IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බදුර්දින් කරුවලගස්වැවදී අනතුරක

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

හිටපු අමාත්‍ය හා වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු සමස්ථ ලංකා මුස්ලීම් කොන්ග්‍රස් පක්ෂයෙ නායක මන්ත්‍රී රිෂාඩ් බදුර්දින් මහතා ගමන් ගනිමන් තිබු සුඛෝපභෝගි ජීප් රථය කරුවලගස්වැවදී අද (13) දහවල්  අනතුරකට ලක්ව ඇති බව කරුවලගස්වැව පොලිසිය පවසයි.

රිෂාඩ් බදුර්දින් මන්ත්‍රිවරයා ඔහුගේ ආරක්ෂකයින් සමග මන්නාරම සිට පුත්තලම බලා එමින් සිටියදී කරුවලගස්වැව ඉන්ධන හල ඉදිරීපිටදී යතුරු පැදියක් මාර්ගය හරහා දැමිමට යාමේදි මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.

අනතුරීන් වාහනයෙ මන්ත්‍රිවරයාට හෝ එම වාහනයෙ ගමන් ගත් කිසිවකුටත් අනතුරක් සිදුව නැති බවත්  යතුරු පැදි කරුට සුළු තුවාල සිදුව ඇති බවත් පොලිසිය කියයි. 

කෙසේ නමුත් රිෂාඩ් බදුර්දින් මන්ත්‍රිවරයා ගමන් ගත් වාහනය රියදුරුට පාලනය කර ගැනිමට නොහැකි වි මාර්ගයෙන් ඉවතට පැන අසල කානුවක ගැටි නැවති ඇති බව පොලිසිය කියයි.

අනතුර හේතුවෙන් තුවාල ලැබු යතුරුපැදිකරු පුත්තලම මුලික රෝහලට යැවිමට කරුවලගස්වැව පොලිසිය කටයුතු කර තිබුනී.

කරුවලගස්වැව පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක සුජීව අලවත්ත මහතා ඇතුළු රථවාහන අංශ නිළධාරීන් අනතුර සම්බන්ධව පරික්ෂණ ආරම්භ කර ඇති බව කියයි.



අදහස් (6)

බදුර්දින් කරුවලගස්වැවදී අනතුරක

Prabha Saturday, 13 July 2024 02:58 PM

මගේ බලාපොරොත්තුව සඵල වෙලා නෑ.

:       3       24

fairoos Saturday, 13 July 2024 03:56 PM

නඩුවක් තමයි එහෙනම්...! 

:       0       8

ජයනාත් Saturday, 13 July 2024 05:07 PM

යාපනෙ ඉඳලා පුත්තලම ට ආපු හැටි මතක් වෙනවා .

:       0       8

Ruwan De Silva Saturday, 13 July 2024 05:08 PM

ඒ අස්සේ ඩිලාන් පෙරේරාත් හැප්පිලා ලු, මම හිතන්නේ රටේ අනාගතය සුභයි

:       2       16

Hafiz Saturday, 13 July 2024 05:31 PM

අධිකරණ නියෝගෙට ගස් වවලා යන ගමන් මහන්සියට නින්ද ගිහින් වෙන්න ඕනෑ...

:       1       9

පිටිගල මිලානෝ Saturday, 13 July 2024 05:55 PM

ඕං නමෝ… කන්ටේනර් දෙයියා වඩින්න..

:       2       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 866 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site