IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


බදියුදීන්ගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට

 

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (7) තීන්දු කළේය.

පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ කුමන හෝ කරුණක් මත  හා වෙනත් ත්‍රස්තවාදී ක්‍රියාවක් සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා ඉදිරිපත් කර තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින්, එය වළක්වාලන අතුරු  නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම අයිතිවාසකම් පෙත්සම ගොනු කර තිබිණි.

මෙම පෙත්සම සම්බන්ධයෙන් නීතිපතිවරයා ගොනු කළ මූලික විරෝධතා පිළිගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

බුවනෙක අළුවිහාරේ , එල්.ටී.බී දෙහිදෙණිය සහ එස්.තුරේරාජා යන මහත්ම මහත්මීන්ගෙන් යුතු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.

මෙලෙස අත්අඩංගුවට ගැනීමේ අවධානම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති ආසන්නතම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීරණය කරන ලෙසත්, ඒ වෙනුවෙන් රුපියල් කෝටි පහක වන්දි මුදලක් ඉල්ලා හිටපු අමාත්‍ය හා සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාද් බදියුදීන් මහතා ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පරීක්ෂණ ඒකකයේ ස්ථානාධිපති රවින්ද්‍ර විමලසිරි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක , නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ, වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න, නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

ඒ අනුව එම ආසන්නතම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසත් , මෙම පෙත්සම විභාගයට ගන්නා ලෙසත් , වන්දි ලෙස රුපියල් කෝටි පහක මුදලක් අය කර දෙන ලෙසත් පෙත්සම්කරු සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

එසේම පාස්කු ඉරුදින ප්‍රහාරය හෝ වෙනත් ත්‍රස්ත ක්‍රියාකාරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ද පෙත්සම්කාර හිටපු අමාත්‍යවරයා සිය පෙත්සමෙන් ඉල්ලා සිටී.

පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ ගෞරි සංගරි තවරාසා මහත්මියගේ උපදෙස් මත ජනාධිපති නීතීඥවරුන් වන ෆායිස් මුස්තාෆා සහ අනුජ ප්‍රේමරත්න යන මහත්වරුන් පෙනී සිටියහ.

නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ මහතා පෙනී සිටියේය.



අදහස් (4)

බදියුදීන්ගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට

Bamunuarachchi Friday, 07 August 2020 11:08 AM

නඩු නොඅසා හිරේ දානවා නම් අපි බොහෝම කැමැතියි.

:       120       334

BamunuarachchiFriday, 07 August 2020 02:48 PM

හිරේ නොදා ඊට වඩා ලොකු දඬුවමක් දෙනවා නම් අපි ඊටත් වඩා කැමැතියි.. අපිට ඕන සංහිඳියාවක් නැහැ.

:       0       1

සමිත සේනක අලුත්ගමගේ. Friday, 07 August 2020 11:59 AM

මම නම් මේ ජනාධිපතිතුමාට කැමති එතුමා මේ අන්තවාදීන් මෙල්ල කළා. ඔවුන්ට ඕනඕන විදිහට නටන්න ඉඩ දුන්නේ නෑ. පෙර රජයන්වලදී මොවුන් අරාබි නීතිය මේ රටේ ස්ථාපිත කරන්න දැඟලුවා. දැන් වැඩේ වරදින්න යන බව දැනිලා බය වෙලා. කළකම් පල දෙනවාමයි. ආයේ ඒකෙන් බේරෙන්න බැහැ. වැරදි කරලා තිබෙනවා නම්, මේ පාර නම් ගැලවුමක් නැතිවෙයි.

:       29       450

Pradeep Friday, 07 August 2020 02:00 PM

දිනුවා කියලා නිකන් මේර පාලනය කරන්න හදන්න එපා , ඔයාලට ඕන විධිහට උසාවිය , පොලිසිය වැඩ කරන විධිහට, කාට වූනත් සදාරණයක් කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 426 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16828 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 651 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site