IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බොදු බලේට/ රාවණා බලේට/ හිටපු ඇමැතින්ට ඇප

උසාවි නියෝග නොතකමින් ඊට අපහාස වන සේ අල්ලස් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක් කළැයි අද උසාවියට ඉදිරිපත් වූ භික්ෂූන් වහන්සේලා සහ හිටපු ඇමැතිවරු පිරිසක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ඇප මත මුදා හරිනු ලැබූහ.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් අල්ලස් කොමිසමට කැඳවීමට විරෝධය පළ කරමින් ඔවුහු උද්ඝෝෂණය කළහ.

එවැනි උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් අධිකරණය ඊට පෙර දින දුන් නියෝගය කඩ කළැයි කියන රාවනා බලයේ කැඳවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, හිටපු ජනාධිපති උපදේශක බෙංගමුවේ නාලක, ආචාර්ය මැදගොඩ අභයතිස්ස, හිටපු ජනාධිපති උපදේශක වටිනාපහ සෝමානන්ද, අභයාමාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද, බොදුබල සේනා කැඳවුම්කරු විතාරන්දෙනියේ නන්ද , අහුංගල්ලේ සිරි ජිනානන්ද, බියගම සුසීල යන හිමිවරු පිරිසක් අධිකරණයේ පෙනී සිටියහ.

නොතීසි නිකුත් කර තිබුණත් බොදුබල සේනාවේ ගලගොඩඅත්තේ ඥානසාර හිමි අධිකරණයට පැමිණ සිටියේ නැත.

හිටපු ඇමැතිවරුන් වන බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, ගාමිණි ලොකුගේ, එම් එම් චන්ද්‍රසේන, ජානක ප්‍රියන්ත බණ්ඩාර, සරත් වීරසේකර, රොෂාන් රණසිංහ, ජයන්ත කැටගොඩ, උදිත ලොකුබණ්ඩාර, වීරකුමාර දිසානායක, බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග, උදය ගම්මන්පිල, රොජර් සෙනවිරත්න, ජගත් කුමාර,  සුනිල් ජයමිණි, උපාලි කොඩිකාර, මධුමාධව අරවින්ද, අජන්ත ලියනගේ ඇතුළු ගිහියෝ 10 දෙනෙක් ද අධිකරණයේ පෙනී සිටියහ.

මෙම නඩුව අවසන්වන තුරු උසාවියට අපහාස වන තාලයේ උද්ඝෝෂණවල පෙනී නොසිටින ලෙස ගිහි පැවිදි දෙපිරිසට දැන්වූ මහේස්ත්‍රාත් එම කොන්දේසි කඩ කළහොත් ඇප අවලංගු කර ඔවුන් අත්අඩංගුවට ගන්නා බව ප්‍රකාශ කළේය.

හිමිවරුනට රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප නියම විය.

ගිහියනට රුපියල් දස දහසක මුදල් ඇප හා රුපියල් ලක්ෂ දහයක ශරීර ඇපය බැගින් නියම විය.

ජූලි 13 වැනි දා ට පැමිණිල්ල කල් තැබිණි.

DSC_0383 DSC_0395 DSC_0409 DSC_0460 DSC_0501 DSC_0513 DSC_0532 DSC_0553 DSC_0577 DSC_0622 DSC_0627 DSC_0712 DSC_0742

වීඩියෝ සහ ඡායාරූප - ශාන්ත රත්නායක



අදහස් (0)

බොදු බලේට/ රාවණා බලේට/ හිටපු ඇමැතින්ට ඇප

පිවිතුරු යහපාල Friday, 08 May 2015 09:16 AM

යහපාලනෙට ගොට්ට අල්ලනවනම් උසාවියට ගල් ගස්සවල අපහාස කරවපු එව්වෝ යහතින් ඇමතිකම් දරන නැත්නම් රිමාන්ඩ් කරන අගවිනිසුරු බලහත්කාරෙන් ඇදල දොට්ට දාල තමන්ට අවශ්‍ය කෙනා අගවිනිසුරු කරන කලුකොට් සංගමේට අවශ්‍ය විධියට විනිසුරුවන් පත් කෙරෙන මේ පාලනයක් තියෙන රටේ අධිකරණයට තව වෙන මොනවා අපහාස වෙන්නද විනිසුරු තුමෝ..? (බ)

:       0       0

බටගල Friday, 08 May 2015 09:45 AM

කාටත් හොඳ පාඩම්. (නි)

:       0       0

නිහාල් Friday, 08 May 2015 10:40 AM

ඇයි මේ අහිංසක අයට වද දෙන්නේ .(හේ)

:       0       0

අජිත් කලුආරච්චි - අ/පුර Friday, 08 May 2015 01:17 PM

රටකට ඕනෑ අපමණ අගයක්. දැන්නම් දෙන්නේ අපිට අමානුෂික වදයක්. (නි)

:       0       0

හර්ෂලාල් Friday, 08 May 2015 08:40 AM

ඔය නීතිය උතුරු නැගෙනහිරට අදාළ නැතිද ? (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site