(සමන් පාලිත නානායක්කාර )
කෝවිඩ් රෝගියකු හමුවීම නිසා බණ්ඩාරවෙල තොග පොල අද (29 ) තාවකාලිකව වසා තැබීමට පියවර ගත් බව බණ්ඩාරවල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී එම් ආර් දිසානායක මහතා පැවසීය.
බණ්ඩාරවෙල මාතැටිල්ල ආසාදිත පුද්ගලයාගේ මාමා තොග පොළේ සේවය කරන අතර ඔහුගේ බිරිද සහ දියණියට ද කෝවිඩ් 19 වැළඳී ඇති බව පීසී ආර් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
මේ දින වල බණ්ඩාරවෙල තොග පොළට පාරිභෝගික කටයුතු වෙනුවෙන් පැමිණි සියලු දෙනා මේ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ද ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය සහාය ලබාදෙන ලෙසද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක දිසානායක මහතා ඉල්ලා සිටියේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බණ්ඩාරවෙල තොග පොළ වසා දමයි
ධනා Thursday, 29 October 2020 08:07 AM
තොග පොලවල් වලට එළවළු ගේන අය ගොඩක් හවසට බාර් ගිහින් අඩිය ගහලා ගෙදර යන්නේ. බාර්වල සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදිනවා වගේම බීපු ඈයෝ බස් වලත් පිළිවෙලට යනවා කියන්න අපි දන්නවනේ. බාර් වහන්න කියලා ගොඩක් අය කිව්වත් ඒක නෑහෙන එකනං ලොකු ගැටලුවක්