)

බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති කොමිසමේ වාර්තාව සහ බරපතල වංචා දූෂණ පිළිබඳ විමර්ශන වාර්තාව පිළිබඳව ගන්නා ඉදිරි පියවර ලබන 22 වැනිදා රැස්වෙන පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කරන බව කතානායක කරු ජයසූරිය මහතා ප‍්‍රකාශ කරයි.

පක්ෂ නායක රැස්වීම 22 උදේ 9.30 ට පැවැත්වෙන අතර 23 වැනිදා පාර්ලිමේන්තුව රැස්වන බවත් මෙම වාර්තා දෙක එදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් කථානායකවරයා පවසයි.

බැඳුම්කර ගනුදෙනුවට අදාළ වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අන්තර් ජාලයට එක්කරනු ලැබූ බව දන්වා ඇතැයි ද මන්ත‍්‍රීවරුන්ගේ විද්‍යුත් ලිපිනයන්ටද එම වාර්තාව යවනු ලබන බවත් ජයසූරිය මහතා පැවැසීය. 

කතානායකවරයා මේ බව පැවසුවේ එකී වාර්තා පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ දී අද (17) පැවති මාධ්‍ය හමුවක දීය.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාරදෙන ලද වාර්තා පිටපත් ද මාධ්‍ය හමුව වෙත ගෙන එනු ලැබ තිබිණි.

‘‘බැඳුම්කර ගනුදෙනුවට අදාළ වාර්තාව සහ බරපතල වංචා දූෂණ පිළිබඳ විමර්ශන වාර්තාව පිළිබඳව විනිවිද භාවයකින් කටයුතු කිරීම පාර්ලිමේන්තුවේ වගකීමයි. තොරතුරු දැනගැනීමේ පනත ගෙන එන්නට මුල් වුනේ පාර්ලිමේන්තුවයි. ඒ නිසයි මේ ගැන දැනුම් දෙන්න මාධ්‍ය කැඳෙව්වේ.

බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ වාර්තාවේ පිටපත් 26 පමණ ලැබිල තියෙනවා. ඒ ඉංග‍්‍රිසි භාෂාවෙන් පමණයි. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව භාෂා තුනෙන්ම වාර්තා  තිබිය යුතුයි. මේ නිසා ජනාධිපති ලේකම්තුමාට කතා කර පරිවර්තන ඉල්ලූවා. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවට මේ කටයුත්ත පැවරීමට තිරණය වී තිබෙනවා. පරිවර්තන ඉක්මනින්ම ලැබේවි.

පසුගිය සතියේ පක්ෂනායක රැස්වීමක්  තිබුණා. ඊට පෙරත් මම ජනාධිපතිතුමාට කතා කරල මේ වාර්තා ඉල්ලූවා. එවිට එතුමා කිව්වෙත් ලිපියක් මඟින් දැනුම් දුන්නෙත් 17 වැනිදා එම වාර්තා එවන බවයි. ඒ අනුව පොරොන්දු වූ පරිදි වාර්තා ලැබී තිබෙනවා. බරපතල වංචා දූෂණ පිළිබඳ විමර්ශන වාර්තාවේ අවසන් වාර්තාව ද ලැබිල තිබෙනවා. එය සිංහල භාෂාවෙන් පමණයි.

මේ වාර්තා පිටපත් පිළිගත් අයට බෙදා හරින්න සුදානම්. බරපතල වංචා දූෂණ පිළිබඳ කොමිසමේ වාර්තා බෙදාහරින්න බැහැ.ඇත්තේ එක පිටපතක් නිසා. මුද්‍රණාලයාධිපති කැඳවලා තිබෙනවා. මුද්‍රණාලය හරහා තවත් පිටපත් මුද්‍රණය කරල මන්ත‍්‍රීවරුන්ට හා මාධ්‍යයට බෙදා දෙන්න බලාපොරොත්තු වෙනවා. සාමාන්‍යයෙන් පිටපත් 300 විතර මුද්‍රණය කරාවි.

මේ කටයුතුවලදී පාර්ලිමේන්තුව සමඟ හෝ ජනාධිපතිවරයා සමඟ ගැටුම් ඇති කර ගන්න මට කිසිම උවමනාවක් තිබුණේ නැහැ. ඒ වගේම අපට කිසිම දෙයක් හංගන්න උවමනාවක් නැහැ.

වාර්තාවේ නම් සඳහන් සියලූ දෙනාට පිටපත් යැවිය යුතුයි. තොරතුරු දැන ගැනීමේ පනත අනුව පිටපත් ඉල්ලූ අයටත් යවා ඇති. මේ වනවිට පක්ෂවලින් පිටපත් ඉල්ලල තියෙනවා. නමුත් දෙන්න පිටපත් නැහැ. ලැබුණු විට දෙනවා. කෙසේ වෙතත් මමත් තවම මේ වාර්තාව කියෙව්වේ නැහැ. අත තිබ්බා විතරයි.’’ යැයි ද ජයසූරිය මහතා පැවැසීය. 



අදහස් (5)

බැඳුම්කරය ගැන තීරණය 22 දා

සපුමල් බණ්ඩාර​ Wednesday, 17 January 2018 11:15 AM

බෝ පැළයක් වගේ හිටපු කථානායකතුමා තමන්ගේ නායකයෝ ආරක්‍ෂා කරන්න ගිහින් විඳින අපහාසයක්...

:       30       173

Raveendra Wednesday, 17 January 2018 11:15 AM

මොන දහන්ගැටේ ගහලා හරි දවසින් දවස ප්‍රමාද කිරීමේ උත්සාහයක් තමයි අපට නම් පේන්නේ. සූත්තර පුංචගේ ආරක්ෂාව ගැන හැමෝම ගොඩක් හිතනවා නේද?

:       96       401

de silva Wednesday, 17 January 2018 11:35 AM

ඔය විවාදෙට ඔය ප්‍රශ්නය ගැන දැනුම් තේරුම් ඇති හැම පක්ෂයකින්ම 5දෙනා බැගින් නම් කරන්න කියන්න. එතකොට මොකක් හරි තීරණයකට ඇවිල්ලා කඩිනම් පියවරක් ගන්න පුළුවන් , නැතුව ඕක විවෘත්ත පාර්ලිමේන්තුවේ විවාද කරන්න ගියොත් නිම වෙන්නේ විශාල ගුටි කෙළියකින්... පාර්ලිමේන්තුවේ 94 දෙනෙක් ඉන්නවා සාමාන්‍ය පෙළවත් සමත් නැති... ප්‍රශ්නේ අවුල් වෙන තරමට බැදුම්කර හොරුත් කැමතියි.

:       258       425

ROSHAN Wednesday, 17 January 2018 12:15 PM

මේවාට සම්බන්ධ හොරුන්ට වහා දඬුවම් දෙන්න ඕනේ...

:       0       22

Rosheen Wednesday, 17 January 2018 12:42 PM

මේක මේ ලිපියට පමණක් නොව සැම එකකටම අදාලයි. සයිට් එකේ ලයික්, අන්ලයික් කෝඩ් එක නියමිත ලෙස සකස් කරන්න.

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2034 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site