(ආරියරත්න රණබාහු)
දශක හයකට ආසන්න කාලයක් මෙරට වේදිකා, චිත්‍රපට සහ ටෙලිනාට්‍යවල චරිතාංග රංගන ශිල්පියකු වූ බුද්ධි වික්‍රම මහතා හෝමාගම රොහලේදී අද (5) සවස අභාවප්‍රාප්ත වූයේය.
මියයන විට 84 වන වියේ පසුවූ ඒ මහතා එක්දරු පියෙකි.
1965 දී ජී.ඩී.එල්. පෙරේරා නිෂ්පාදනය කළ සාමා චිත්‍රපටයෙන් සිනමා ලොවට පිවිසි බුද්ධි වික්‍රම මහතා ඉන්පසු සම්මානනීය චිත්‍රපට රැසක විවිධ චරිත නිරූපනය කළේය.
ඔහු රඟපෑ චිත්‍රපට අතර සැඩොල් කඳුලු, වැලිකතර, හාර ලක්ෂය, තරංගා, අම්මේ ඔබ නිසා, වන බඹරු, අන්තිම රැය සහ රාජ්‍ය සේවය පිණිසයි ඒ අතර වේ.
චිත්‍රපට සහ වේදිකා නාට්‍යවලට වඩා බුද්ධි වික්‍රම මහතා රසිකයන් අතර වඩාත් ජනප්‍රිය වූයේ ටෙලිනාට්‍ය රංගනයෙන්ය.
ඔහු රංගනයෙන් දායකවූ ටෙලිනාට්‍ය සංඛ්‍යාව 20 කට ආසන්නය. ඒවා අතර අඹ යහළුවෝ, දූ දරුවෝ, කුමාරි හාමි, හිරුට මුවාවෙන් ,පළිඟු මැණිකේ, පිටගම්කාරයෝ, පුංචි හපන්නු, තාරාදේවි, සොදුරු සිතැත්තී සහ සුසීමා ද වේ.
බුද්ධි සේන දයාරත්න වික්‍රම නමින් ගාල්ලේදී උපත ලද ඒ මහතා බුද්ධි වික්‍රම නමින් කලා නොවෙහි හැඳින්විය. බුද්ධි වික්‍රම මහතා ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙයකි.
දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ සාමාජිකයෙක් පැවැසුවේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
බුද්ධි වික්‍රම රඟ මඩලෙන් බැසයයි
Tissa Thursday, 05 January 2023 08:49 PM
තවත් කනගාටුදායක ආරංචියක්. බුද්ධි වික්‍රම මහතාට නිවන් සුව අත්වේවා.
Nilu Thursday, 05 January 2023 08:55 PM
නිවන් සුව ලැබේවා!
Buddika Friday, 06 January 2023 07:50 AM
නිවන් සුව ලැබේවා
Senarath Friday, 06 January 2023 09:05 AM
ඔබට නිවන් සුව අත්වේවා
iks chandrasiri Friday, 06 January 2023 12:03 PM
නිවන් සුව ලැබේවා පියාණනි