IMG-LOGO

බණ්ඩාරගම රූපලාවණ්‍ය ශිල්පිණියගේ මරණය සැකයක් ?

බණ්ඩාරගම සංඝමිත්තා මාවතේ රූපලාවන්‍ය ශිල්පිණියක් (30) සිරුරට ගිනි ඇවිලීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි. ඇය නියෝජ්‍ය ඇමැති අජිත් පී.පෙරේරාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකුවූ ලසන්ත ජානක පෙරේරා ගේ බිරියයි.

ගයනි ලංකාධාරී නමැති ඇගේ සිරුරට පසුගිය 25 වැනිදා ගිනි ඇවිලීමෙන් පසු සැමියා හා අසල්වාසීන් එක්ව ගින්න නිවා රෝහල් ගත කැර තිබුණු අතර අද කොළඹ ජාතික රෝහලේදී ඇය මිය ගියාය.

ඇගේ සැමියාගේද සිරුරට ගිනි ඇවිලීම හේතුවෙන් ඔහුද පානදුර රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

ඇගේ මරණ පරීක්ෂණය හා වෛද්‍ය වාර්තා පිළිනොගන්නා බව කියමින් ඇයගේ ඥාතීන් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක මොහොමඩ් අෂ්රොෆ් රූමි මහතා ඉදිරියේ කලබලකාරී ලෙස හැසිරීම නිසා ඇගේ මළ සිරුර පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණයක් අද පැවැත්වීමට නියෝග කැරිණි. ඒ අනුව පානදුර මහේස්ත්‍රාත් කල්හාරි කාංචනා ලියනගේ මහත්මිය අද (27) ස්ථාන පරීක්ෂණයක් කළාය.

ගින්න නිවා දැමීමට රූපලාවන්‍ය ශිල්පිනියගේ සැමියා හා එක්වූ අසල්වාසීන්ට ඉදිරි දිනයක සාක්කි දීම සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙසත් මළ සිරුර සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට මාළිගාකන්ද අධිකරණ මහේස්ත්‍රාත් කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.

ajithp_2016527 ajithp_2016527-2 ajithp_2016527-3ajithp_2016527-4 ajithp_2016527-5



අදහස් (0)

බණ්ඩාරගම රූපලාවණ්‍ය ශිල්පිණියගේ මරණය සැකයක් ?

ඔෂානි Saturday, 28 May 2016 05:18 AM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

හුසේන් මොහමඩ් Saturday, 28 May 2016 05:32 AM

කාන්තාවක් පොඩ්ඩක් විතර හෝ ලස්සන වුණා කියන්නේ, නිදහස අඩුවෙන එක සහ වැලනොකැඩී ප්‍රශ්න ඇතිවෙනවා කියන එකයි (නි)

:       0       0

ටිකිරි Saturday, 28 May 2016 05:35 AM

හිතේ තිබුන ගින්න තදවෙලා මුළු ගෙයම ගිනි ගත්තද කවුද දන්නේ? (නි)

:       0       0

සරත් Saturday, 28 May 2016 05:47 AM

අන්තිමට කටකතා ඇත්ත වෙන්න පුලුවන් (නි)

:       0       0

රන්දික Friday, 27 May 2016 02:34 PM

ගිනිතියලද ..?..ගිනි අරගෙනද ..? (බ)

:       0       0

අමා Saturday, 28 May 2016 06:25 PM

තාජුඩීන්ගේ මරණය වගේ මෙයත් ඉදිරියට ගෙනියන්න බැරිද? (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Friday, 27 May 2016 05:08 PM

අද කාලේ මිනිසුන් තමන් විසින් තමන්වම ගස් බැඳගන්නා කාලෙක, තමන් විසින්ම මඩු වලිගෙන් තලාගන්නා කාලෙක, මේකත් ඇය විසින් ගිනි තබාගත් බවට තීන්දු වෙයි (නි)

:       0       0

සේමිණී Friday, 27 May 2016 05:35 PM

අද කාලේ සිද්ධවෙන දේවල් වල හැටියට සැකනොකරත් බැහැ තමයි (නි)

:       0       0

කිත්සිරි Friday, 27 May 2016 05:39 PM

තව දින කිහිපයකින් ඇත්ත දැනගන්න පුළුවන්වෙයි (නි)

:       0       0

සත්‍යයා Saturday, 28 May 2016 12:33 AM

කොයි මරණය ගැනද දැන් කාලේ සැක නොහිතෙන්නේ? (නි)

:       0       0

ලක්විදු Saturday, 28 May 2016 03:08 AM

දේශපාලකයෙක් ගෑවී තිබීම, රූපලාවන්‍යය, ඉබේ ගිනිගැනීම...... සියල්ලම ඉතා පැහැදිලියි. (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Saturday, 28 May 2016 03:10 AM

මෙවැනි සිදුවීම් ලංකාවේ ඒ කාලෙත් සිද්ධ වුණා. මේ කාලෙත් සිදුවෙනවා. අනාගතෙත් සිදුවේවි. ඒක කාලයේ ප්‍රශ්නයක් නෙමෙයි. යහපත් සහ අයහපත් ගති පැවතුම් තියෙන මිනිසුන් අප සමාජයේ ඉන්නා නිසයි එහෙම වෙන්නේ. (නි)

:       0       0

සුමිත්‍රා Saturday, 28 May 2016 04:33 AM

පුදුම දේවල් තමයි දැන් කාලේ සිද්ද වෙන්නේ.ලස්සන කිරි දරුවෙක් අමතක කරලා පුච්ච ගනීද.(කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 12 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 179 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 504 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site