
(ලලිත් චාමින්ද සහ ඩී.ජී.සුගතපාල)
බන්ධනාගාර හිටපු අධිකාරිවරයකුට නාඳුනන තුවක්කුකරුවකු අද සවස එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ සිරිල් ධම්මික නමැති හිටපු අධිකාරිවරයෙකි. ඔහු බූස්ස බන්ධනාගාරයේ සේවය කරමින් සිටියදී විශ්‍රාම ගියේය.
හිටපු අධිකාරිවරයා සිය නිවෙස ඉදිරිපිට මිදුල පිරිසිදු කරමින් සිටියදි යතුරු පැදියකින් ආ පුද්ගලයකු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පළාගොස් ඇත.
වෙඩි ප්‍රහාරයෙන් හිටපු අධිකාරිවරයාගේ හිසට සහ මුහුණ ප්‍රදේශයට බරපතල තුවාල සිදුව ඇතැයි ද වාර්තා වේ.




COMMENTS
පුනරුදය මාරයි. ජාතික ආරක්ෂාව බිංදුවයි.
මේවා ඉතාමත් සුළු සිද්දීන් පමණයි. ජාතික ආරක්ෂාවට කිසිසේත්ම තර්ජනයක් නොමැත. අහවල් ඇමැති....
ගාල්ලට පොලිස් ඇඳිරිනීතිය දාලා එකපාර ඔක්කොම සුද්දකරලා දාන්නකෝ අත ගගා ඉන්නේ නැතුව..
ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිගෙන් ටියුෂන් ගත්තා නම් බේරෙන්න තිබුණා. බංකුවක් අරන් එන්න කිව්වානේ…
රටපුරාම දිනපතා මේවගේ ප්‍රවෘත්ති දැන් ඇහෙනවා. මේ මොකක්ද වෙලා තියෙන්නේ...? අත්දැකීම් සහ දැනුම නැති අයට තනතුරු දීලාද? ඇයි මෙහෙම වෙන්නේ. රාජකාරි කරන්න නිලධාරීන් බියට පත් වෙනවා මේවා දැක්කාම. ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා කියලා පිළි අරං මේකට විසඳුමක් ඕන නේද?
බන්දුගේ ඇඩ් විතරමයි.
2017දී බන්ධනාගාර බසයට වෙඩි තියලා, මේ මාත් එක්ක බන්ධනාගාර නිලධාරීන් හා ආරක්ෂක නිලධාරීන් ඇතුළුව හත් දෙනෙක් ඝාතනය කරනකොට මේ යෝග බයියාගේ ජාතික ආරක්ෂාව...
කල යුත්තේ දරුණු ගනයේ දඬුවම් පැනවීම පමණයි
ජාතික ආරක්ෂාවටත් පහලට ඇදමමින් ඇති මෙම කාලකණ්ණි මේ රට විනාශය කරාම ගෙනයමින් ඇත.
ලෝකේ සෑම රටකම මිනි මරුවෝ ඉන්නවා .ඒක කිසිම රටකට වලක්වන්න පුලුවන් දෙයක් නොවෙයි මෑතකදි විශ්‍රාම ගිය ජපන් අගමැති මහ දවල් වෙඩි තියලා මැරුවා .ඇමරිකාවේ පසුගිය වසරේ වෙඩි තැබීම් වලින් 48000 ඝාතනය උනා ඒක ජාතික ආරක්ෂාවට තර්ජනය ක් කියලා කව්රුත් කිව්වේ නෑ.ජනතාව මාලිමාවට ඡන්දය දුන්නේ දෂක ගණනාවක් පාලකයෝ හැදිලා රට විනාශ කරපු නිසාය, රටක වෙන පුද්ගලික අපරාධ වලට බූරු පොලවල්වලත් මරාගන්න එක පවා ජාතික ආරක්ෂාවට තර්ජනය කියලා ජනතාවට රජය කෙරෙහි අප්‍රසාදය ඇති කරන්න හරීම අමාරු දෙයක් වෙන උපක්‍රම උත්සාහ කර බලන්න, මේ රජයට අපි පළමුවරට ඡන්දය දීලා තියෙන්නේ පක්‍ෂ අයිති කරගෙන කරගහ ගෙන යන අය නොවෙයි පසුගිය දශක ගනනාවක් පාලකයන් රට බින්දුවට නැති කරලා දාපු නිසයි, අපි දැක්කා සමුළුවලට හතක් අටක් යන එකට පවුල් පිටින් පුරෝගෙන ගිහින් දුප්පත් මිනිස්සුන්ගේ බුදු මුදල් විනාශ කලේ අම්මගේ බූදලේ වගේ, හොරකම් නාස්තිය නිසා රටක් විතරක් නොව සිල්ලර කඩයක් උනත් සේවකයෝ හොරකම් කරනවනම් වහන්න වෙනවා,ඒක මුදලාලි දැනගත්තු නිසයි හොරු ටික එලෙව්වේ, දැන් හොරකමක් කාලෙකින් අහන්න ලැබුනු නැති නිසා දීපු ඡන්දය ගැන ඉතා සතුටුයි
අර සමහර දකුණු අමෙරිකානු රටවල් වගේ අපේ රටත් ත්‍රස්ත ග්‍රහනයට යටත් වීගෙන එන බව පේනව නේද. ඒ අතර ජාතික ආරක්ෂාව ඉහල මට්ටමක පවතින බව රජය පවසන්නේ ජනතාව බත් කන හරක් මට්ටමට දාල නේද. ප්‍රාදේශීය මැතිවරණ වලදී බලා ගමු. මාලිමාවට චන්දෙ දීපු උන් ඉවරෙටම ඉවරයි…!
