IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


‘‘බුදු කුටිය අනවසර ඉදිකිරීමක්‘‘

(ගයාන් සූරියආරච්චි)

ත්‍රිකුණාමලය වරාය වෙරළ තීරයේ ඉදිකළ කුටියක තිබූ බුදුපිළිමයක් ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතින වීඩියෝවක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අනුව එම බුදු පිළිමය සහිත කුටීරය වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසරයෙන් ඉදිකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

එම සිදුවීම මුල්කරගනිමින් විවිධ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් නිර්මාණය වෙමින් පවතින බවද එම කොට්ඨාසය කියයි.

ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා හා දායක පිරිසක් පෙරේදා 16 ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කිරීමට කටයුතු කරන බවට වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ත්‍රිකුණාමලය වරාය පොලිසියට පැමිණිලි කර තිබුණි.

ඒ අනුව ත්‍රිකුණාමලය කොට්ඨාස භාර නිලධාරිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් මෙම අනවසර ඉදිකිරීම නවතා දමන ලෙස දන්වා ඇතත් ඔවුන් එම ඉදිකිරීම නොනවත්වා සිදුකර ඇති බව පොලිසිය පවසයි.

එම බුදු පිළිමය තැන්පත් කර තිබූ ස්ථානයට යාබද ස්ථානයක ද මෙවැනි අනවසර ඉදිකිරීමක් සිදුකිරීම හේතුවෙන් එය ඉවත් කර ගන්නා ලෙසටත් දැනුම් දී තිබු බවත් සිද්ධියට අදාල ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරා විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ට එම ඉදිකිරීම නවතා දමන ලෙසට පරිසර අමාත්‍යංශයෙන් ඉකුත් ඔක්තෝබර් මස 16 වැනි දින ලිඛිතව දැනුම්දී තිබූ බවද පොලිසිය පවසයි.

 



අදහස් (12)

‘‘බුදු කුටිය අනවසර ඉදිකිරීමක්‘‘

harimanis Monday, 17 November 2025 05:17 PM

දකුණු පළාතේ හිතුණු හිතුණු තැන්වල කිසිම බාධාවකින් තොරව කෝවිල් හදන්න පුළුවන් නම්... මොකද අපි කැමැති තැනක බුදුපිළිමයක් තියන්න බැරි. කවුද එතකොට ජාතිවාදීන් අන්තවාදීන්...?

:       27       46

රත්නවීර Monday, 17 November 2025 05:30 PM

ආණ්ඩුවේ සියලු නීති උතුරු නැගෙනහිර සිංහල බෞද්ධයන්ට පමණද? ජාතික කුඩු බලවේගයේ නරුමයන්ට බෞද්ධාගම ඇලජික්ද?

:       27       44

සංජීව Monday, 17 November 2025 07:03 PM

ඉස්සෙල්ලාම කියන්න පිළිමය මහ රෑ පැහැරගෙන යන්න නියෝගය දීපු ඇමැති කවුද කියලා...

:       15       42

chamara Monday, 17 November 2025 07:13 PM

21 රැස්වීමට මිනිස්සු එන්නේ නෑ... කියලා තේරුණාම ආයෙත් ඉතින් පරණ සෙල්ලම පටන් අරන්...

:       46       40

Radha Tuesday, 18 November 2025 04:21 AM

රටේ නීතියක් තියෙනවා, ඒක හැමෝටම පොදුයි. නිසි අනුමැතියකින් තොරව කිසිම ආගමික ස්ථානයක් ආරම්භ කරන්න බැහැ. ඒක පන්සලක් හෝ කෝවිලක් ගැන නෙවෙයි.

:       4       10

Susil Tuesday, 18 November 2025 08:13 AM

ජෙප්පොන්ට බුදුදහම අරහන්. කුහක ජෙප්පෝ කියන්නේ ඒකනේ.

:       9       12

Rata PerataTuesday, 18 November 2025 01:09 PM

නිකන් කාලකන්නි වගේ කතා කරන්න එපා... බෞද්ධාගම කියන්නේ මොකක්ද කියලාවත් දන්නවා නම් ඔහොම කියන්නේනෑ.. නූගත්කම ප්‍රදර්ශනය කරන්න එපා

:       2       2

ajith kumara Tuesday, 18 November 2025 10:10 AM

දැන් අපි මේ තැන බුදු පිළිමයක් තියන්න හදන්නේ ඇයි? මේ ට්‍රින්කෝ ප්‍රදේශයේ යුධ නැව් වලට පන්සල් නැද්ද? සිංහල මිනිස්සුන්ට යුධ නැව් වලට පන්සල් ගොඩක් තියෙනවා. දැන් ලංකාවේ නීතිය හා සාමය හැම කෙනෙකුටම එක වගේ. අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීමේදී බොහෝ දෙපාර්තමේන්තු අවධානය යොමු කරනවා.

:       9       4

අරවින්ද මොණරවිල Tuesday, 18 November 2025 11:04 AM

කස්සපලා වගේ මැරයෝ නටන්නේ කාගේ උවමනාවටද කියලා පැහැදිලියි. උන්ව පාලනය කරන්න මේ ආණ්ඩුවට කොන්ද පණ නැහැ, ආණ්ඩුවේ මහ එවුන්ට අදනකඩක් දැක්කම මුඛ පූට්ටු වෙනවා ! නැත්නම් මේවා මේ තරම් දුර දිග යන්නේ නැහැ.

:       7       4

Lalith Tuesday, 18 November 2025 11:09 AM

ජෙප්පෝයි මාලිමාවොයි තමන්ගේ අම්මලා තාත්තලත් ඔතලා විකුණන ජාතියේ බඩු. උන්ට මොකටද ආගමක් දහමක් ?

:       6       9

Bunny Preena Tuesday, 18 November 2025 11:54 AM

චායාරූපයේ භූමිය බලපුවහම පෙනෙනවා, අලුතින්ම එතැන පොළොව හාරලා කනු හිටවලා තියෙනවායි කියලා. තියෙන්නේ අලුත්ම අලුත් පස. අනවසර ඉඩිකිරීමක් බව හොඳටම පැහැදිලි. සත්‍ය ජය ගනී.

:       5       3

Kamal Tuesday, 18 November 2025 02:33 PM

ඩෝබිලා ලියන දේවල් දැක්කම හිතෙනවා, මුන්ට කොටි ගහලා මදි කියලා.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site