IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


බුද්ධික - සුජීව එජාප මන්ත්‍රීවරුන්ගේ රැස්වීම මගහරිති

රංජන් කස්තුරි 
 
රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පෙරවරුවේ පැවති එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවට බුද්ධික පතිරණ සහ සුජීව සේනසිංහ යන මන්ත්‍රීවරුන් පැමිණ නොතිබිණි.

 
බුද්ධික පතිරණ සහ සුජීව සේනසිංහ මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ බවට ප්‍රතිචාරයක් පැතිර ගොස් තිබිණ.



අදහස් (20)

බුද්ධික - සුජීව එජාප මන්ත්‍රීවරුන්ගේ රැස්වීම මගහරිති

amila Sunday, 18 February 2018 08:54 AM

අපි කැමති වුණත් අකමැති වුණත් පිළිගන්න ඕනෑ සත්‍යය තමා මහින්ද මහතා යටතේ ජනාදිපතිවරණයක් යලිත් ජයගත නොහැකි බව. එසේ නම් කල යුත්තේ රාජපක්ෂවරුන්ගෙන් තොරව පොහොට්ටුව ප්‍රතිසංවිධානය කිරීමයි.

:       1848       1638

piyalSunday, 18 February 2018 09:35 AM

අමිල මහතා, මොකද රාජපක්ෂ වරුන්ට බය ඔය තරම්? ඉස්සෙල්ලම තිස් වතාවක් පැරදුණු රනිල්ගෙන් තොර ඒජාපයක් හදන්න.

:       1158       1451

රජින්ද Sunday, 18 February 2018 09:41 AM

අමිල, ඔයා පිළිගන්න අකමැති වුණත් සත්‍ය තමයි ජනාධිපතිවරණයට ගෝඨා නැතුවම බැරි බව. පොහොට්ටුවේ ජය ගෝඨා සමග ඉදිරියටම යනු ඇති.

:       1146       1299

RasiSunday, 18 February 2018 10:25 AM

පහුගිය කාලෙත් කිය කියා හිටියේ ඔය ටික තමයි. මේ ඡන්දෙන් පස්සේ රාජපක්ෂලා අනාගන්නවා කියලා. දැන් කියනවා ජනාධිපතිවරණය ඇන ගන්නවා කියලා. ඉතින් රනිල් දාලා, ඊළඟ ජනාධිපතිවරණයටත් ඉදිරිපත් වෙන්නකෝ බලන්න. ස්ථීරයටම 31වන වතාව. 2010, 2015 වගේම නැත්තම් හංසයෙක් ඇඟේ එල්ලෙන්න වෙන්නේ...

:       162       252

ShobaSunday, 18 February 2018 10:41 AM

පැහැදිලිවම ගොඨාභය ඉතා පහසුවෙන් ජනාධිපති වනු ඇත...

:       307       564

jeewaSunday, 18 February 2018 11:46 AM

සුජීව, බුද්ධිකලා ළඟට මහින්දව අදාල කරගන්නේ මොකද? අමිලට මහින්ද දිනුවට පස්සේ උතුර දකුණ මාරු වෙලා වගේ?

:       22       155

BamunuarachchiSunday, 18 February 2018 12:11 PM

මහින්දට ජනාධිපතිකම එපා... එයාව අගමැති කරන්න ඉතුරු හරිය එයා බලා ගනීවි...

:       2       43

Maaraya Sunday, 18 February 2018 08:55 AM

දෙන්නා එකතු වෙලා පොතක්වත් ලිව්වා වත්ද?

:       71       248

rama Sunday, 18 February 2018 09:00 AM

සූත්තර පුංචා මොනවා හරි කරන්න වගේ...

:       256       98

Ratnamalala Sunday, 18 February 2018 09:08 AM

බල්ටියක් ගහන්න වගේ... ඇමති කමක් නැතුව බුද්ධික දුකෙන් ඉන්නේ. ලොක්ක සැලකුවේ නැහැ. එහෙම වුනොත් දොස් කියන්නත් බැහැ.

:       315       381

පටබැඳි Sunday, 18 February 2018 10:05 AM

රත්නමල්ල මහත්මාගේ අදහසට මමත් එකඟයි. කෝ ඉතින් බුද්ධික මල්ලි කැමති වුනේ නෑනේ ලොක්කගේ ඉල්ලීමට. එහෙම වුනානම් ඇමතිකමක් ලැබිලා. හා හා හා. බුද්ධික මන්ත්‍රීතුමා දක්ෂයෙක්. නමුත් පක්ෂයෙන් තැනක් දුන්නේ නෑනේ...

:       262       335

P. IlangaratneSunday, 18 February 2018 10:19 AM

බල්ටි ගහන්න බැහැ බුද්ධිකට. එජාප එකෙන් යන්නේ නැහැ කියලා ලේ වලින් අත්සන් කරලා තියෙන්නේ...

:       1       74

Ruwan Sunday, 18 February 2018 09:21 AM

සුජීව බැඳුම්කරයෙන් බේරෙන්න ආණ්ඩුවට පනින්නද හදන්නේ? බලමු මෛත්‍රිගේ යහපාලන තීරණය කොහොම වෙයිද කියලා.. මහජනතාව අවධියෙන්..

