(අංජුල මහික වීරරත්න)
අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි ආචාර්ය මැදගම ධම්මානන්ද නා හිමි ප්රමුඛ ත්රෛනිකායික මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් බුද්ධශාසන අමාත්යාංශ "දහම්පය" පරිශ්රයේ දී බුද්ධශාසන සභාව අද (20) රැස්විය.
බුද්ධ ශාසන සභාව රැස්වීමේ සුවිශේෂ කාරණාව බවට පත් වූයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධව සමාජයේ පැන නැගී තිබෙන කරුණු පිළිබඳ මහා සංඝරත්නයේ අදහස් යෝජනා ලබා ගැනීම සහ රජය වශයෙන් ගෙන ඇති ක්රියාමාර්ග පිළිබඳව මහා සංඝරත්නය දැනුවත් කිරීමයි.
ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කමිටුවේ සභාපතිවරයා ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාංශය ලේකම් ප්රින්ස් සේනාධිර මහතා කමිටු යෝජනා පිළිබඳව මහා සංඝරත්නය දැනුවත් කරන ලදී. පනතේ 356 සහ 550 වගන්ති සංශෝධනය කිරීම සඳහා ගෙන එන ලද යෝජනා පිළිබඳව ද පැහැදිලි කෙරිණි.
බන්ධනාගාර ගත කරන ලද බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් නැවත උසාවියට ඉදිරිපත් කරන අවස්ථාවක දී හෝ වෙනත් කටයුත්තක් සඳහා බැහැරට ගෙනයාමේ දීී චීවරය සහිතව ගෙනයාම පිළිබඳව අදාළ නිකාය පාර්ශ්වයේ හෝ සංඝ සභාවේ නිර්දේශ මත ක්රියා කළ යුතු බවට වන යෝජනාව මෙහිදී මහා සංඝරත්නයට ඉදිරිපත් කෙරිණි.
එම කමිටු නිර්දේශය මහා සංඝරත්නයේ අනුමැතියට ලක් වූ අතර මෙම නීතිය ප්රායෝගිකව භාවිත කිරීම සම්බන්ධයෙන් ත්රෛනිකායික මහා සංඝරත්නය පාර්ශ්ව 31 හෝ සංඝ සභාව, එකතු වී සාකච්ඡා කර සුදුසු පොදු වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව මහා සංඝරත්නයේ අදහස විය.
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි , නියෝජ්ය අමාත්ය ගමගෙදර දිසානායක , අමාත්යාංශ ලේකම් ප්රින්ස් සේනාධිර , බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්.එම්.ජී සේනාරත්න මහතා ඇතුළු පිරිස මීට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිහා ගැන ඇයි ඔයතරම් දුක් වෙන්නෙ. ගිහියෙක් වත් මේ විදියට හැසිරෙන්නෙ නැහැ. අබුවන් තියාගන දරුවන් හදා ගන. දුම්පානය මත්පැන් පානය රාත්රියටත්. දන් වලදමින් බොරුවට සිව්රක්. දරමින්. ලෝකය හිනස් සනවා. වෙන ආගම් වල වගේ. පල්ලියට ගියා ජේසු ගේ පිලිමය ලට ගිහින් වැන්දා ගෙදර ගියා. ෆාදට වදින්න යන්නෙ නැහැ ලෝගුව දාන් හිටියා කියලා. මුස්ලිම්. අයත් ඒවගෙ. අනිත් අයත් කෝවිල් ගිහින් වැදලා. පිලිමවලට ගෙදර යනවා. පන්සල් ගිහින් ඒ විදියට කරන්න. මොකටද සාදුට වදින්නෙ. එයාව බුදු හිමියන්ට සසදන්න පුලුවන්ද. බුදුහිමියන්ගෙ. පිලිරුව ලගින්. චීවරයක් තියන්න ඒ ඇති. මිනිසුන් වැදලා ගෙදර යයි. එතකොට කාන්තාවන් වුනත් ලැගුම් ගෙට යන්න වෙන්නෙ නැහැ හාමුදුරුවන් හොයන්. අපේ රටේ විතරයි. මේ වගෙ හාමුදුරු වරු දුදිත විදියට හැසිරෙන්නෙ. නායක හාමුදුරුවරුත්. ලමා අපයෝජන කරන කොට. කවුද ඉන්නෙ බුදු ගුන කියලා යහමගට ගන්න පොඩී සාමනේර වරුන් සහ රටේ ජනතාව. ස්වල්ප දෙනෙක් ඉන්නවා සීලය රැකගන. නමුත් ඒ කට්ටිය. ගිහියන්ගෙන් ඈත් වෙලා ඉන්නෙ ඒකටත්. එක්ක. මේ කට්ටිය.
තායිලන්ත 22 ට සිවුරෙන් එන්න දුන්නැත්තම් මම ලෙමන් පෆ්, තැඹිලි වතුර උපවාසයක් මැරෙන්න ලංවෙනකම්ම කරනවා.
වැරදි කරලා හිරේ යන හාමුදුරු හොරුන්ගේ සිවුර ගලවන්න මහනායකලාට පණ නැති නිසානේ මේ සේරම.