සිය බෑණා ගේ පිහිපහරින් බරපතල තුවාල ලැබූ බව කියන දීපිකා සංජීවනී ජයවර්ධන (45) දෙදරු මව සතියකට පමණ පසු අද (2) පෙරවරුවේ මිය ගිය බව රෝහල් ප්‍රකාශකයෙක් කීය. ඉකුත් 26 වැනි දා අලුයම ගලෙන්බිඳුනු වැව නිවසේ දී සිදු වූ මෙම පිහි ඇණුමින් ඇගේ වැඩමහල් දියණිය (22) පසුගිය 26 වැනි දා මිය ගියාය. මියගිය දීපිකාගේ බෑණා මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන සිටියි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.