
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩායමක් ඇමරිකාවට පිටත්ව ගිය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දඹුල්ලේ දී අද (20)පැවසීය.
බද්දේ බලපෑම අවම වන පරිදි විසඳීමකට පැමිණීමට හෝ එවැනි බදු පැනවීමක් වලක්වා ගැනීම සඳහා රජය උත්සාහ කරන බවද ජනාධිපතිවරයා කීය.
ලෝකය අපට ඕන විදිහට හසුරවන්න බැරි බව කී ජනාධිපතිවරයා ලෝකයේ ආර්ථිකයට, ආරක්ෂාවට විවිධාකාරයෙන් බලපාන තීන්දු තීරණ, විවිධ රාජ්‍යයන් විසින් ගන්නා නමුත් එම තීරණ වලට බලපෑම් කරන්න හැකියාවක් නොමැති බව සඳහන් කළේය.
"එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බද්දක් ගහපු හැටියේ කට්ටියක් ප්‍රීතියෙන් පිනා ගියා.බද්ද මාස තුනක් කල් දැම්මාට පස්සේ ඔවුන්ගේ කන් කඩා වැටුණා.මොකක් හරි වෙලා මේකට අනතුරක් වේවා කියමින් ඔවුන් ප්‍රාර්ථනා කරමින් ඉන්නේ" යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.
ලෝකයේ කුමන ආකාරයේ සුළියක් හැමුවත් නොසැලෙන වර්ගයේ ආර්ථිකයක් නිර්මාණය කරන්න උත්සාහ කරන බව ද ජනාධිපතිවරයා කීය.
පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයේ ජය තහවුරු කිරීම සඳහා දඹුල්ලේ පැවති ජන රැළියකදී ජනාධිපති අනුර දිසානායක මහතා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිළා විසදුම වගේ ද.....
අනුරට ශ්‍රී ලංකාව ගැන ආදරයක් තියෙනවා නම්, මේ වෙලාවේ ඔහු මෝඩයෙක් වගේ හැසිරෙන්නේ නැහැ. ශ්‍රී ලංකාව අනතුරේ. ජනාධිපති ට්‍රම්ප් එහි නිලධාරියෙකුට වඩා මැදිහත් වන නිසා, නියෝජ්‍ය ඇමතිවරයෙකු යැවීමෙන් ගැටලුව විසඳෙන්නේ නැහැ. මෙහි රාජ්‍ය තාන්ත්‍රික වීමට වැඩි යමක් ඇති අතර එය දේශපාලන සාකච්ඡාවකි. ඉන්දීය අගමැති ඇමරිකා එක්සත් ජනපදය සමඟ හොඳ ගනුදෙනුවක් කළා. අනුර සහ එහි පාලනය මෙහි ළමා නාට්‍යයක් රඟපානවා.
ආණ්ඩුවේ නිකම්මු නිකම් කාලේ කාදමමින් විපක්ෂයේ විවේචකයන්ට පහර ගැසීම විතරමයි කලේ.
අනුර ලියපු ලිපියත් අරන් යන්න ඇති.