
(අංජුල මහික වීරරත්න)
බන්ධනාගාර ගතවන භික්ෂූන් වහන්සේලා නඩු කටයුතු ආදිය සඳහා බන්ධනාගාරයෙන් පිටතට වැඩම කරවීමේදී චීවරය සහිතව වැඩම කරවිය යුතු යැයි බන්ධනාගාර ආඥාපනතේ නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කළ යුතු බවට අදාළ කමිටුව නිර්දේශ කර තිබේ.
බන්ධනාගාර ගත ගතවන භික්ෂූන්වහන්සේලා එලෙස චීවරය සහිතව පිටතට වැඩම කළ යුතු වන්නේ අදාළ නිකායේ හෝ පාර්ශවයේ නිර්දේශ මත බවද අදාල කමිටු නිර්දේශයේ සඳහන්ය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසූයේ අදාල අතුරු කමිටු වාර්තාව වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වෙත යවා තිබෙන අතර ඒ අනුව දැනට බලාත්මක නිත්‍ය නියෝග සංශෝධනය කර නව නිර්දේශවල සඳහන් ආකාරයට බන්ධනාගාර නිත්‍ය නියෝග සංශෝධනය කරන ලෙස උපදෙස් දුන් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රථම පියවර සාර්ථකයි .
මාංචුත් දෙනව නේද එලියට වඩිනකොට. නැත්තං හරි නෑ. අර තායිලන්තෙ 22 ලස්සනට තියෙයි.
පල්ලෙගම #2.. ආගම නීතියට වඩා උඩ ගිහින්ද? මම හිතන්නෙ එහෙම නම් දඬුවම් ලබන පොලිස් නිළධාරීන්ට, හෙද හෙදියන්ට, යුධ හමුදා සාමාජිකයින්ට එහෙමත් අධිකරණයට එනකොට නිළඇඳුමෙන් එන්න පුළුවන් වෙන්න ඕන...එක රස්සාවකට විතරක් දෙන වරප්‍රසාදයක් වෙන්න ඕන නෑනෙ...
අනේ මෙහෙම විකාරයක්
ඒක හොදයි. ඒතකොට මුලු ලෝකෙටම බලා ගත හැකි හාමුදුරැවරැන්ගේ නිති විරෝදි වැඩ ගැන.
නීති කඩ කරන, විනයක් නැති, ධර්මයේ හැසිරෙන්න දන්නේ නැති භික්ෂූන් වහන්සේලා වැඩිපුර ඉන්නේ ලංකාවේ කොයි කොයි නිකායවලද කියලා මුළු ලෝකෙටම පෙන්නන්නද මෙහෙම කරන්නේ? නිර්මල බුද්ධ ධර්මය තියෙනවායි තිබෙන ජාත්‍යන්තර පිළිගැනීමට මොකද වෙන්නේ? මේවා ගැන මහා සංඝරත්නය සහ පාලකයෝ හිතන්නේ නැද්ද?
පන්සලෙන් නයිට් ක්ලබ් යනකොට සිවුර කමක් නැද්ද.
මේ වගේ ඉල්ලීමක් කරපු එක ගැන මහනායකලා කවදාහරි පසුතැවිලි වෙයි. දැන් සිවුරු පොරවාගත් හොරු, කුඩුකාරයෝ, බේබද්දෝ සහ ළමා අපචාර කරපු අය සිවුර දාගෙනම ඉඳීවි. මේක බුද්ධ ශාසනයට කරපු ලොකු අපහාසයක්.
ආණ්ඩුවට කෙළවෙන කොට. දැන් බොරු මවා පෑමක් දාලා නාට්‍ය පිටපතක් හදන්න දඟලනවා. මීට පෙරත් බුද්ධ චීවරය ගලවන වාද නැද්ද, මහන කමින් නෙරපානවාද යන්න තීරණය වූයේ ඒ අදාල නිකායේ සංඝ සභාවෙන්. දැන් ජනාධිපති ට ඕන දේවල් කරගන්න ඕන වන විට.. අර සුද්දා හදපු නීතියක් කියාගෙන එකෙන් ගැලවිලා තමන්ගේ අවශ්‍ය තාවය කරගන්න වා. මේක සිංහළ බෞද්ධ රටක්.. තව ලෝකේ කොහෙවත් මේ ජාතිය නැහැ. එළාරලා නැවත ඉපදුනාම ජාතිය. ආගම වනසෙනවා...