(තරිඳු ජයවර්ධන)
ඌව මහඇමතිවරයා විසින් දණගස්වනු ලැබූ බව කියන බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයයේ විදුහල්පතිනිය ආර්.භවානි මහත්මිය මීට ටික වේලාවකට පෙර කොළඹ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණියාය.
විමර්ශනයේ වගඋත්තරකරුවන් වන ඌව පළාතේ අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සහ බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාද පැමිණ සිටිති. පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය උදේ 9.55 වන විටත් පැමිණ නොසිටියාය.
මානව හිමිකම් කොම්සමේ විභාගය තව සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බදුල්ල විදුහල්පතිනිය මානව හිමිකම් කොම්සමේ
kumu Thursday, 25 January 2018 05:59 AM
වැඩක් නෑ ගරු ගුරුතුමිය මේකට ගියා කියල.. අපි හරි අවාසන්වන්තයි..
Sunil Thursday, 25 January 2018 06:22 AM
විදුහල්පති ගුරු මාතාව නිර්දෝෂ නිසයි ඇයට කිසිදු බියක් සැකයක් නොමැතිව මෙම ස්ථානයට එන්න පිළිවන් උනේ? අනික් කට්ටිය කඩේ ගිහින්. ඒ නිසා එන්න බැරිවෙන්න ඇති.
නුවරඑළියේ සාන්ත හිමි Thursday, 25 January 2018 06:32 AM
ඔබතුමියට ජයවේවා!
sam Thursday, 25 January 2018 06:41 AM
හොඳට කල්පනා කරලා බැලුවාම ලංකාවේ අසාධාරණයට ලක්වෙච්ච අති මහත් බහුතරයක් පාඩුව හෝ අවමානය විඳ ගෙන නිකං ඉන්නවා කියන එක පුදුමයක් නොවේ . අර පසුගිය දිනවල ගැබිනියක් කියලා පාසලෙන් අස් කරපු ළමයාගේ දෙමව්පියන්ට එදා වේල හොයන එක අත හැරලා කොළඹ එන්න උනා . මේ විදුහල්පතිනියටත් බදුල්ලේ ඉඳලා පසුගිය දින කීපයම කොළඹ එන්න උනා . මේක ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ අසාධාරණයට ලක් වෙච්ච පුද්ගලයින්ව තවදුරටත් අපහසුවට ලක් කිරීමක් නේද ?? . මේකෙන් දෙන පුර්වාදර්ශය නම් "මොන අසාධාරණයක් උනත් පාඩුව විඳගෙන අවමානය විඳගෙන නිකං ඉන්න. එහෙම නැතුව නීතියේ පිහිට පතනවානම් හොඳ පරිප්පුවක් කන්න ලැහැස්ති වෙලා නීතිය ඉදිරියට යන්න" කියන එක නේද ??
sampath pathirana Thursday, 25 January 2018 06:47 AM
මට වෙලාවකට හිතෙනවා මේ ගුරුවරියත් මොකක් හරි කුමන්ත්‍රණයකට අහු වෙලා කියලා......................
Sathyayaa Thursday, 25 January 2018 06:59 AM
කොමිෂන් තිබුණා කියා මානව අයිතිවාසිකම් කඩ කිරීම් නතර නොවන්නේ මානව අයිතිවාසිකම් යනු කුමක්ද කියා පවතින ආණ්ඩුවවත්, නීතිය හා සාමය ආරක්ෂා කරන පිරිස් වත් නොදන්නා නිසයි. ප්‍රථමයෙන්ම ඒ පිරිස් මේ පිළිබඳව දැනුවත් වෙලා ඉන්න ඕනේ.