පලාතෙ කෙනෙක් අදහස් දුන්න නම් මේකට හේතුව තමන්ම බව පැහැදිලි කරාවි. මම දන්න විදියට මොහුගෙ වත්කම් පරීක්ෂා කලා නම් මේ වැටුපින් ගොඩනගාගත් වත්කම් බැලුවම හේතුව තවත් පැහැදිලි වෙයි. කළකම් පලදෙන එක මොනම ජගතෙකුටවත් වළක්වන්න බැහැ.
අද පැහැදිලිවම පෙනෙන දෙයක් නම්, පොලිසිය ක්‍රියාත්මක වීමට පෙර, මෙවැනි අපරාධකරුවන් බියකින් තොරව වෙඩි තබා පලා යන බවකි. මෙවැනි අවස්ථාවකදී පළාත පුරා පොලිස් ඇදිරි නීතිය පැනවීම සහ මාර්ග බාධක යොදා මෙහෙයුම් ඇරබීම ක්ෂණිකව කල යුතු දෙයකි. පොලිසියට ඒ සඳහා මිනිස් ශ්‍රමය නැතිනම්, රටේ අනිකුත් ආරක්ෂක අංශ වල සහය ඒ සඳහා ලබා ගත යුතුයි. එසේ නොකළහොත්, මහජන ආරක්ෂාව බින්දුවෙන් පහලට වැටෙනවා නියතයි.
බන්ධනාගාර නිලධාරීන්ගෙන් 90% පමණ දුෂිත පුද්ගලයන් වන අතර ඔවුන් සිර කරුවන්ට ටෙලිෆෝන් වැනි දේවල් ඇතුලට ගෙන යාමට මුදල් අයකර පහසුකම් සැපීම ඇතුළු වෙනත් අයතා ක්‍රම වලින් කොටි ගන්නන් මුදල් උපයන අතර විවිධ පතල කල්ලි සහ නායකයන් සමග සමීප සම්බන්ධතා පවත්වන බව කවුරුත් දනිති ඔවුන් විශ්‍රාම ගියපසුද මෙවැනි මාෆියා සමග කටයුතු කරන බව බොහෝවිට නිරීක්ෂණය වේ , මේ වෙඩි තැබීමත් පාතාල කල්ලි සම්බන්ධ ප්‍රශනයක් බව පෙනේ , නැතිනම් මෙච්චර පරිශ්‍රමයක් දරා විනොදෙට විශ්‍රාමික භාන්දනගර නිලධාරියකු මරන්නේ කවුද ?
අතීතයේ වුනු වැරදි උපුටල මේ වැරැද්ද වහන්න උත්සාහ කරන මෝඩ වහලුන් දැනගන්න ඕන, මේ ආණ්ඩුව පත්කරපු ප්‍රධානම තර්කය අතීතයේ වුනු දේවල් නැවත නොවන්න බව. ඒ පොරොන්දුව ඇස්පනා පිට බිඳ වැටෙනකොට ගිය ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ.
දැන් ඉතින් රවුම් කර කර බොරු දෙක තුනක් කිව්වම ඇමතිගේ ඩ්‍රයිවර්ගේ නෑදෑ පරපුරේ ඉන්න මාලිමා ෆෑන්ස්ලා ටික ඔලුව උඩ තියාගෙන ඕවා පිලි ගන්නව. ඒක නිසා භය වෙන්න දෙයක් නෑ. තාම මාස 6යිලුනෙ. උන්ට දැන් වෙලා තියෙන්නෙ ගලේ පහරපු බලලට වෙච්ච වැඩේ. වහන්න බැරි උනාම උන් කියනවා මේ බෙටි ටික ගඳ නෑ කියල.
නියෝජ්‍ය ඇමතිතුමා බූරු කරත්තෙන් එයි. ඇමතිතුමා බහිනකොටම බූරුවා ඔය ඉස්සරහ කොන්ක්‍රීට් කනුවේ බැඳලා තියපල්ලා. නැත්තන් ඌට බූරුව හොයන්න වෙනව මුළු දවසෙම. ප්‍රධාන ඇමතියා රාජපක්ශලාගේ ඇද හොය හොය ඇඳ යටද කොහෙද ඉන්නෙ. ඌව හොයාගන්නත් නෑ. නියෝජ්‍ය ඇමතියා නම් බූරු කරත්තෙන් හරි එනව ඉතින්.
ජාතික ආරක්ෂාව නෙවෙයි, කට්ටියක් කොනක ඉඳන්ම හොර අහුවෙයි කියලා සුද්දයක් දෙනවා වගෙයි පේන්නේ.......
ලක්ෂ දෙකහමාරෙ කට්ටිය ගජරාමෙට වැඩ :)