( ජුඩ් සමන්ත )
වෙන්නප්පුව - වයික්කාල ප්‍රදේශයේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් බස් රථයකට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි වෙන්නප්පුව පොලීසිය කියයි.
අද (30) අළුයම 3.30 ට පමණ මෙම පහර දීම සිදුවී ඇතැයි පොලිසිය පවසයි.බන්ධනාගර බස් රථය අනුරාධපුරයේ සිට වැලිකඩ බන්ධනාගාරය දක්වා ගමන් කරමින් තිබී ඇතැයි ද පොලීසිය කියයි.
අනුරාධපුරයේ පැවති පිච්චමල් පුජාව සදහා සහභාගි වීමට ගිය වැලිකඩ බන්ධනාගාරයේ සිටින නර්තන කණ්ඩායමක රැදවියන් 14 දෙනකු සිද්ධිය වන විට බස් රථයේ සිට ඇත.
ඔවුන් කිසිවෙකුට හානියක් සිදුවී නොමැති බව ද පොලීසිය කියයි.යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු ජලය පිරවූ ලීටර් 2 ½ ක බෝතලයකින් පහර දීම සිදු කර ඇතැයි මූලික විමර්ශනවලදී හෙලිවී ඇත.
පහර දීම සිදු කළ අය පිළිබඳ මෙතෙක් අනාවරණය වී නැත.
ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිිඨයේ දෙවැනි වසරේ සිසුවකු නවක වදය හේතුවෙන් දිවි හානිකර ගෙන ඇති බවට තිබෙන චෝදනාව සම්බන්දයෙන් එයට සමිබන්ද පුද්ගලයන්
ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුවෙකුට එම වසරේම සහ සිව්වන වසරේ සිසු පිරිසකගේ පහරදීමකින් රෝගාතුර ප්‍රතිකාර සඳහා වැලිගම ප
එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව යුද හමුදාව දියත් කළ ක්‍රියාන්විත අතරතුරදී සොයාගන්නා ලද රන් ආභරණ ඇතුළු රත්‍රන් තොගයක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි
මිටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේදි පිහියෙන් ඇන අද සවස පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
බන්ධනාගාර බසයට වයික්කාලේදී ප්‍රහාරයක්
Chandana Sunday, 30 July 2017 06:07 AM
ඕක පෙරහුරුවක් වෙන්න ඇති.. පරිස්සම් වෙන්න.
Sanath Sunday, 30 July 2017 06:21 AM
මේ වෙලාවට තමයි ගෙවල් බිඳින හොරුන්ගේ ඩියුටි ඕෆ් වෙන්නේ. මේ දෙන්නට ප්‍රිසන් බස් එක අන්තිම මොහොතේදී වල කැපුවා වෙන්න ඇති.
srimala Sunday, 30 July 2017 07:53 AM
ඔන්න ඒකාබද්ධයට මාධ්‍ය සාකච්ඡාවක් තියන්න තවත් මාතෘකාවක්..
de silva Sunday, 30 July 2017 12:54 PM
ඕකත් ඔය බීලා ඉන්න මිනිස්සු කණ්ඩායමක් විසිකරපු බෝතලයක් වෙන්න බැරිද? අහන්න බලන්න පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන්...