:       329       76

sirimal Sunday, 18 February 2018 09:39 AM

කටකතා දවසේ පුවත වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මේ නාඩගමේ ප්‍රධාන චරිතය කිසිම ප්‍රශ්නයක් සිදුවී නැතුවාසේ ගොළුවත රකිමින් කල් මැරීමය. ඒ අවුඅස්සේ එක එක්කෙනා තමන්ට බඩගෝස්තරය සපයන්නන්ගේ පරමාර්ථ ඉෂ්ඨ කරගැනීමේ ඒකායන අරමුණෙන් එකම කාරණාව පිළිබඳව දවස පුරා එකිනෙකාට පරස්පර තර්ක ඉදිරිපත් කරමින් මහජනයා ගේ ඉස්මොළ කුරුවල් කිරීමේ අමන උත්සාහයකද යෙදී සිටිති. මේ සියලුම දෙනා ඉදිරිපත් කරන්නේ ගොබ්බ තර්ක බව කියන අයද ඇත. නමුත් එවන් ගොබ්බ තර්ක දැන් ශුභාරංචි බවට පත්වෙමින් පවති. මූසිලගේ ගුණමකුකම් කෙරෙහි හටගත් වික්ෂෝපයෙන් එදා ගුත්තිල පඬිතුමා වතුරේ ගසාගෙන යන ලී කොටයක් ගැන කිව්වා යැයි සඳහන් කවියක් මෙහිදී අපට සිහිපත් වෙයි. බලයට, ධනයට කෙළහලමින් හතර අතේ දුව පැන ඇවිදින නූතන මූසිලයෝ හැම පැත්තේම ඉන්නා බව දැන් දැන් ප්‍රත්‍යක්ෂ වෙමින් පවතී. මේ අතරේ ඉන්නා සුදනන් කවුද? දුදනන් කවුද? කියා හෙට අනිද්දාම දැනගන්නට හැකිවෙනු ඇත. මේ උදාවී ඇත්තේ කවුරු කවුරුත් මුවහත් දැලිපිහි තලවලින් කිරිපැණි අනුභව කරමින් ගෙවන අමුතුම ජාතියේ සංක්‍රාන්ති කාලයකුයි.

:       256       184

Raveendra Sunday, 18 February 2018 10:28 AM

එක හාදයෙක් නම් තව අලුත් පොතක් ලියන්න කරුණු හොයන්න හතර වටේටම දුරකථන ඇමතුම් ගන්න ගිහින්. පොතේ මාතෘකාව "තමන් උපන් බිමට හෙන හත ගැහුවත් කමක් නැත මම බලයේ සිටින්නේ කෙසේද" . ඉතාමත්ම කාලෝචිත මාතෘකාවක් පොත හොදින් විකිණේවි. ඉතින් මේ පුද්ගලයා කෙසේ හෝ සුත්තර පුංචාව ගැන ගුණ වයාවි.

:       347       723

Senarath Sunday, 18 February 2018 10:45 AM

දිනපු ගමන් තඹ කන්ටේනර් වගයක් ටැක්ස් නැතුව බේරන්න ගිහිල්ල අහුවුණා නේද? ඡන්දෙ කාලේ නම් කිව්වේ "අපි හොරු නෙමෙයි" කියලා. ඒ වුණාට බැඳුම්කරෙන් සහසුද්දෙන්ම ඔප්පු වුණානේ.

:       58       102

Sambo Sunday, 18 February 2018 12:28 PM

බුද්ධික එජාපයට ඔබ වගේ අය ඕනෑ. නමුත් සූට් නොවෙන අය ගෙදර ගියදෙන්...

:       3       4

චන්දා Sunday, 18 February 2018 01:12 PM

රටේ ප්‍රධාන පුවත් මේවාද? එක එක්කෙනාගේ බහුභූත.. අපිට පාන්ද?.

:       0       13

Hafeel Sunday, 18 February 2018 02:48 PM

රනිල්ගේ නායකත්වය යටතේ සුදුස්සන්ට තැනක් නැහැ. බුද්ධික අවංකවම වැඩ කරන කෙනෙක්. නමුත් එතුමාට තැනක් නැහැ. රනිල් වටේ ඉන්නේ දූෂිතයින්. දැන් ආරංචි වෙනවා රවී, කබීර්, මලික් ගැන...

:       0       0

amila reck Sunday, 18 February 2018 02:54 PM

කවුරු ආවත් වැඩක් වෙන්නේ නැහැ. ලංකාව කවදාවත් ගොඩ ගන්න බැහැ. එහෙම වෙන්නේ රටට ආදරය කරන නායකයන්, මිනිසුන් හිටියොත් පමණයි. කොච්චර කවුරු කෑ ගැහැව්වත් වැඩක් වෙන්නේ නැහැ. තියෙන ණය ගොඩෙන් බේරෙන්න කවදාවත් බැහැ. එකම දෙයක් වෙනවා. සියලුම මන්ත්‍රීවරු ගොඩ යන එක විතරයි වෙන්නේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 112 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site