
(රෝෂන් තුෂාර)
භාණ්ඩ ආනයනය කර ශ්‍රී ලංකාවේ රේගුවට රුපියල් කෝටි 17කට අධික බදු ගෙවීම පැහැර හැරී වැල්ලවත්තේ පුද්ගලික සමාගමකට අගෝස්තු 26 වෙනි දින අධිකරණය ඉදිරියේ පෙනී සිට කරුණු දක්වන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (17) සිතාසි නිකුත් කරමින් නියෝග කළේය.
ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් පි.බි.එස්.සී.නොනිස් මහතා ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම සිතාසය නිකුත් කළේය.
වගඋත්තරකාර සමාගම රුපියල් 173838630.00 මුදලක් නොගෙවා පැහැර හැර ඇතැයි රේගුනිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.
පැමිණිල්ල ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විත්තිකාර සමාගමට අගෝස්තු 26 වැනි දින අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙසට නියෝග කරමින් සිතාසි නිකුත් කළේය.
2025 දෙසැම්බර් මස 04
66
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
352
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
365
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බදු පැහැර හැරී වැල්ලවත්තේ සමාගමකට සිතාසි